![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/18/AhmoseI-StatueHead_MetropolitanMuseum.png/640px-AhmoseI-StatueHead_MetropolitanMuseum.png&w=640&q=50)
අහ්මෝස් I
From Wikipedia, the free encyclopedia
අහ්මෝස් I (ඊජිප්තු: Jˁḥ ms(j.w), ඇතැම්විට අමෝසිස් I, "අමෙනෙස්" සහ "ආහ්මෙස්" ලෙස ලියනු ලැබේ; අරුත ඉයාහ්ට උපන් [5]) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තු පාරාවෝවරයකු වන අතර, ඔහු දහඅටවන රාජවංශයේ ආරම්භක පාලකයා විය. තීබානු රාජකීය ගෘහයේ සාමාජිකයකු වූ ඔහු සෙකෙනෙන්රේ ටාඕ පාරාවෝවරයාගේ පුත්‍රයා විය. ඔහුගේ සොහොයුරා දාහත්වන රාජවංශයේ අවසන් පාලකයා වූ කාමෝස් රජු ය. ඔහුගේ පියාගේ හෝ මුත්තණුවන්ගේ සමයේ තීබ්සය තුළ පහළ ඊජිප්තුවේ පාලකයන් වූ හික්සොස්වරුන්ට එරෙහිව කැරලි ඇති විය. ඔහුට සත්වන විය සපිරෙන විට, ඔහුගේ පියාව ඝාතනය කෙරිණි.[6] ඔහුට වයස අවුරුදු දහයක් පමණ වනවිට ඔහුගේ සොහොයුරා වසර තුනක් රජකම් කොට නොහඳුනන හේතූන් හේතුවෙන් මියගියේ ය. සිය සොහොයුරාගේ මරණින් පසු, Iවන අහ්මෝස් සිහසුනට පත් විය.[7] සිංහාසනාරූඪයෙන් පසුව, ඔහුව නෙබ්-පෙහ්ටි-රේ (ශක්තියෙහි අධිපති රේ) යනුවෙන් හැඳින්විණි. ඔහුගේ අහ්මෝස් යන නාමය, 'ආහ්' (බලන්න ඉයාහ්) යන දිව්‍යමය නාමය සහ '-මෝස්' යන සංයුක්ත ස්වරූපය සන්ධි වීමෙන් තැනුනකි.
අහ්මෝස් I | |
---|---|
අමෝසිස්, (මැනතෝ අනුව[1]) එසේම අමාසිස්[2] | |
![]() Iවන අහ්මෝස්ගේ ප්‍රතිමාවක කොටසක්; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය. | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 1539–1514 පමණ (සම්මුතික ඊජිප්තු කාලානුක්‍රමය) (විවාදිත) මැනතෝ අනුව වර්ෂ 25කි (18වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | කාමෝස් (ඉහළ ඊජිප්තුව), ඛාමුඩි (පහළ ඊජිප්තුව) |
අනුප්‍රාප්තිකයා | අමෙන්හොටෙප් I |
වල්ලභ | අහ්මෝස්-නෙෆටාරි, අමුන්ගේ දෙවියන්ගේ භාර්යාව, අහ්මෝස්-සිට්කාමෝස්, අහ්මෝස්-හෙනුට්ටමෙහු |
දරුවන් | අහ්මෝස්-මෙරිටාමොන් කුමරිය අහ්මෝස්-සිටාමුන් කුමරිය සියාමුන් කුමරු අහ්මෝස්-අන්ඛ් කුමරු අමෙන්හොටෙප් I රාමෝස් කුමරු ඇතැම්විට මුට්නොෆ්‍රෙට් |
පියා | සෙකෙනෙන්රේ ටාඕ |
මව | ආහොටෙප් I |
මරණය | ක්‍රි.පූ. 1525 පමණ |
භූමදානය | ඩේර් එල්-බහ්රි ගබඩාවේ තිබී මමිය හමු විය; නමුත් මුලින් භූමදානය කර තිබුණේ ඇබයිඩොස්හි බව පෙනේ. |
ස්මාරක | අවාරිස්හි මාලිගය, කාර්නැක්හි අමුන් දේවස්ථානය, ආර්මන්ට්හි මොන්ටු දේවස්ථානය |
ඔහුගේ රාජ්‍ය සමයේ, ඔහු ඩෙල්ටා ප්‍රදේශයෙන් හික්සොස්වරුන් සම්පූර්ණයෙන් නෙරපා දැමීමට සමත් විය. අනතුරුව තීබානු පාලනය සම්පූර්ණ ඊජිප්තුව පුරා ව්‍යාප්ත කළ ඔහු, ඊජිප්තු බලය එහි පැරණි යටත් විජිත වූ නුබියාව සහ කනාන්හි ස්ථාපනය කළේ ය.[7] අනතුරුව ඔහු රටේ පරිපාලනය ප්‍රතිසංවිධානය කළ අතර, ගල් වැඩපළවල් සහ පතල් යළි විවෘත කළේ ය. මධ්‍ය රාජධානි සමයේ ඉදි නොවූ දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කළේ ය. මෙම ගොඩනැගිලි ව්‍යාපෘතියේ දී ස්වදේශික පාරාවෝවරයකු විසින් ඉදිකළ අවසන් පිරමිඩය ඉදි වීම ද සිදු විය. අහ්මෝස්ගේ නායකත්වය යටතේ නව රාජධානිය සඳහා පදනම යෙදුණු අතර, මෙම යුගයේ ඊජිප්තුව බලය අතින් උච්චස්ථානයට පත් විය. ඔහුගේ රාජ්‍ය සමය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 16වන සියවසේ මැද කාලයට අයත් යැයි සැලකේ.