From Wikipedia, the free encyclopedia
අසර්බයිජානය යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. බටහිර ආසියාව හා නැගෙනහිර යුරෝපය අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් කැප්සියන් මුහුදත්, උතුරින් රුසියාව, ඊසාන දෙසින් ජෝර්ජියාව, බටහිරින් ආමේනියාව හා දකුණින් ඉරානයත්ය. නකචිවා මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් ආමේනියාවත්, බටහිරින් හා දකුණින් ඉරානයට හා කෙටි දේශසීමාවකින් යුත් වයඹ තුර්කියට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසර්බයිජානයේ නිරිත දෙසින් පිහිටි අතර, එය 1991 අසර්බයිජානයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රික වශයෙන් පිළිනොගන්නා බැවින් තවමත් අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනියි. අසර්බයිජානයේ වෙසෙන ජනයාගෙන් බහුතරයක් තුර්කි හා මුස්ලිම් ජාතිකයින් වන අතර, ලෞකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික වටිනාකමින් යුත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි නගරයකි. අසර්බජානය ගුවාමි රසායන අවි තහනම් කිරීමේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. 1993 දී සැප්තැම්බර්හි දී පොදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් අතරට ද අසර්බයිජානය එක් විය. යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුළ සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, OSCE, යුරෝපා සංගමය සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි.
Republic of Azerbaijan Azərbaycan Respublikası (අසර්බයිජානි) | |
---|---|
ජාතික ගීය:
| |
Location of Azerbaijan. | |
අගනුවර සහ විශාලතම නගරය | බාකු |
නිල භාෂා(ව) | Azerbaijani |
ජාති නාම(ය) | Azerbaijani |
රජය | Dominant-party presidential republic |
• President | Ilham Aliyev |
• Prime Minister | Artur Rasizade |
ව්‍යවස්ථාදායකය | National Assembly |
Formation | |
• Democratic Republic | 28 May 1918 |
• Soviet Socialist Republic | 28 April 1920 |
• Independence from the Soviet Union | 30 August 1991 (declared) 18 October 1991 (independence) |
• Constitution adopted | 12 November 1995 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 86,600 km2 (33,400 sq mi) (114th) |
• ජලය (%) | 1.6 |
ජනගහණය | |
• 2015 ඇස්තමේන්තුව | 9,624,900[1] (89th) |
• ඝණත්වය | 105.8/km2 (274.0/sq mi) (103) |
දදේනි (ක්‍රශසා) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $168.4 billion[2] |
• ඒක පුද්ගල | $17,500[2] |
දදේනි (නාමික) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $87.763 billion[2] |
• ඒක පුද්ගල | $9,278[2] |
ගිනි (2008) | 33.7[3] මධ්‍යම |
මාසද (2013) | 0.747[4] ඉහළ · 76th |
ව්‍යවහාර මුදල | Manat (₼) (AZN) |
වේලා කලාපය | AZT (UTC+04) |
• ගිම්හාන (DST) | UTC+5 |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 994 |
ISO 3166 code | AZ |
අන්තර්ජාල TLD | .az |
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.