ශෛලපුත්‍රී
From Wikipedia, the free encyclopedia
ශෛලපුත්‍රී (සාහිත්‍ය. ශිලාවන්ගේ දියණිය) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනක වන දුර්ගාගේ ස්වරූපයකි.[2] ඇය නවරාත්‍රී උත්සවයේ පළමු දිනයේ සමරනු ලබන නවදුර්ගාවන්ගෙන් පළමුවැන්නිය ද වේ.[3][4]
ශෛලපුත්‍රී | |
---|---|
කඳුවලට අධිපති දෙවඟන [1] | |
අනුබැඳිය | ශක්ති, පාර්වතී |
වාසභවනය | දේවි ධාම් |
මන්ත්‍රය | ॐ देवी शैलपुत्र्यै नमः॥[2] |
ආයුධය | ත්‍රිශූලය සහ පද්මය |
වල්ලභයා | ශිව |
වාහනය | නන්දි |
ඇයව සතී,[1] භවානි, පාර්වතී හෝ හේමාවතී ලෙස ද හැඳින්වේ. ශෛලපුත්‍රී මාතාව ස්වභාවධර්මයේ පරම ස්වරූපය ලෙස සැලකේ.
පෙර බවයේදී පාර්වතී දේවිය දක්ෂගේ දරුවකු ලෙස සතී යන නමින් ඉපද ශිව දෙවියන් විවහා කර ගත්තා ය.
වරක් දක්ෂ පැවැත්වූ මහා යාගයකට ශිව ඔහු ශිව දෙවියන්ට ආරාධනා කළේ නැත.සතී දේවිය යාගය තිබූ ස්ථානයට ළඟා වූ අතර ප්‍රජාපතී දක්ෂ ශිව දෙවියන්ට අපහාස කළේය.තම සැමියාට කළ අපහාස දරා ගත නොහැකි වූ සති දේවිය යාග ගින්නෙන් තම සිරුර දවා ගෙන විනාශ විය.
පසුව ඇය ඊළඟ භවයේදී පර්වත රාජ හිමාවන්ගේ සහා මෙනාවතී දේවියගේ දරුවගේ ලෙස උපත ලැබීය.පර්වත රජකුගේ දියණිය වූ හෙයින් ඇය ශෛලපුත්‍රි යන නමින් හඳුන්වනු ලබයි.