![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c5/Tirumalai_Nayak.jpg/640px-Tirumalai_Nayak.jpg&w=640&q=50)
මංගම්මාල්
ඉන්දියානු රාජ්‍යාධිකාරී රැජින / From Wikipedia, the free encyclopedia
රාණි මංගම්මාල් (මරණය 1705) යනු වර්තමාන ඉන්දියාවේ මදුරෛ ප්‍රදේශයේ පිහිටා තිබූ මදුරෛ නායක් රාජධානියේ ක්‍රි.ව. 1689-1704 දක්වා සිය මුණුපුරා වෙනුවෙන් රාජ්‍ය පාලනය මෙහෙයවූ රාජ්‍යාධිකාරී රැජිනකි. ජනාදරයට පත් පරිපාලකයකු වූ ඇය වර්තමානයේ පවා සිහිපත් කෙරෙන්නේ ඇය විසින් ඉදිකළ මාවත් හා වීදි, දේවාල, වැව් සහ වර්තමානයේ පවා භාවිතයේ පවතින මහජන ගොඩනැගිලි හේතුවෙනි. එසේම ඇය ඇගේ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික සහ දේශපාලන ඥානය නිසාත්, සාර්ථක යුධ ආක්‍රමණ නිසාත් ප්‍රචලිත ය. ඇගේ සමයේ මදුරෛ රාජධානියේ අගනුවර වූයේ තිරුචි ය.
Quick Facts මදුරෛ නායක් රාජවංශයේ රජවරු සහ රාජ්‍යාධිකාරී රැජිනියෝ, මදුරෛ නායක් පාලකයින් ...
මදුරෛ නායක් රාජවංශයේ රජවරු සහ රාජ්‍යාධිකාරී රැජිනියෝ | |
---|---|
තමිල් නාඩුවේ ඉතිහාසය පිළිබඳ ලිපි මාලාවේ කොටසකි | |
![]() | |
මදුරෛ නායක් පාලකයින් | |
විශ්වනාථ නායක් | 1529–1563 |
කුමාර ක්‍රිෂ්ණප්පා නායක් | 1563–1573 |
හවුල් පාලකයින් සමූහය I | 1573–1595 |
හවුල් පාලකයින් සමූහය II | 1595–1602 |
මුත්තු ක්‍රිෂ්ණප්පා නායක් | 1602–1609 |
මුත්තු වීරප්පා නායක් | 1609–1623 |
තිරුමලෛ නායක් | 1623–1659 |
මුතු අලකාඩ්රි නායක් | 1659–1662 |
චොක්කනාථ නායක් | 1662–1682 |
රංගක්‍රිෂ්ණා මුතු වීරප්පා නායක් | 1682–1689 |
මංගම්මාල් රැජින‡ | 1689–1704 |
විජය රංග චොක්කනාථ නායක් | 1704–1731 |
මීනාක්ෂි රැජින‡ | 1731–1736 |
‡ රාජ්‍යාධීකාරී රැජිනියන් | |
අගනුවරවල් | |
මදුරෛ | 1529–1616 |
තිරුචිරපල්ලි | 1616–1634 |
මදුරෛ | 1634–1665 |
තිරුචිරපල්ලි | 1665–1736 |
ප්‍රධාන බලකොටු | |
මදුරෛ 72 අට්ටාල බලකොටුව | |
තිරුචිරපල්ලි ගල් බලකොටුව | |
ඩින්ඩිගුල් බලකොටුව | |
තිරුනෙල්වෙල්ලි බලකොටුව | |
වෙනත් යුධ බලකොටු | |
නාමක්කාල් බලකොටුව | |
සංකගිරි බලකොටුව | |
අතූර් බලකොටුව | |
මාලිගා | |
තිරුමලෛ නායක් මහල්, මදුරෛ | |
චොක්කනාථ නායක් මාලිගය හෙවත් දර්බාර් ශාලාව, තිරුචිරපල්ලි | |
රාණි මංගම්මාල් තමුක්කම් මාලිගය, මදුරෛ | |
Close
Quick Facts රාණි මංගම්මාල්, රාජ්‍ය සමය ...
රාණි මංගම්මාල් | |
---|---|
මදුරෛ නායක් රාජධානියේ රාජ්‍යාධිකාරී රැජින | |
![]() මදුරෛ නායක් රාජවංශයේ මංගම්මාල් රැජින | |
රාජ්‍ය සමය | ක්‍රි.ව. 1689– 1704 |
පූර්වප්‍රාප්තිකයා | රංගක්රිෂ්ණ මුතු වීරප්පා නායක් |
අනුප්‍රාප්තිකයා | විජය රංග චොක්කනාථ නායක් |
උපත | මදුරෛ |
මරණය | 1705 පමණ මදුරෛ; වර්තමාන තමිල් නාඩු, ඉන්දියාව |
වල්ලභයා | චොක්කනාථ නායක් |
වංශය | මදුරෛ නායක් |
පියා | තූපකුල ලිංගාම නායක |
Close