ද්වාරය:උතුරු ඇමෙරිකාව
From Wikipedia, the free encyclopedia
![]() | Portal maintenance status: (2024 අප්‍රේල්)
|
හැඳින්වීම
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a5/Historisch_Nordamerika_%28cropped%29.jpg/640px-Historisch_Nordamerika_%28cropped%29.jpg)
උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).
තෝරාගත් ලිපි
- Image 1
කොලොම්බියාව නිල වශයෙන් කොලොම්බියා සමුහාණ්ඩුව නමින් හැඳින්වේ. ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන කොලොම්බියාව දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර වෙනුසියුවේලාව සහ බ්රසීලයත් දකුණු ඉක්වදෝරය සහ පේරු රාජ්‍යයත්, උතුරින් කැරබියන් මුහුදත්, වයඹ දිගින් පැනමා ඇළ සහ බටහිරින් පැසිපික් සාගරයටද මායිම්වේ. කොලොම්බියාව තම වරාය සීමාවන් ජැමෙයිකා, හයිටි, ඩොමිනිකානු සමුහාණ්ඩුව, හොන්ඩූරස්, නිකරගුවා සහ කොස්ටා රිකා සමඟ බෙදා ගනී. ජනගහනය මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 වැනි තැන ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුළ ඇති විශාලතම රාජ්‍යය මෙයයි. එය ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝව හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයෙන් හඳුන්වන ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්වුයේ ස්වදේශිකයින් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින්ය. 1499 ස්පාඤ්ඤයින් මෙහි පැමිණ අතර ඔවුන් සමස්ත භූමිය අත්පත්කර ගෙන හා ජනාවාස පිහිටවු අතර ස්වදේශ ජනයාගෙන් කොටසක් මරණයට පත් කළ අතර ස්වදේශ ජනගහනයෙන් 90% පමණ වහලුන් ලෙස රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කළහ. එයට වර්තමාන කොලොම්බියාව, වෙනිසියුවේලාව, ඉක්වදෝරය, වයඹ දිග බ්‍රසීලය හා පැනමා ප්‍රදේශය හා බොගෝටා හි පිහිටි එහි අගනුවරද අයත් විය. ක්‍රි. ව. 1819 දී කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසියුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිඳවැටුණි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කළ අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 1903 පැනමා දේශය ඉන් ඉවත්වු අතර එසේ කිරීමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමෙරිකානූ රජය හා ඇතිකරගෙන තිබු ආර්ථික වගකිම් වල පිඩනය නිසාය. (තව දුරටත්...) - Image 2
ප්‍රංශයේ නිල නාමය ප්‍රංශ ජනරජය යන්නය. ප්‍රංශය යුරෝපා සංගමයේ සාමාජික රටක් වන අතර එහි බටහිර දිසාවේ පිහිටියේ ය. වෙනත් මහාද්වීපයන් හි සහ ඉන්දියන්, පැසිපික් හා අත්ලාන්තික් සාගරයන් හි පිහිට, සන්තක ප්‍රදේශයන් ද දූපත් ද ප්‍රංශයට අයත්ව තිබේ. ප්‍රංශය ඒකීය. අර්ධ පූර්ණ බලතල සහිත ජනාධිපති තනතුරකින් යුත් සමූහාන්ඩුවකි. (Semi presidential Republic) එම රටෙහි මුලික ප්රතිපත්තීන් 'මිනිසාගේ සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ප්රකාශනයේ' විස්තර කොට දැක්වේ. මෙට්‍රෙපොලිටන් ප්‍රංශය, මධ්යදරණි මුහුදේ සිට ඉංග්‍රීසි ඕඩය හා උතුරැ මුහුද දක්වා ද රයින්හි සිට අත්ලාන්තික් සාගරය දක්වා ද විහිදෙයි එය බොහෝ විට හදුන්වනු ලබන්නේ 'හෙක්සගෝන්' (The Hexagon) යනුවෙනි. එසේ අමතනු ලබන්නේ එහි ඇති ජ්‍යාමිතික හැඩය හේතුවෙනි. උතුරැ දිශාවේ සිට දක්ෂිණාවර්තව එහි දේශසීමාවන් මෙසේ වෙයි. බෙල්ජියම, ලක්ෂිවර්ගය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, මොනාකො, ස්පාඤ්ඤය, සහ ඇන්ඩොරා (Andorra) ප්‍රංශයට අයත් විදේශිය පාලන ප්‍රදේශ සහ රාශිභූත ප්‍රාන්ත වෙන්කෙරෙන ගොඩබිම් දේශසීමාවූවන් වන බ්‍රසීලය, ප්‍රංශ ගිනනියා දේශසීමාවේ පිහිටි සවුරිනාමය (Suriname), සාන්ත මාටින් මායිම් වන නෙදර්ගන්තයේ ඇන්ටිලස් දෙපාර්ශව විසින්ම පොදුවේ පරිහරණය කෙරේ. ඉංග්‍රීසි ඕඩය යටින් දිවෙන උමං මගින් ප්‍රංශය එක්සත් රාජධානිය හා සම්බන්ධ කෙරේ.
