![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c2/Horus_standing.svg/langsi-640px-Horus_standing.svg.png&w=640&q=50)
හොරස්
From Wikipedia, the free encyclopedia
හොරස් යනු අතීත ඊජිප්තියානු දෙවිවරුන්ගෙන් ඉතා ම වැදගත් අය අතර සිටින්නෙකි. අඩු ම තරමින් පූර්ව ඓතිහාසික ඊජිප්තු සිට ටොලමයික රාජධානිය සහ රෝමානු ඊජිප්තුව දක්වා ඔහු වන්දනා කරනු ලැබීය.හොරස්ගේ විවිධ ආකාර ඉතිහාසයේ වාර්තා වී ඇති අතර ඒවා ප්‍රභේද දෙවිවරුන් ලෙස ඊජිප්තුවේදීන් විසින් සලකන ලදි.[1]මෙම විවිධ රූපාකාර එකම බහුරූපික දෙවියෙකුගේ වෙනස් අනුභාවයන් නිරූපණය කරන ,එනම් නිශ්චිත උපලක්ෂණ සංකලනාත්මක සම්බන්ධතා අවධාරණය කරන, අවශ්‍යයෙන්ම විරුද්ධව නොවූවත් එකිනෙකට අනුපූරක වශයෙන් , ආදි ඊජිප්තු වැසියන් යථාර්ථයේ විවිධ මුහුණත් දැක්වූ ආකාරයන් ලෙස සැලකිය හැකි ය. [2] ඔහුව බොහෝ විට චිත්රණය කරනු ලබන්නේ lanner උකුස්සා හෝ peregrine උකුස්සාලෙස, හෝ උකුසු හිසැති මිනිසෙකු ලෙස ය.[3]
හොරස් | |
---|---|
![]() ආදි ඊජිප්තුවරුන්ගේ ජාතික අධිගෘහිත දේවතාවා ලෙස සලකනු ලබන්නේ හොරස් ය.ඔහුව සාමාන්‍යයෙන් චිත්රණය කරනු ලබන්නේ සමස්ත ඊජිප්තු රාජධානියේ රාජ්‍යත්වය සංකේතවත් කරන pschent ,හෝ රතු සහ සුදු ඔටුන්නක් පැළඳ සිටින උකුසු-හිසැති මිනිසෙකු ලෙස ය. | |
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | නෙඛෙන්, එඩ්ෆු |
සංකේතය | හොරස්ගේ ඇස |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | සෙර්කෙට් (වැඩිමහලු හොරස් ලෙස), හාතෝර් (එක් ප්‍රභේදයක) |
දෙමාපියන් | ඔසිරිස් සහ අයිසිස් |
සොයුරු/සොයුරියන් | ඔසිරිස්, අයිසිස්, සෙත්, සහ නෙෆ්තිස් (වැඩිමහලු හොරස් ලෙස), අනුබිස් (ලාබාල හොරස් ලෙස) |
පැවතෙන්නා | ඉම්සෙට්, හාපි, ඩුවාමුටෙෆ්, කෙබෙහ්සුනුඑෆ් (හරෝඑරිස් ලෙස), අයිහි |
ප්‍රථමයෙන් ම වාර්තාගත හොරස්ගේ රූපකාය වන්නේ,මුල් ම ජාතික දෙවියන් ලෙස සලකනු ලබන, උත්තර ඊජිප්තුවේ නෙකේන් නම් අධිගෘහිත දෙවියායි.ඔහු කාලයත් සමඟ මරණයෙන් පසු ඔසිරිස් ලෙසත්,ජීවිත කාලයේ දී හොරස් ලෙසත් සලකනු ලැබූ රජු වේ. [1]බෙහෙවින් ම සුලබව හමුවන පවුල් නෑකම අනුව හොරස් අයිසිස් සහ ඔසිරිස්ගේ පුතා වන අතර,ඔසිරිස්ගේ උරුමකරු ලෙස සහ ඔසිරිස්ගේ ඝාතකයා වන සෙත්ගේ ප්‍රතිවාදියා ලෙස, ඔසිරිස් පුරාවෘත්තයේ මූලික භූමිකාවක් රඟදක්වයි. තවත් ප්‍රවාදයක හාතෝර් ඔහුගේ මව ලෙසත් සමහර අවස්ථාවලදී බිරිඳ ලෙසත් දක්වයි.[1] හොරස් බොහෝ කාර්යභාරයන් ඉටු කළ අතර,රාජ්‍යත්වයේ සහ ආකාසයේ දෙවියන් වීම බෙහෙවින් විශේෂ ය.