ධවල මන්දිරය
From Wikipedia, the free encyclopedia
ඇමෙරිකා එක්සත් ජනපදය ජනාධිපතිවරයාගේ නිල නිවස සහ ප්‍රධාන සේවාස්ථානය වන ධවල මන්දිරය පිහිටා ඇත්තේ වොෂින්ටන් නුවර 1600,පෙන්සිල්වේනියා විදියේ හීය.එය එක්සත් ජනපද ජනපති ජෝහ්න් ඇඩම්ස් ගේ සිට සියලුම එක්සත් ජනපද ජනපතිවරුන්ගේ නිල නිවස බවට පත්ව ඇති අතර ජනපතිගේ සහ ඉහල නිලධාරීන්ගේ ක්‍රියාවන් සඳහා ලේඛකයන් විසින් මෙටෝනියම් යන පදය භාවිතා කරනු ලබයි.
ධවල මන්දිරය | |
---|---|
සාමාන්‍ය තොරතුරු | |
ගෘහනිර්මාණ ශෛලිය | නව සම්ප්‍රදායික,පැලඩියානු |
පිහිටීම | 1600,පෙන්සිල්වේනියා විදිය,වයඹ වොෂින්ටනය,ඇමෙරිකා එක්සත් ජනපදය |
වර්තමාන නිවැසියන් | ජෝ බයිඩන් ඇතුළු එක්සත් ජනපදයේ ජනාධිපති පවුල |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 1792 ඔක්තෝබර් 13,වසර 221කට පෙර |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | ජේම්ස් හොබාන් |
ධවල මන්දිරය අයර්ලන්ත ජාතික ජේම්ස් හෝබන් විසින් වර්ෂ 1792 සහ 1800 අතර කාලයේදී සුදු පැහැති වැලිගල් විශේෂයක් යොදා ගනිමින් නව සම්ප්‍රදායික මෝස්තරයකට අනුව නිර්මාණය කරන ලදී.වර්ෂ 1800දී ඇමෙරිකානු එක්සත් ජනපදයේ තෙවැනි ජනාධිපති වන තෝමස් ජෙෆසන් මෙහි පදිංචිය සඳහා පැමිණි පසු එවකට සිටි වස්තු විද්‍යාඥයෙකු වූ බෙන්ජමින් හෙන්රි ලැට්රෝබ් සමග එක්ව ධවල මන්දිරයේ පිටතින් කණු පෙළක් ඉස්තාලය සහ ගබඩාගාරය සැඟවීමේ අරමුණෙන් ඉදිකරන ලදී.
වර්ෂ 1814දී, 1812 යුද සමයේදී බ්‍රිතාන්‍ය හමුදාවන් විසින් වොෂින්ටනය ගිනි තබන විට මෙම මන්ධිරයටද ගිනි තබමින් එහි බාහිරය සහ අභ්‍යන්තරය විනාශ කරන ලදී. ප්‍රතිසංස්කරණය ඉතාමත් කඩිනමින් ආරම්භ වූ අතර ජනපති ජේම්ස් මොන්රෝ වර්ෂ 1817 ඔක්තෝම්බර් මස අඩක් නිමකල විධායක නිල නිවසට මාරු වුවේය.ඉදිකිරිම් වර්ෂ 1824දී දකුණු පෝටිකොවත් 1829දී උතුරු පෝටිකොවත් එකතු කරමින් අඛණ්ඩව සිදු කළේය.
විධායක මැදුර තුල වූ ජනාකීර්ණ තත්වය නිසා වර්ෂ 1901දී ජනපති තියඩෝර් රූසේවෙල්ට් සියලුම කාර්යාල කාර්යාලයන් අලුතෙන් ඉදිකළ බටහිර කොටසෙහි ස්ථාපනය කරන ලදී.වසර 08කට පසුව ජනාධිපති විලියම් හොවර්ඩ් ටාෆ්ට් විසින් බටහිර කොටස විශාල කර ඕවලාකාර කාර්යාලය නිර්මාණය කරන ලදී. වර්ෂ 1927දී තෙවන මහල් අට්ටාලය පවතින දිගු මඩු පියසි කව්ලුව සහිත නෙත්ති වහල විශාල කරමින් ජනාධිපති වාසස්ථානය බවට පත්කරන ලදී.අලුතින් ඉදිකරන ලද නැගෙනහිර කොටස ප්‍රියසම්භාෂණ අංගයන් සඳහා පිළිගැනීමේ ශාලාවක් වශයෙන් භාවිතා කරනු ලැබූ අතර ජනාධිපති ජෙෆර්සන් විසින් අලුතින් ඉදිකරනු ලැබූ කොටස් සම්බන්ධ කරන ලදී.
වර්ෂ 1946දී නැගෙනහිර කොටසේ වෙනස් කිරීම් අවසන් කරනු ලැබුවේ අමතර කාර්යාල අවකාශයක්ද ඉදිකිරීමෙනි.වර්ෂ 1948දී ධවල මන්දිරයේ බර දරන බාහිර බිත්ති සහ අභ්‍යන්තර ලී බාල්ක විනාශ වී ඇති බවට සොයා ගන්නා ලදී.ජනාධිපති හැරී එස්. ට්රුමන්ගේ සමයේ අභ්‍යන්තර කාමර සියල්ල සම්පුර්ණයෙන් ගලවා ඉවත් කර බිත්ති ඇතුලතින් බර දරන වානේ සැකිලි අලුතින් නිමවන ලදී.එම වැඩ අවසන් වූ පසු ඇතුලත කාමරද අලුතින් ඉදි කරන ලදී.
වර්තමානයේ ධවල මන්ධිර සංකිර්ණය විධායක නිවාසයකින්,බටහිර සහ නැගෙනහිර කොටසකින්,කලින් රාජ්‍ය දෙපාර්තමේන්තුව ලෙස පැවති ජනාධිපතිගේ සහ අගමැතිගේ කාර්ය මණ්ඩලයේ කාර්යාල පිහිටා ඇති එයිසෙන්හවර් විධායක කාර්යාල ගොඩනැගිල්ලෙන් සහ ආගන්තුකයන් සඳහා ඇති බ්ලෙයාර් නිවසෙන් සමන්විත වේ.