අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව
From Wikipedia, the free encyclopedia
අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු එක්සත් ජනපද රාජ්‍ය නායකයා සහ එහි ෆෙඩරල් ආණ්ඩුවේ ප්‍රධානියා වෙයි. විධායක ශාඛාවෙහි ප්‍රධානියා සහ සමස්තයක් ලෙසින් ෆෙඩරල් රජයේ ප්‍රධානියා ලෙසින්, ජනාධිපතිධූරය යනු බලපුළුවන්කම හා පිළිගැනුම අතින් එක්සත් ජනපදයෙහි උසස්තම දේශපාලන තනතුර වෙයි. සිව්-වසරක ධූර කාලසීමාවකට මැතිවරණමය පර්ෂදයක් මගින් (හෝ එක් පුද්ගලයෙකුට ඡන්ද අතුරින් පරම බහුතරයක් ලබා දීමට මැතිවරණ පර්ෂදය අසමත්වූ අවස්ථාවකදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්) වක්රාකාර ලෙසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලැබේ. 1951දී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-දෙවන සංශෝධනය අපරානුමත කිරීමෙන් පසුව, කිසිම පුද්ගලයෙක් ජනාධිපති වශයෙන් දෙවතාවකට වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැකි අතර, වෙන යම් අයෙකු තේරී පත්වූ ධූර කාලයක කොටසක් සම්පූර්ණ කිරීම හෝ වැඩ බැලීම වසර දෙකකට වඩා වැඩි කාලයක් සිදු කල පුද්ගලයෙක් එක් වතාවකට වඩා වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැක. .[1] ධූරන්ධර ජනාධිපතිවරයා මියයෑම, ඉල්ලා අස් වීම හෝ, තනතුරෙන් බැහැර කිරීම යන අවස්ථා වලදී, උප ජනාධිපතිවරයා තනතුරට පත් වෙයි. ජනාධිපතිවරයා අඩුම වශයෙන් වසර 35 ක වයසින් යුතු විය යුතු අතර එක්සත් ජනපදයෙහි "උපතින්ම රටවැසිභාවය" ලැබූවකු විය යුතුයි.
මෙම ලැයිස්තුවෙහි අඩංගු වන්නේ, 1789 මාර්තු 4 වන දින බලාත්මකවූ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපරානුමත කිරීමෙන් පසුව, ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් පුද්ගලයන් පමණි . මෙම අපරානුමත කිරීමට පෙර සිටි ඇමරිකානු නායකයන් සඳහා කොන්ටිනෙන්ට්ල් කොංග්‍රසයේ ජනාධිපතිවරු බලන්න. [2] එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-පස් වන සංශෝධනය පරිදී පත් කෙරුණු වැඩබලන ජනාධිපතිවරුන් අතුරින් කිසිවකු මෙම ලැයිස්තුවෙහි අඩංගු නොවෙති.
ධූර ප්රපාප්තව දිවුරුම් දුන් පුද්ගලයන් 43 දෙනෙකු සිටි අතර, ජනාධිපති ධූර 44 ක් තිබුණේ, ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් විසින් අනුගාමී-නොවන ධූර වාර දෙකක් හෙබවූ බැවින් 22වන හා 24වන ජනාධිපති ලෙසින් කාලානුරූපව සැලකෙන බැවිනි. ජනාධිපති වශයෙන් තේරී පත්වූ පුද්ගලයන් අතුරින්, සතරදෙනෙකු ධුරය හොබවද්දී ස්වභාවික හේතු නිසාවෙන් මිය ගිය අතර (විලියම් හෙන්රි හැරිසන්,[3] සැකරි ටේලර්,[4] වොරන් ජී. හාඩිං,[5] සහ ෆ්රැන්ක්ලින් ඩී. රෝසවෙල්), සතරදෙනෙක් ඝාතනය කෙරුණු අතර (ඒබ්‍රහැම් ලින්කන්,[6] ජේම්ස් ඒ. ගාෆීල්ඩ්,[6][7] විලියම් මැක්කින්ලි,[8] සහ ජෝන් එෆ්. කෙනඩි) එක් අයෙකු ඉල්ලා අස්විය (රිචඩ් නික්සන්).[9]
මැතිවරණමය පර්ෂදයෙහි ඒකඡන්ද අනුමැතිය අනුව, ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් 1789 දී ධූර සම්ප්‍රාප්තක විය. විලියම් හෙන්රි හැරිසන් 1841දී කෙටිම ධූර කාලයවූ දින 32 ක් හෙබවූ අතර, ෆ්රැන්ක්ලින් ඩී. රෝසවෙල් වසර දොළොසකට වඩා වැඩිවූ දීර්ඝතම ධූර කාලය හෙබවූ මුත් 1945දී ඔහුගේ සතරවන ධූර කාලය ඇරඹී කෙටි කලකින් මිය ගියේය. ධූර වාර දෙකකට වඩා සේවය කල එකම ජනාධිපතිවරයා වූයේ ඔහු වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගනු ලැබුවේ මෙය නැවත සිදු වීම වලක්වා ලීම සඳහාය. ඉඩම්-හිමි-නොවන්නන් ඡන්දය දීමෙන් වලකන බොහෝ නීති 1828 දී අවලංගු කිරීමෙන් පසුව සියළු පංති වල පුරුෂයන් විසින් තෝරා පත් කර ගන්නා ලද පළමුවැන්නා, සත්වන ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් විය. 1920දී කාන්තාවන් ඡන්ද ප්‍රකාශ කිරීමේ හිමිකම් ලැබීමෙන් පසු තේරී පත්වූ පළමු වැන්නා වොරන් හාඩිං විය. සිවිල් අයිතිවාසිකම් යුග ප්‍රතිසංසකරණ තුලින් සුළුතර ඡන්ද මර්දනය කල නීති ඉවත් කිරීමෙන් පසුව 1964දී තේරී පත්වූ පළමුවැන්නා ලින්ඩන් ජොන්සන් විය. ජනවරම නොලැබුනද මැතිවරණමය පර්ෂදය තුල ලද ජයග්‍රහණය නිසා පදවි ප්‍රාප්ත වූ ජනාධිපතිවරුන් සතරදෙනෙක් - ජෝන් කිවු. ඇඩම්ස්, රදර්ෆර්ඩ් බී. හේස්, බෙන්ජමින් හැරිසන් සහ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් - පිළිබඳ ඉතිහාසයේ සඳහන් වෙයි. රෝමානු කතෝලික ලම්ධිකයෙක්වූ එකම ජනාධිපතිවරයා ජෝන් එෆ්. කෙනඩි වූ අතර, බැරක් ඔබාමා, අප්‍රිකානු ඇමරිකානුවකු වන පළමු ජනාධිපති වෙයි.[10]