බුධ
From Wikipedia, the free encyclopedia
බුධ යනු හිරුගේ සිට පළමු වැනියට පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වේ. හිරුට ආසන්නයේම පිහිටා අති මෙය කි.මි.4,887 ක විශ්කම්භයකින් යුක්තය. අධික උෂ්ණත්වයකින් යුතු මෙම ග්‍රහයා තුල ජලය නොමැත.දිවාකාලයේ උෂ්ණත්වය කෙල්වින් 673කි.එය රාත්‍රියට 175 කි. මෙහි ජීවී වාසයක් නොමැත. මෙහි චුම්බක ක්ෂේත්රය පෘථිවිය මෙන් 1% කි.අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීම එයට හේතුවයි. ඉලිප්සාකාර කක්ෂයක සූර්යයා වටා ගමන් කරන බුධ ග්‍රහයා තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 58ක් සහ පැය 15ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 88ක් ගත වේ.
නිලනාමයන් | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ශබ්දනැගීම | /en-us-Mercury.oggˈmɜrkjəri/ | ||||||||||||
කක්ෂීය ලක්ෂණ[1] | |||||||||||||
කාලාරම්භය J2000 | |||||||||||||
අඩ-මහා අක්ෂය | 57,909,100 km 0.387 098 AU | ||||||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.205 630[2] | ||||||||||||
කක්ෂීය කාලාවර්තය | පෘථිවි දින 87.9691 බුධ (සූර්ය දින) 0.5 | ||||||||||||
චන්ද්‍ර කාලාවර්තය | දින 115.88[2] | ||||||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | තත්පරයට කි.මී. 47.87[2] | ||||||||||||
මධ්‍යන්‍යය විෂමතාවය | 174.796° | ||||||||||||
ආනතිය | 7.005° 3.38° 6.34° to [3] | ||||||||||||
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 48.331° | ||||||||||||
පරිතාරාන්තිකයේ විස්තාරය | 29.124° | ||||||||||||
චන්ද්‍රිකා | නැත | ||||||||||||
භෞතික ගුණාංග | |||||||||||||
මධ්‍යන්‍යය අරය | 2,439.7 ± 1.0 km[4][5] | ||||||||||||
Flattening | 0[5] | ||||||||||||
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | 7.48×107 km²[4] | ||||||||||||
පරිමාව | 6.083×1010 km³[4] 0.056 Earths | ||||||||||||
ස්කන්ධය | 3.3022×1023 kg[4] | ||||||||||||
මධ්‍යන්‍යය ඝණත්වය | 5.427 g/cm³[4] | ||||||||||||
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | තත්පරයට මීටර් 3.7[4] | ||||||||||||
මිදුම් ප්‍රවේගය | තත්පරයට කි.මී. 4.25[4] | ||||||||||||
නක්ෂත්ර භ්‍රමණ කාලාවර්තය | දින 58.646 1407.5 h[4] | ||||||||||||
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය | 10.892 km/h (3.026 m/s) | ||||||||||||
ආක්ෂක ආනතිය | 2.11′ ± 0.1′[6] | ||||||||||||
උත්තර ධ්‍රැවය විෂුවදංශය | පැය 18 මිනිත්තු 44 තත්පර 2 281.01°[2] | ||||||||||||
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය | 61.45°[2] | ||||||||||||
ප්‍රභානුපාතය | 0.119 () 0.106 ()[2] | ||||||||||||
| |||||||||||||
දෘශ්‍ය විශාලත්වය | −2.3 සිට 5.7[7][2] | ||||||||||||
කෝණික විෂ්කම්භය | 4.5" – 13"[2] | ||||||||||||
වායුගෝලය [2] | |||||||||||||
පෘෂ්ඨීය පීඩනය | ඉතා අඩුය | ||||||||||||
සංයුතිය | 42% අණුක ඔක්සිජන් 29.0% සෝඩියම් 22.0% හයිඩ්රජන් 6.0% හීලියම් 0.5% පොටෑසියම් ආගන්, නයිට්රජන් සහ කාබන් ඩයොක්සයිඩ් සුළු වශයෙන් | ||||||||||||
භෞතික ලෙස බුධ ග්‍රහයාගේ පෙනුම චන්ද්‍රයාගේ පෙනුමට සමාන වේ. එය ආවාට විශාල ප්‍රමාණයකින් සමන්විත අතර ස්වභාවික චන්ද්‍රිකා හෝ එහි වායුගෝලයක් ඇති බව සනාථ වී නැත. බුධ ග්‍රහයා සතුව විශාල යකඩ හරයක් ඇති අතර එමඟින් පෘථිවියේ චුම්බක ක්ෂේත්රයෙන් 1% ක් පමණ වන චුම්බක ක්ෂේත්රයක් උත්පාදනය කරයි. එය අසාමාන්‍ය ලෙස ඝන ග්‍රහයක් වී ඇත්තේ එහි හරය විශාල වීම නිසාය. බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 90 – 700 k ( -180 සිට 430 සෙල්සියස්) දක්වා වන අතර සුර්යයාට පහලින් ඇති ලක්ෂය උණුසුමින් වැඩිම ස්ථානය වන අතර ධ්රැව අසල ඇති ආවාටවල පතුල සීතලම ස්ථානය වේ.
බුධ ග්‍රහයා පිළිබඳ සිදුකර ඇති වාර්තාගත නිරීක්ෂණ ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය දක්වා දිව යන අතර ක්‍රිස්තු පූර්ව හතරවන සියවසට පෙර ග්‍රීක තාරකා විද්‍යාඥයින් විසින් විශ්වාස කලේ එම ග්‍රහයා වස්තුන් දෙකක් බවය.
උදෑසන ඉර නැගෙන විට පමණක් දුටු ග්‍රහයා ඇපලෝ ලෙසටත් ඉර බැස යන විට දුටු ග්‍රහයා හර්මිස් ලෙසත් ඔවුන් විසින් නම් කරන ලදි. Mercury නමැති බුධ ග්‍රහයාගේ ඉංග්‍රීසි නම රෝමානු ජාතිකයන් විසින් තබන ලද අතර ඔවුහු එය නම් කළේ රෝමානු දෙවි මර්කරි සිහිපත් වීමට ය. ඔවුහු එය ග්‍රීක දෙව් හර්මිස්ට සම කළහ. බුධ ග්‍රහයාගේ තාරකා ලකුණ ලෙස භාවිතා වන්නේ නවීකරණය කරන ලද හර්මිස්ගේ Caduceus එකය.
බුධ ග්‍රහයාට උප ග්‍රහයන් නැත.මතුපිට ගිනි කඳු පිපිරීමෙන් නිර්මාණය වූ ආවාට (craters)වලින් යුක්තය.වායු ගෝලයක් නොමැති බැවින් ග්රහක සහ උල්කාපාත කඩා වැටීමේ අවදානම වැඩිය.බුධ ග්‍රහයා අභ්‍යන්තර ග්‍රහලෝකයක් ලෙස හැදින්වේ.