![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/49/Mahabalipuram_Mahishasura_2.jpg/640px-Mahabalipuram_Mahishasura_2.jpg&w=640&q=50)
මහීෂාසුරමර්දිනී මණ්ඩප
ගලින් නෙළූ ලෙන් දේවාලය / From Wikipedia, the free encyclopedia
මහීෂාසුරමර්දිනී මණ්ඩපය (ලෙන් දේවාලය; යම්පූරි ලෙස ද හැඳින්වේ)[1] යනුවෙන් හැඳින්වෙන්නේ පසුකාලීන 7වන සියවසට අයත් පල්ලව රාජවංශයේ ඉන්දියානු ගලෙන්-නෙළූ ගෘහනිර්මාණ ශිල්පය සඳහා මනා නිදසුනකි. මෙම ලෙන් දේවාලය ඇතුළු මාමල්ලපුරම්හි සෙසු ලෙන් කඳුගැටයක් මත ප්‍රදීපාගාරයක් අසල පිහිටා ඇත. මෙය පුරාතන විශ්වකර්ම ස්ථපතිවරුන්ගේ අනර්ඝ නිමැවුමක් ලෙස සැලකේ. මාමල්ලපුරම් හෙවත් මහාබලිපුරම් යනු ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ චෙන්නායිවලට දකුණින් පිහිටි කුඩා ගම්මානයකි.[2] මෙම දේවාලය ඇතුළත් මහාබලිපුරම් ස්මාරක සමූහය 1984දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස අභිලේඛනය කෙරිණි.[3] මෙම දේවාල විශේෂ ලක්ෂණ ගණනාවකින් යුතු අතර, ගර්භගෘහ තුනෙහි ඇති බිත්ති තුන මත ඇති අනර්ඝ කැටයම්වලට ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් හිමි වේ. ඉන් එකක විෂ්ණු පෙන සත්ක ඇති නාගයකු වන ආදිසේෂ නාගයා මත වැතිර සිටිනු නිරූපිත ය. තවත් කැටයමක දේවාලයේ ප්‍රධාන දේවතාවිය වන දුර්ගා මී ගව හිසක් සහිත මහීෂාසුර වනසන අයුරුත්, තෙවන ගර්භගෘහයෙහි නැවත විෂ්ණුගේ ප්‍රතිමාවකුත් දැකගත හැක.[4][5] මෙම ලෙන තුළ පුරාණවල (ක්‍රි.ව. 5වන සියවසට අයත් සංස්කෘත බසින් රචිත හින්දු මිත්‍යා කථා) එන දර්ශන රැසක් දැකගත හැක.
මශීෂාසුරමර්දිනී මණ්ඩප මහීෂාසුරමර්දිනී ලෙන් දේවාලය | |
---|---|
![]() මහීෂාසුරමර්දිනී ගලෙන් නෙළූ මණ්ඩපය | |
මූලික තොරතුරු | |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | කාංචීපුරම් දිස්ත්‍රික්කය |
ජනපදය | තමිල් නාඩු |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | පල්ලව රාජවංශ |
අභිලේඛන | 1984දී යුනෙස්කෝවේ ආසියා-පැසිෆික් යටතේ අභිලේඛිත |