උල්කාපාත
From Wikipedia, the free encyclopedia
මේ පරක් තෙරක් නොමැති මහා විශ්වයේ විවිධ ආකාශ වස්තුන් ප්‍රකෝටි ගණනින් පිහිටා ඇත. මේවායින් සමහරක් කුඩා වන අතර තවත් සමහරක් අති විශාල වේ. අභ්‍යවකාශයේ සැරිසරන මෙම ආකාශ වස්තුන් සමහර අවස්ථා අවස්ථාවල දී පෘථිවියට ආසන්නව ගමන් කරයි. එවැනි අවස්ථාවල දී පෘථථිවි ගුරුත්වාකර්ෂණයට හසුවන මේවා පෘථිවි වායු ගෝලය හා ගැටී පිළිස්සී විනාශ වී යන අතර, සමහර ඒවා විනාශ නොවීම පෘථිවිය මතට පතිත වේ. මේ අනුව බලන කල උල්කාපාතයක් යන්න පහත පරිදි අර්ථ කථනය කළ හැකිය.“පෘථිවි වායු ගෝලයට ඇතුළු වන අභ්‍යවකාශයේ සැරිසරන ඕනෑම ග්‍රහ වස්තුවක් උල්කාපාතයකි (ඉංග්‍රීසි: Meteor).”