සිල්ලාහි ග්යොංසුන් (896 - 978) (රාජ්‍ය. 927–935) යනුවෙන් හඳුන්වන්නේ කොරියානු රාජධානියක් වූ සිල්ලා රාජධානියේ 56වන මෙන්ම අවසන් පාලකයා ය.

Quick Facts සිල්ලාහි ග්යොංසුන් 신라 경순왕, සිල්ලාහි රජ ...
සිල්ලාහි ග්යොංසුන්
신라 경순왕
Thumb
සිල්ලාහි රජ
රාජ්‍ය සමය927 – 935
අභිෂේකය927
පූර්වප්‍රාප්තිකයාසිල්ලාහි ග්යොන්ගේ
අනුප්‍රාප්තිකයාගොර්යෝහි තේජෝ
උපත896
එක්සත් සිල්ලා
මරණය978 (82 වියැති)
ගොර්යෝ රාජධානිය
බිසවජුක්බං ආර්යාව
නක්රං කුමරිය
දරුවන්කිරුළහිමි මාඋයි කුමරු
හොන්සුක් රැජින
වංශයකිම් ගෘහය
පියාකිම් හ්යෝ-ජොං
මවග්යේආ කුමරිය
ආගමබුද්ධාගම
Close
Quick Facts හංගුල්, හන්ජා ...
Close
Quick Facts
කොරියාවේ රජවරු
සිල්ලා
(එක්සත් කිරීමෙන් පසු)
  1. මුන්මු 661–681
  2. සින්මුන් 681–691
  3. හ්යෝසෝ 692–702
  4. සොංදොක් 702–737
  5. හ්යෝසොං 737–742
  6. ග්යොංදොක් 742–765
  7. හ්යේගොං 765–780
  8. සොන්දොක් 780–785
  9. වොන්සොං 785–798
  10. සෝසොං 798–800
  11. ඒජං 800–809
  12. හොන්දොක් 809–826
  13. හ්‍යුංදොක් 826–836
  14. හුයිගැං 836–838
  15. මිනේ 838–839
  16. සින්මු 839
  17. මුන්සොං 839–857
  18. හොනාන් 857–861
  19. ග්යොංමුන් 861–875
  20. හොන්ගං 875–886
  21. ජොංගං 886–887
  22. ජින්සොං 887–897
  23. හ්යෝගොං 897–912
  24. සින්දොක් 912–917
  25. ග්යොංම්යොං 917–924
  26. ග්යොංගේ 924–927
  27. ග්යොංසුන් 927–935
Close

චරිතාපදානය

සිල්ලාවේ මුන්සොං රජුගෙන් පැවතෙන හයවන පරම්පරාවේ සාමාජිකයකු වන ග්යොංසුන් රජු හ්යෝගොංට දාව ග්යේආ කුමරියට උපන් පුත්‍රයා වේ. ග්යේආ කුමරිය යනු හොන්ගං රජුගේ දියණියකි. ග්යොංසුන්ගේ භාර්යාව වූයේ ජුක්සන් පාක් වංශයේ ජුක්බං ආර්යාව (죽방부인) යි. ඔහුගේ වැඩිමහල්ම පුත්‍රයා කිරුළහිමි මාඋයි කුමරු වූ අතර, ලාබාල පුත්‍රයා බොම්ගොං නම් විය.[1]

