![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/84/Dufu.jpg/640px-Dufu.jpg&w=640&q=50)
ඩූ ෆූ
From Wikipedia, the free encyclopedia
ඩූ ෆූ (චීන: 杜甫; පින්යින්: ඩූ ෆූ; වේඩ්-ගයිල්ස්: ටූ ෆූ, 712–770) යනු තාං රාජවංශය පාලනය කල සමයෙහි ජීවත්වූ ප්‍රසිද්ධ චීන කවියෙකි. ලි බායි (ලි පො) සහ මොහු ශ්‍රේෂ්ටතම චීන කවීන් ලෙස හඳුන්වයි.[1] සාර්ථක සමාජ සේවකයෙකු ලෙස තම රටට සේවය කිරීම ඔහුගේ විශිෂ්ටතම අභිලාෂය විය. නමුත් ඔහුට අවශ්‍ය ඉඩකඩ ලබා ගැනීමට නොහැකි විය. මුළුමහත් දේශයම මෙන් ඔහුගේ ජිවිතය ද 755 වසරේ ලූෂන් කැරැල්ල මගින් විනාශයට පැමිණියේය. එමෙන්ම ඔහුගේ දිවියේ අවසන් වසර 15 නොවෙනස් වූ අසහනයකින් යුතුව ගතකළ කාල පරිච්ඡේදයක් විය.
![]() | මෙම ලිපිය යාවත් කාලීන කිරීම අවශ්‍යයි. |
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
- මෙය චීන නමකි; පෙළපත් නම, 杜 (ඩූ) වෙයි.
ඩූ ෆූ (杜甫) | |
---|---|
![]() ඩූ ෆූ ගේ සමකාලීන ආලේඛ්‍ය චිත්‍ර සොයාගැනීමට නැත; මෙය පසුකාලීන චිත්‍රශිල්පියෙකුගේ සංකල්පිත චිත්රයකි | |
වෘත්තිය | කවියා |
ආභාෂයට නතු කලේ
|
මුලදී අනෙකුත් ලේඛකයන්ට ආගන්තුක වුවද, චීන සහ ජපන් සාහිත්‍ය කෙරෙහි ඔහුගේ කාර්යයන් ඉමහත් ලෙස බලපෑම් ඇති කරන ලදී. ඔහුගේ කාව්‍යමය රචනයන් අතුරින් එක්දහස් පන්සියයක් පමණ දිගු කලක් තිස්සේ සුරැකී තිබුණි.[1] චීන විචාරකයන් විසින් ඔහු කිවි-ඉතිහාසඥ සහ කාව්‍ය-ප්රබුද්ධ ලෙස හඳුන්වනු ලැබිණි. "චීන වර්ජිල්, හොරස්, ඔවිඩ්, ශේක්ස්පියර්, මිල්ටන්, බර්න්ස්, වර්ඩ්ස්වර්ත්, බෙරේන්ජර්, හියුගෝ හෝ බවුඩෙලයර්" ලෙස බටහිර සාහිත්‍යයට හඳුන්වා දෙනු ලැබීමට ඔහුගේ කාර්යයන් මංපෙත් විවර කර දුනි.[2]