1 වන ආවර්තයේ මූලද්‍රව්‍යය
From Wikipedia, the free encyclopedia
1 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක් යනු, රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි පළමුවන පේළියෙහි (හෝ ආවර්තයෙහි) පිහිටන රසායනික මූලද්‍රව්‍යයන් අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. පළමුවන ආවර්තය, වගුවෙහි වෙනත් පේළි වලට වඩා අඩු මූලද්‍රව්‍යය සංඛ්‍යාවක්, එනම් දෙකක් සහිත වෙයි: හයිඩ්රජන් සහ හීලියම්. මෙම සන්නිවේශය, පරමාණුක ව්‍යුහයෙහි නවීනතම සිද්ධාන්තයන් වෙතින් පැහැදිලි කල හැක. පරමානුක ව්‍යුහයෙහි ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අනුව, 1s කාක්ෂිකය පිරවීම හා සමගින්, මෙම ආවර්තය අනුරූප වෙයි. පළමුවන ආවර්තයේ මූලද්‍රව්‍යයන් විසින් යුග නීතිය පිළිපැදෙන්නේ, ඒවායේ සංයුජතා කවචය සම්පූර්ණ කිරීමට අවශ්‍ය වන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පමණක් නිසාය. මෙම මූලද්‍රව්‍යයන් විසින් අවකාශ සැපයිය හැක්කේ උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙකකට පමණක් වන අතර, එම දෙකම 1s කාක්ෂිකයෙහි වෙති. එබැවින්, පළමුවන ආවර්තය සතු විය හැක්කේ මූලද්‍රව්‍යයන් දෙකක් පමණි.