සාමා සටන
From Wikipedia, the free encyclopedia
ඔක්තෝම්බර් 19, 202 ක්‍රිපූ සමීප වකවානුවෙහි සටන් වැදුනු සාමා සටන විසින්, දෙවන පියුනික් යුද්ධයෙහි අවසානය සනිටුහන් කරන ලදි. නියුමිඩියානු නායක මාසිනිස්සාගේ තීරක සහයෝගයද සහිතව, පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ ආෆ්රිකානුස් (ස්කීපියෝ) විසින් නායකත්වය සැපයුනු රෝමානු යුද්ධ හමුදාවක් විසින්, සේනාධිපති හැනිබල් විසින් මෙහෙයවුනු කාර්තජේනියානු සේනාවක් පරාජයට පත් කලේ, හැනිබල් විසින් සංඛයාමය උත්තරීතර බවක් දරමින් සිටියදීය. ඔහුගේ හමුදාව බෙහෙවින් සමන්විත වූයේ මෑතදී බඳවාගත් භටයන් වෙතින් වූ හෙයින් සහ ඉතාලියේදී මහත් සඵලත්වයකින් හැනිබල් විසින් මෙහෙයවුනු පාරට්ටුකාර නියුමිඩියානු අශ්වාරෝහක හමුදාව ඒ වන විට පැති මාරු කොට රෝමානු පාර්ශවයෙහි වු හෙයින්ද මෙය මෙසේ වූයේය.
සාමා සටන | |||||||
---|---|---|---|---|---|---|---|
දෙවන පියුනික් යුද්ධය හි කොටසකි | |||||||
![]() | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
![]() |
![]() නියුමිඩියා රාජධානිය | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
හැනිබල් |
ස්කීපියෝ ආෆ්රිකානුස් මාසිනිස්සා | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
40,000: 36,000 පාබල හමුදාව 4,000 අශ්වාරෝහක හමුදාව 80 යුද්ධ හස්තීන්[1] |
35,100: 29,000 පාබල හමුදාව 6,100 අශ්වාරෝහක හමුදාව[1] | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
20,000 මිය ගියහ 20,000 අල්ලා ගති |
2,500 මිය ගියහ 4,000 තුවාල ලදි |
හැනිබාල්ගේ යුද්ධ හස්තීන් ව්‍යකූල කොට පරාජය කර හැකි මගක් ස්කීපියෝ විසින් තේරුම් ගෙන සිටි අතර, මෙය සිදු කිරීමෙන් අනුතුරුව ඔහුගේ සේනාව විසින් කාර්තජේනියානු පාබල හමුදාවට මහත් පරාජයක් අත් කර දුන්නේ පාර්ශවික ලෙසින් රෝමානු අශ්වාරෝහක හමුදාවේ උත්තරීතර බව නිසාය. තම භූමියේදී පරාජය කරනු ලැබීමෙන් පසුව, කාර්තජේනියානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සාමය සඳහා අයැදුම් කල අතර, රෝමානු ජනරජය විසින්–නින්දා පමුණුවන කොන්දේසි යටතේ–එය ඔවුනට ලබාදීමෙන් 17-වසර යුද්ධය නිමාවට පත් කෙරිණි.