අංග
නැගෙනහිර ඉන්දීය උපමහාද්වීපයේ පැවති අතීත ජනපදය / From Wikipedia, the free encyclopedia
අංග යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර ඉන්දීය උපමහාද්වීපයේ පිහිටා තිබූ පුරාතන ඉන්දීය රාජධානියකි. මෙය සොළොස් මහාජනපදවලින් එකකි.[1] මෙය එහි අසල්වැසි මෙන්ම සතුරු රාජ්‍යය ද වූ මගධයට නැගෙනහිරින් පිහිටි අතර, චම්පා නදිය මඟින් එන රාජ්‍ය ද්විත්වය වෙන්කෙරිණි. මෙය වර්තමාන බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් සහ මුන්ගේර් ප්‍රදේශවල පිහිටා තිබිණි. අංගයෙහි අගනුවර ද ගංගාව අසබඩ පිහිටි අතට එය චම්පා සහ මාලිනී ලෙස නම්කෙරිණි. මෙම ජනපදය ප්‍රකට වූයේ එය සතු ධනය සහ වෙළඳාම නිසායි.[1] ක්‍රි.පූ. 6වන සියවසේ දී මගධය විසින් අංගය ඈඳාගන්නා ලදී.[තහවුරු කර නොමැත]
අංග | |
---|---|
නොදනී (~ ක්‍රි.පූ. 1100)–ක්‍රි.පූ. 500 පමණ | |
පශ්චාත් වෛදික යුගයේ වූ අංග ඇතුළු සොළොස් මහාජනපද | |
පශ්චාත් වෛදික යුගයේ වූ අංග ඇතුළු සොළොස් මහාජනපද. | |
අගනුවර | චම්පාපූරි (නූතන භගල්පූර් අසල) සහ මාලිනී (වර්තමාන මුන්ගේර් අසල), බිහාරය |
ආගම | වෛදික හින්දු ආගම |
රජය | රාජාණ්ඩුව |
කර්ණ (රජ හෝ ප්‍රධානී) | |
ඓතිහාසික යුගය | ලෝකඩ යුගය, යකඩ යුගය |
• ස්ථාපිත කළේ | නොදනී (~ ක්‍රි.පූ. 1100) |
• අහෝසි කළේ | ක්‍රි.පූ. 500 පමණ |
අංගුත්තර නිකාය වැනි බෞද්ධ පාඨ ග්‍රන්ථවල "සොළොස් මහාජනපද" වලින් එකක් යැයි සඳහන් වන අංගය ජෛන ව්යාඛ්යප්රඥාපතිගේ පුරාතන ජනපද නාමාවලියේ ද ඇතුළත් ය. ඇතැම් මූලාශ්‍ර අනුව පසුකාලීනව අංග ජනයා ‘මිශ්‍ර සම්භවයක්’ ඇති ජනයා[2][පූර්ණ උපුටා දැක්වීමක් අවශ්‍යයි] සමඟ වර්ග කොට තිබේ.