භූමි ප්‍රමාණය අනුව බැලූ විට, යුරෝපා සංගමයේ රටවල් අතුරින් විශාලතම රට වනුයේ ප්රංශයයි. එසේම, රුසියාව හා යුක්රේනය හැරැනු විට විශාලත්වයෙන් යුරෝපයේ තෙවන ස්ථානය ලබන්නේ ද ප්රංශයයි. ප්‍රංශ ගිනියා වැනි යුරෝපයේ පිහිටි ඔවුන් සන්තක අතිරේන ප්රාන්තයන් ද එක්කළහොත් ප්‍රංශය, විශාලත්වයෙන්දෙවන ස්ථානය ගනු ඇත. ප්‍රංශය සතුව පවතින ශක්තිමත් ආර්ථිකය ද සංස්කෘතික හමුදාමය හා දේශපාලනමය වශයෙන් බලපෑම් කළ හැකි තත්ත්වයක පැවතීම ද හේතුකොට ගෙන සියවස් ගණනාවක සිට ප්‍රංශය බලසම්පන්න රටක් බවට පත්ව තිබේ. 17 සහ 18 වන ශතවර්ෂයන් තුලදී උතුරු ඇමෙරිකාවේ සැලකිය යුතු කොටසක් ප්‍රංශය විසින් ස්වකීය යටත් විජිතයක් බවට පත්කරගෙන තිබිනි. උතුරැ බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ අග්නිදිග ආසියාවේ විශාල භුමි ප්‍රදේශයක් ද බොහෝ පැසිපික් දූපත් ද මෙම අධිරාජ්‍යයට අයත් වී තිබින. (තව දුරටත්...) - Image 3
ග්‍රීන්ලන්තය (ග්‍රීන්ලන්ත: Kalaallit Nunaat, උච්චාරණය [kalaːɬit nʉnaːt]; ඩෙන්මාර්ක: Grønland, උච්චාරණය [ˈkʁɶnˌlænˀ]) යනු කැනේඩියානු ආක්ටික් දූපත් සමූහයට නැගෙනහිරින් ආක්ටික් සහ අත්ලාන්තික් සාගර අතර පිහිටා ඇති දූපත් රාජ්‍යයකි. ග්‍රීන්ලන්තය ලොව විශාලතම දූපත වන අතර, ඩෙන්මාර්කය සහ ෆැරෝ දිවයින් සමඟ ඩෙන්මාර්ක රාජධානිය පිහිටුවනු ලබන සංඝටක රටවල් තුනෙන් එකකි; මෙම රටවල පුරවැසියන් සියලු දෙනා ඩෙන්මාර්ක ජාතිකයන්ය. ග්‍රීන්ලන්තය මහ නගර සභා පහකට බෙදා ඇත: Sermersooq, Kujalleq, Qeqqata, Qeqertalik සහ Avannaata. දිවයිනේ ඊසාන දෙසින් සංස්ථාපිත නොවූ ඊසානදිග ග්‍රීන්ලන්ඩ් ජාතික වනෝද්‍යානය පිහිටා ඇත. Avannaata මහ නගර සභාව තුළ පිහිටා ඇති Thule ගුවන් කඳවුර (එක්සත් ජනපද අභ්‍යවකාශ හමුදාව විසින් පරිපාලනය කරනු ලබන) ද සංස්ථාපිත නොවේ. ග්‍රීන්ලන්තයේ අගනුවර Nuuk වේ.
භූ ගෝලීය වශයෙන් උතුරු අමෙරිකා මහාද්වීපයේ කොටසක් වුවද, ග්‍රීන්ලන්තය දේශපාලනිකව සහ සංස්කෘතික වශයෙන් යුරෝපය සමග (විශේෂයෙන් යටත් විජිත බලවතුන් වන නෝර්වේ සහ ඩෙන්මාර්කය) 986 සිට සහස්‍රයකට වැඩි කාලයක් සම්බන්ධ වී ඇත. එහි පදිංචිකරුවන්ගෙන් බහුතරය Inuit වන අතර, ඔවුන්ගේ මුතුන් මිත්තන් ඇලස්කාවේ සිට උතුරු කැනඩාව හරහා සංක්‍රමණය වූ අතර, ක්‍රමයෙන් 13 වන සියවස වන විට දිවයින පුරා පදිංචි විය. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට උතුරු ඇමෙරිකාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikibooks-logo.svg/25px-Wikibooks-logo.svg.png)
කොමන්ස්
මාධ්‍ය
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/18px-Commons-logo.svg.png)
විකිනිව්ස්
පුවත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Wikinews-logo.svg/46px-Wikinews-logo.svg.png)
විකික්වෝට්
කියමන්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikiquote-logo.svg/21px-Wikiquote-logo.svg.png)
විකිසෝර්ක්
මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4c/Wikisource-logo.svg/24px-Wikisource-logo.svg.png)
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Wikiversity-logo.svg/31px-Wikiversity-logo.svg.png)
වික්ෂනරි
අර්ථ දැක්වීම්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Wiktionary-logo.svg/25px-Wiktionary-logo.svg.png)
විකිඩේටා
දත්ත ගබඩාව
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/ff/Wikidata-logo.svg/45px-Wikidata-logo.svg.png)