මදුරෛ නායක් රාජවංශය
රාජවංශය / From Wikipedia, the free encyclopedia
මදුරෛ නායක්වරුන් යනුවෙන් හැඳින්වෙන්නේ 1529 සිට 1736 පමණ දක්වා වර්තමාන ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ වැඩි ප්‍රදේශයක පාලනය ගෙනගිය දෙමළකරණය වූ තෙලිඟු සම්භවයක් සහිත පාලකයන් පිරිසකි.[1][2] මොවුන්ගේ අගනගරය වූයේ මදුරෛ ය. නායක් රාජ්‍ය සමය තුළ කලාවන් දියුණු වූ අතර, සංස්කෘතික සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණ රැසක් ද ක්‍රියාත්මක විය. එසේම දිල්ලි සුල්තාන්වරුන් විසින් විනාශ කොට තිබූ දේවාල ගණනාවක් යළි ජීවමාන කරවූ මොවුහු අනන්‍ය ගෘහනිර්මාණ ශෛලියක් ද හඳුන්වා දුන්හ.
මදුරෛ නායක් රාජවංශය | |
---|---|
1529–1736 | |
![]() ක්‍රි.ව. 1570 පමණ මදුරෛ නායක් රාජධානියේ ව්‍යාප්තිය. | |
අගනුවර | මදුරෛ (1529–1616) තිරුචිරපල්ලි (1716–1736) |
පොදු භාෂා(ව) | දෙමළ, තෙලිඟු |
රජය | ආණ්ඩුකාරවරු, අනතුරුව රාජාණ්ඩුව |
ඉතිහාසය | |
• Established | 1529 |
• අහෝසි කළේ | 1736 |
පූර්වප්‍රාප්තික රාජ්‍ය
|
අනුප්‍රාප්තික රාජ්‍ය
|
කැඩීගිය රාජ්‍ය
|
මදුරෛ නායක් රාජවංශයේ රජවරු සහ රාජ්‍යාධිකාරී රැජිනියෝ | |
---|---|
තමිල් නාඩුවේ ඉතිහාසය පිළිබඳ ලිපි මාලාවේ කොටසකි | |
![]() | |
මදුරෛ නායක් පාලකයින් | |
විශ්වනාථ නායක් | 1529–1563 |
කුමාර ක්‍රිෂ්ණප්පා නායක් | 1563–1573 |
හවුල් පාලකයින් සමූහය I | 1573–1595 |
හවුල් පාලකයින් සමූහය II | 1595–1602 |
මුත්තු ක්‍රිෂ්ණප්පා නායක් | 1602–1609 |
මුත්තු වීරප්පා නායක් | 1609–1623 |
තිරුමලෛ නායක් | 1623–1659 |
මුතු අලකාඩ්රි නායක් | 1659–1662 |
චොක්කනාථ නායක් | 1662–1682 |
රංගක්‍රිෂ්ණා මුතු වීරප්පා නායක් | 1682–1689 |
මංගම්මාල් රැජින‡ | 1689–1704 |
විජය රංග චොක්කනාථ නායක් | 1704–1731 |
මීනාක්ෂි රැජින‡ | 1731–1736 |
‡ රාජ්‍යාධීකාරී රැජිනියන් | |
අගනුවරවල් | |
මදුරෛ | 1529–1616 |
තිරුචිරපල්ලි | 1616–1634 |
මදුරෛ | 1634–1665 |
තිරුචිරපල්ලි | 1665–1736 |
ප්‍රධාන බලකොටු | |
මදුරෛ 72 අට්ටාල බලකොටුව | |
තිරුචිරපල්ලි ගල් බලකොටුව | |
ඩින්ඩිගුල් බලකොටුව | |
තිරුනෙල්වෙල්ලි බලකොටුව | |
වෙනත් යුධ බලකොටු | |
නාමක්කාල් බලකොටුව | |
සංකගිරි බලකොටුව | |
අතූර් බලකොටුව | |
මාලිගා | |
තිරුමලෛ නායක් මහල්, මදුරෛ | |
චොක්කනාථ නායක් මාලිගය හෙවත් දර්බාර් ශාලාව, තිරුචිරපල්ලි | |
රාණි මංගම්මාල් තමුක්කම් මාලිගය, මදුරෛ | |
මදුරෛ නායක්වරුන්ගේ සම්භවය ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තමිල් නාඩුවේ බලීජා හි යුධමය වෙළඳ ප්රජාවකින් ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[2][3][4]
මෙම රාජවංශයට පාලකයින් 13 දෙනකු ඇතුළත් වූ අතර, ඉන් 9 දෙනකු රජවරුන් ද, දෙදෙනකු රැජිනියන් ද වූ අතර, දෙදෙනකු හවුල් පාලනයක් ගෙනගොස් තිබේ. මෙහි වඩාත්ම වැදගත් පාලකයන් වන්නේ තිරුමල නායක රජ සහ මංගම්මාල් රැජිනයි. මෙකල විදේශ වෙළඳාම ප්‍රධාන වශයෙන් ලන්දේසීන් සහ පෘතුගීසීන් විසින් මෙහෙයවූ අතර, බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශවරුන් මේ වන විට එම ප්‍රදේශයට පැමිණ නොතිබිණි.