ග්යොංසුන්ව සිහසුනට පත් කරන ලද්දේ හුබෙක්ජේ රාජ්‍යයේ රජු වූ ග්යොන් හ්වොන් විසිනි. ක්‍රි.ව. 927දී හුබෙක්ජේ රාජධානියේ හමුදා විසින් ග්යොංජු නගරය යටත් කරගැනීමෙන් පසුව ග්යොංසුන්ව සිහසුනට පත් කෙරිණි. 927දී, සිය හමුදාව සමග ග්යොන් හ්වොන් විසින්ම සිල්ලා අගනුවර වූ ග්යොංජු ආක්‍රමණය කරන ලදී. ආක්‍රමණයක් සඳහා සූදානම්ව නොසිටි ග්යොංගේ රජු හුබෙක්ජේ හමුදාවන්ට යටත් වීමට වඩා මිය යාම සැපතැයි සිතා සියදිවි හානි කරගත්තේ ය. අනුතරුව ග්යොන් හ්වොන් විසින් කිම් බු කුමරුන්ව ඊළඟ සිල්ලා රජු ලෙස පත්කොට ග්යොංසුන් රජ යනුවෙන් සිංහාසනාරූඪ කරන ලදී. මේ වනවිටත් සිල්ලා රාජධානිය අතිශයින් දුර්වලව පැවති අතර, ග්යොංසුන් හට සිය රාජ්‍ය පාලනය ගෙන යාමට ඉතිරිව තිබුණේ පැරණි සිල්ලා භූමියේ අවශේෂව තිබූ සුළු බිම් ප්‍රමාණයක පමණි. අවසානයේ 935දී ග්යොංසුන් විසින් සිහසුන අත්හැර ගොර්යෝහි තේජෝ හට සිහසුන පවරන ලදී. ඔහුගේ සිහසුන අත්හැරීම තේජෝගේ කොරියානු අර්ධද්වීපය එක්සත් කිරීමේ ව්‍යාපාරය සම්පූර්ණ කළේ ය. තේජෝ රජුගේ දියණිය වූ නංරං කුමරිය (낙랑공주) සමග යළි විවාහ වූ ඔහුව ග්යොංජුහි සාසිම්-ග්වන් (사심관, පරීක්ෂක-සෙන්පති) ලෙස පත් කරන ලදී. ඔහු ගොර්යෝවේ සාසිම්-ග්වන් ක්‍රමයේ පළමුවැනියා ද විය. ඔහු සිය ජීවිතයේ සෙසු කාලය ගතකළේ ගොර්යෝ අගනුවර (වර්තමාන කේසොං) ආසන්නයේ ය.[2]

978දී ග්යොංසුන් මියගිය අතර, ඔහුගේ සොහොන්ගැබ දකුණු කොරියාවේ ග්යොංගි-ඩෝහි යොන්චොන් ප්‍රාන්තයේ ජංනම්-ම්යොන් ප්‍රදේශයේ පිහිටා ඇත.[2]

සම්ගුක් සගි ග්‍රන්ථය අනුව, ග්යොංසුන්ගේ පුත්‍රයා වූ මා-උයි කුමරු සිය පියා ගොර්යෝ රාජ්‍යයට යටත් වීමට විරුද්ධ වූ අතර, ඔහු කුම්ගං කන්දේ තාපසයකු වශයෙන් වාසය කළ බැව් සඳහන් වේ.[3]

පවුල

  • පියා: සිල්ලාහි ෂින්හ්‍යුං රජු (신흥대왕)[4]
    • මුත්තණුවන්: සිල්ලාහි උයිහ්‍යුං රජු (의흥대왕)[5]
  • මව: ග්යොංජු කිම් වංශයේ ග්යේආ මහා කුමරිය (계아태후 김씨)
  • බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
  1. ජුක්සන් පාක් වංශයේ ජුක්බං ආර්යාව (죽방부인 박씨)
    1. කිම් ඉල්, කිරුළහිමි මාඋයි කුමරු (912 - ?) (김일 마의태자)
    2. කිම් දොක්-ජි, බොම් කුමරු (914 - ?) (김덕지 범공)
    3. කිම් මියොං-ජොං, යොංබුන් කුමරු (김명종 영분공)
    4. ග්යොංජු කිම් වංශයේ හොන්සුක් රැජින (헌숙왕후 김씨)
  2. කේසොං වං වංශයේ නක්රං කුමරිය (낙랑공주 왕씨)[6]
    1. කිම් ඉයුන්-යොල්, දේඅන් කුමරු (김은열 대안군)
    2. කිම් සොක්, උයිසොං කුමරු (김석 의성군)
    3. කිම් ගොන්, ගංර්යුං කුමරු (김건 강릉군)
    4. කිම් සොන්, ඉයොන්යැං කුමරු (김선 언양군)
    5. කිම් චු, සම්චොක් කුමරු (김추 삼척군)
    6. නම් නොලද කුමරියක්[7]
    7. ග්යොංජු කිම් වංශයේ සින්රන් ආර්යාව (신란궁부인 김씨)[8]
  3. කේසොං වං වංශයේ වං කුමරිය (공주 왕씨)[9]

ජනප්‍රිය සංස්කෘතිය තුළ

ෂින් ග්වි-ෂික් විසින් KBS නාළිකාවෙන් විකාශය වූ තේජෝ වං ගොන් (2000-2002) නැමැති රූපවාහිනී කතාමාලාවේ ඔහුගේ චරිතය නිරූපණය කරන ලදී. 2002-2003 අතර කාලයේ KBS නාළිකාවෙන් විකාශය වූ The Dawn of the Empire කතාමාලාව තුළ ලී දෝ-ර්යොන් විසින් ඔහුගේ චරිතය නිරූපණය කරන ලදී.

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.