![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/10/History_of_Korea-Inter-country_Age-830_CE.gif/640px-History_of_Korea-Inter-country_Age-830_CE.gif&w=640&q=50)
පසුකාලීන සිල්ලා
From Wikipedia, the free encyclopedia
පසුකාලීන සිල්ලා (668–935, හංගුල්: 후신라; හන්ජා: 後新羅; ප්‍ර.රෝ.: හුෂිලා, කොරියානු උච්චාරණය: [hu.ɕil.la]) හෙවත් එක්සත් සිල්ලා (හංගුල්:통일신라; හන්ජා: 統一新羅, කොරියානු උච්චාරණය: [tʰoŋ.il.ɕil.la]) යනුවෙන් බොහෝ අවස්ථාවල හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි අතුරින් එකක් වන සිල්ලා රාජධානියම ය. නමුත් මෙම නම භාවිතා වන්නේ සිල්ලා රාජධානිය විසින් 660දී බෙක්ජේ රාජ්‍යය සහ 668දී ගොගුර්යෝ රාජ්‍යය යටත් කරගෙන කොරියානු අර්ධද්වීපයේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ එක්සත් කළ පසුව බිහිවූ භූමියට ය. පසුකාලීන සිල්ලා රාජධානිය සමෘද්ධිමත් සහ ධනවත් රාජ්‍යයක් විය.[2] එහි ජනාකීර්ණ අගනුවර වූ ග්යොංජු[3] ලෝකයේ සිව්වන විශාලතම නගරය විය.[4][5][6][7] රාජ්‍යයේ සමෘද්ධිමත් සමයේ එක්සත් සිල්ලාව උතුරුදිග ප්‍රදේශයේ අධිකාරීත්වය පවත්වා ගැනීමට ගොගුර්යෝ-මොහේ ජනයාගෙන් සැදුම්ලත් රාජධානියක් වූ බල්හේ රාජධානිය සමග තරග වැදුණේ ය. රාජධානිය පැවති සමය පුරා, ප්‍රධාන වශයෙන්ම යටත් වැසියන්ව සිටි බෙක්ජේ සහ ගොගුර්යෝ කැරලිකාර කණ්ඩායම්වල කුමන්ත්‍රණ නිසා දේශපාලන ව්‍යාකූල ස්වභාවයක් පැවතියේ ය. මේ නිසා පසුකාලීනව 9වන සියවසේ දී, පසුකාලීන තුන් රාජධානි යුගය නිර්මාණය විය.
සිල්ලා 신라 (新羅) 통일신라 (統一新羅) 후신라 (後新羅) | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
668–935 | |||||||||||||
![]() උතුරු-දකුණු රාජ්‍ය යුගයේ එක්සත් සිල්ලාවේ පිහිටීම (නිල් පැහැයෙන්) | |||||||||||||
අගනුවර | ග්යොංජු (සොරබොල්) | ||||||||||||
පොදු භාෂාවන් | පැරණි කොරියානු | ||||||||||||
ආගම | බුදු දහම, කොන්ෆියුසියානුවාදය, තාඕවාදය, කොරියානු ෂමනවාදය | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
රජු | |||||||||||||
• 661–681 | මුන්මු | ||||||||||||
• 681–692 | සින්මුන් | ||||||||||||
• 887–897 | ජින්සොං | ||||||||||||
• 927–935 | ග්යොංසුන් (අවසන්) | ||||||||||||
ඓතිහාසික යුගය | පුරාතන | ||||||||||||
• ස්ථාපනය | 668 | ||||||||||||
• සිල්ලා–ටෑං යුද්ධය | 670–676 | ||||||||||||
• පසුකාලීන තුන් රාජධානි යුගයේ ආරම්භය | 892–936 | ||||||||||||
• ගොර්යෝ රාජවංශයට යටත් වීම | 935 | ||||||||||||
ජනගහණය | |||||||||||||
• 8වන සියවස[1] | 2,000,000 | ||||||||||||
| |||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ![]() ![]() |
පසුකාලීන සිල්ලා | |
![]() අනාප්ජි මණ්ඩපය | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 후신라 |
හන්ජා | 後新羅 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Hu-silla |
මැකූන්–රයිෂවර් | Hu-silla |
දේශපාලන අතින් අස්ථාවර ස්වභාවයක් පැවතිය ද, පසුකාලීන සිල්ලාව තුළ සංස්කෘතිය සහ කලා අංශ දියුණුවට පත් විය. ටෑං රාජවංශය සමග පැවැත්වූ සමීප සම්බන්ධතා හේතුවෙන්, බුදු දහම සහ කොන්ෆියුසියානුවාදය විද්වත් ජනයාගේ ප්‍රධාන මූලධර්මීය දර්ශනයන් මෙන්ම යුගයේ ගෘහනිර්මාණ අංග සහ ලලිත කලාවන් සඳහා තේමාව බවට පත් විය. මෙහි අවසන් රජු වූ ග්යොංසුන් රාජ්‍යය පාලනය කළේ නාමිකව පමණක් වන අතර, 635දී ඔහු ගොර්යෝවට යටත් වූයේ රාජවංශය අවසන් කරමිනි.
සම්ප්‍රදායිකව පළමු එක්සත් කොරියානු රාජ්‍යය ලෙස එක්සත් සිල්ලාව සැලකුණ ද, වර්තමාන කොරියානු ඉතිහාසඥයන් පවසන්නේ සැබැවින්ම කොරියානු ජාතියේ පළමු සත්‍ය එක්සත් රාජධානිය පසුකාලීන ගොර්යෝව බවයි.