සීනි
From Wikipedia, the free encyclopedia
සීනි යනු රසායනික, පැණි රස ගණයට අයත්, බොහෝවිට ආහාර සඳහා යොදාගනු ලබන ද්‍රව්‍යකට භාවිතා කරන පොදු නමකි. එය කාබන්, හයිඩ්රජන් සහ ඔක්සිජන් වලින් සැඳුම් ලත් කාබෝහයිඩ්රේට ය. විවිධ මූලාශ්‍ර වලින් ලැබෙන විවිධ වර්ගයේ සීනි ඇත. සාමාන්‍ය සීනි මොනොසැක්‍රයිඩ නමින් හඳුන්වන අතර එහි ග්ලූකෝස් (ඩෙක්ස්ට්‍රෝස් නමින්ඳ මෙය හඳුන්වයි), ෆෲක්ටෝස් සහ ග්ලැක්ටෝස් අඩංගු වේ. ආහාරයන් සඳහා සිරිත් පරිදි/චාරිත්‍රානුකූලව යොදා ගන්නා මදක් කැටිගැසුණු හෝ රළු සීනි බෝහෝ විට සුක්රෝස්, එනම් ඩයිසැකරයිඩය (ශරීරය තුලදී සුක්රෝස්, ෆෲක්ටෝස් සහ ග්ලුකෝස් බවට විච්ඡේදනය වේ). අනෙකුත් ඩයිසැකරයිඩ වර්ග මෝල්ටෝස් හා ලැක්ටෝස් වේ. රසායනික අතින් වෙනස් පැණි රස ද්‍රව්‍යය තිබුන ද, ඒවා සීනි යන නාමය යටතේ වර්ගීකරණය නොකෙරේ. කෘතිම රසකාරකවල විස්තර කර ඇති පරිදි ඉන් සමහරක් සීනි ආදේශකයක් ලෙස අඩු කැලරි සහිත ආහාර සඳහා භාවිතා කෙරේ.
Nutritional value per 100 g (3.5 oz) | |
---|---|
Energy | 1,619 kJ (387 kcal) |
Carbohydrates | 99.98 g |
- Sugars | 99.91 g |
- Dietary fiber | 0 g |
Fat | 0 g |
Protein | 0 g |
Riboflavin (vit. B2) | 0.019 mg (2%) |
Calcium | 1 mg (0%) |
Iron | 0.01 mg (0%) |
Potassium | 2 mg (0%) |
Percentages are relative to US recommendations for adults. Source: USDA Nutrient Database |
Nutritional value per 100 g (3.5 oz) | |
---|---|
Energy | 1,576 kJ (377 kcal) |
Carbohydrates | 97.33 g |
- Sugars | 96.21 g |
- Dietary fiber | 0 g |
Fat | 0 g |
Protein | 0 g |
Water | 1.77 g |
Thiamine (vit. B1) | 0.008 mg (1%) |
Riboflavin (vit. B2) | 0.007 mg (1%) |
Niacin (vit. B3) | 0.082 mg (1%) |
Vitamin B6 | 0.026 mg (2%) |
Folate (vit. B9) | 1 μg (0%) |
Calcium | 85 mg (9%) |
Iron | 1.91 mg (15%) |
Magnesium | 29 mg (8%) |
Phosphorus | 22 mg (3%) |
Potassium | 133 mg (3%) |
Sodium | 39 mg (3%) |
Zinc | 0.18 mg (2%) |
Percentages are relative to US recommendations for adults. Source: USDA Nutrient Database |
සීනි, බෝහෝ ශාක පටක වල සොයාගැනීමට තිබුනද, කාර්යක්ශමව නිස්සාරණයට ප්‍රමාණවත් සාන්ද්‍රයක් සහිතව සොයාගත හැක්කේ උක් ගසෙන් සහ ශුගර් බීට් නැමති සීනි බහුලව පවතින අල වර්ගයකිනි. උක් ගස යනු ඈත අතීතයේ සිටම නිවර්තන දේශගුණයේ වගා කරනු ලබන විශාල තෘණ වර්ගයකි. බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල හා ඇමෙරිකාවේ සීනි වගාවට අවශ්‍ය වටපිටාව සැකසීමත් සමඟ 18 වන සියවසේදී එහි නිෂ්පාදනයේ විශාල ප්රසාරණයක් ඇති විය. මෙය ආහාර පැණි රස කිරීම සඳහා පෙරාතුව පැණි යොදාගත් සාමාන්‍ය ජනතාවට සීනි ප්‍රයෝජනයට ගැනීමට හැකියාව ලැබුණු ප්‍රථම අවස්ථාවයි. අල බෝගයක් වන ශුගර් බීට් යන්න ශීත දේශගුණයේ වගා කල අතර 19 වන සියවසේ සීනි ලබා ගැනීමේ ප්‍රධාන මූලාශ්‍රය බවට පත් විය. සීනි නිෂ්පාදනයේ සහ වෙළදාමේ පියවර මිනිස් ඉතිහාසයේ විවිධ වශයෙන් වෙනස්කම් වලට භාජනය වී ඇත. එය ජනපද බිහිවීම, වහල්භාවය, ගිවිසුමකට බැඳී සිටින ශ්රමයට පරිවර්තනය, පුද්ගල සංක්රමන, 19 වන සියවසේ සීනි වෙළදාම පාලනය කරන රටවල් අතර ගැටුම් සහ නව ලෝකයේ ජන වාර්ගික සංයුතිය හා දේශපාලන ව්‍යුහය බලපෑම් ඇති කරන ලදී.
2011 වසරේදී ලෝකයේ සීනි නිශ්පාදනය ටොන් මිලියන 168 කි. සාමාන්‍ය මිනිසෙකුගේ වාර්ෂික සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 24 (කාර්මික රටවල කිලෝග්‍රෑම් 33.1) කි. එය එක් මිනිසෙක් සඳහා එක් දවසකට කැලරි 260 ට වැඩි ආහාර ප්‍රමාණයකට සමාන වේ. සීනි වලින් ජවයක් ලැබෙන අතර ඉන් කැලරි හෝ පෝෂණයක් නොලැබේ.
විසිවන සියවසේ අග භාගයේ සිට සීනි අධික ආහාර, විශේෂයෙන්ම ශෝධිත සීනි ශරීර සුවතාවය සඳහා නරකද යන්න පිලිබඳව සැකයක් පැවතිණි. සීනි භාවිතය තරබාරුකමට හා දියවැඩියාව ඇතිවීමේ සැකය සමඟ, හර්ද රෝග, ඩිමෙන්ශියාව, ඇස් නොපෙනී යාම සහ දත් දිරා යාම හා සම්බන්ධ වී පවතී. මේ තත්වය පැහැදිලි කර ගැනීමට බොහෝ විචාර කර ඇති නමුත් එහි ප්‍රතිථල විශාල වශයෙන් නොපැහැදිලි තත්වයක පවතී. පාලකයක් ලෙස, සීනි භවිතා නොකරන ජනතාව සොයා ගැනීමට හැකි වීම මෙසේ වීමට ප්‍රධාන හේතුවකි.