මධ්‍යම ආසියාව
From Wikipedia, the free encyclopedia
බටහිරින් කැස්පියන් මුහුදෙහි සිට නැගෙනහිරින් චීනය දක්වාද සහ දකුණෙන් ඇෆ්ගනිස්තානයෙහි සිට උතුරෙන් රුසියාව දක්වාද මධ්‍යම ආසියාව විහිදෙයි. මෙම ප්‍රදේශය තුල ඇති රටවල් පහේම නාමයන් කෙළවර වන්නේ "එහි භූමිය" යන අර්ථය සහිත "-ස්තාන්" නම් පර්සියානු උපසර්ගය වෙතින් වන බැවින් කථා ව්‍යවහාරයෙහිදී එය "ස්තාන්යන් " ලෙසින්ද හැඳින්වෙයි. [1]
Quick Facts මධ්‍යම ආසියාව, භූමි ප්‍රමාණය ...
මධ්‍යම ආසියාව | |
---|---|
භූමි ප්‍රමාණය | 4,003,451 කිමී2 (1,545,741 සත සැත) [lower-alpha 1] |
|
|
රටවල් | |
නාමික දදේනි | $295.331 බිලියන (2012) |
ඒක පුද්ගල දදේනි | $6,044 (2012) |
Close
මධ්‍යම ආසියාවෙහි පූර්ව සෝවියට් සමූහාණ්ඩු වූයේ කසක්ස්තානය (ජනගහණය මිලියන 17), කියර්ගිස්තානය (මිලියන 5.7), ටජිකිස්තානය (මිලියන 8.0), ටර්ක්මෙනිස්තානය (මිලියන 5.2), සහ උස්බෙකිස්තානය (මිලියන 30) වන අතර, ඒවා විසින් ප්‍රදේශයට මිලියන 66 පමණ මුළු ජනගහණයක් ලබා දෙයි.
මධ්‍යම ආසියාව ඓතිහාසික වශයෙන් සැලකූ විට එහි පශු අනුචාරී ජනතාව වෙත සහ සේද මාවත සමග සමීපයෙන් බැඳී පැවතිණි.[2]