![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1b/Flag_of_Turkmenistan.svg/langsi-640px-Flag_of_Turkmenistan.svg.png&w=640&q=50)
ටර්ක්මෙනිස්තානය
From Wikipedia, the free encyclopedia
ටර්ක්මෙනිස්තානය (i/tɜrkˈmɛn
ɪstæn/ හෝ i/tɜrkmɛn
ɪˈstɑːn/; ටර්ක්මෙන්: [Türkmenistan] Error: {{Lang}}: text has italic markup (help), තුර්කි උච්චාරණය: [tyɾkmeniˈθtan]) යනු මධ්‍යම ආසියාවේ පිහිටි රටකි. එය වයඹ දිගින් කසක්ස්තානයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් උස්බෙකිස්ථානයෙන් ද, ගිනිකොණ දිගින් ඇෆ්ගනිස්ථානයෙන් ද, දකුණින් සහ නිරිත දිගින් ඉරානයෙන් ද, බටහිරින් කැස්පියන් මුහුදෙන් ද මායිම් වී පවතී.
ටර්ක්මෙනිස්තානය Türkmenistan (Turkmen) | |
---|---|
![]() Location of ටර්ක්මෙනිස්තානය (රතු) | |
අගනුවර සහ විශාලතම නගරය | ඈශ්ගැබට් |
නිල භාෂා(ව) | ටර්ක්මෙන් |
Inter-ethnic languages | රුසියානු |
ජනවාර්ගික කණ්ඩායම් (2003) |
|
ජාති නාම(ය) | ටර්ක්මෙන් |
රජය | ඒකීය ජනාධිපති සමූහාණ්ඩුව |
• ජනාධිපති | ගර්බන්ගුලි බර්ඩිමුහමෙඩොව් |
අක්ජා නුබර්ඩියේවා | |
ව්‍යවස්ථාදායකය | මෙජ්ලිස් |
නිර්මාණය | |
1511 | |
30 අප්‍රේල් 1918 | |
13 මැයි 1925 | |
• සෝවියට් සංගමයෙන් නිදහස ලබා ගන්නා ලදී | 27 ඔක්තෝබර් 1991 |
• හඳුනාගෙන ඇත | 25 දෙසැම්බර් 1991 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 491,210 km2 (189,660 sq mi)[1] (53වන) |
• ජලය (%) | 4.9 |
ජනගහණය | |
• 2014 ඇස්තමේන්තුව | 5,171,943[2] (117වන) |
• ඝණත්වය | 10.5/km2 (27.2/sq mi) (208වන) |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $82.151 billion[3] |
• ඒක පුද්ගල | $14,174[3] |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $47.542 බිලියන[3] |
• ඒක පුද්ගල | $8,203[3] |
ගිනි (1998) | 40.8 මධ්‍යම |
මාසද (2013) | 0.698[4] මධ්‍යම · 103වන |
ව්‍යවහාර මුදල | Turkmen new manat (TMT) |
වේලා කලාපය | UTC+5 (TMT) |
රිය ධාවන මං තීරුව | දකුණ |
ඇමතුම් කේතය | +993 |
අන්තර්ජාල TLD | .tm |
ටර්ක්මෙනිස්තානය සියවස් ගණනාවක් තිස්සේ විවිධ ශිෂ්ටාචාරයන්ගේ සන්ධිස්ථානයක්ව පැවතුණි. මධ්‍යතන යුගයේ දී මර්ව්, ඉස්ලාමික ලෝකයේ මහා නගරයක් විය. එමෙන්ම එය සේද මාවතෙහි වැදගත් නැවතුම්පළක් ද විය. 1881 දී රුසියානු අධිරාජ්‍යයට ඈඳා ගත් ටර්ක්මෙනිස්තානය පසුව මධ්‍යම ආසියාවේ ප්‍රති-බොල්ෂෙවික් ව්‍යාපාරය තුල කැපී පෙනෙන අන්දමින් ක්‍රියාකාරී විය. 1924 දී ටර්ක්මෙනිස්තානය සෝවියට් සංගමයේ පාර්ශව ජනරජයක් (ටර්ක්මෙන් සෝවියට් සමාජවාදී ජනරජය [ටර්ක්මෙන් SSR]) බවට පත් වූ අතර 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ එය, නිදහස් රාජ්‍යයක් බවට පත් විය.
ස්වාභාවික ගෑස් සම්පත් පිළිබඳ ලොව සිව්වන විශාලතම සංචිත ටර්ක්මෙනිස්තානය සතුව පවතී. රටෙහි වැඩි ප්‍රමාණයක් කරකුම් (කළු වැලි) කාන්තාරයෙන් ආවරණය වී පවතී. 1993 වසරේ සිට රජය මගින් පුරවැසියන්ට නොමිලයේ විදුලි බලය, ජලය සහ ස්වභාවික ගෑස් සපයනු ලබයි.
ජීවිතාන්තය දක්වා ජනාධිපති වූ සපර්මුරාට් නියාසොව් විසින් 2006 දී ඔහුගේ මරණය සිදු වන තෙක්ම ටර්ක්මෙනිස්තානය පාලනය කරනු ලැබුවේය. 2007 දී ගර්බන්ගුලි බර්ඩිමුහමෙඩොව් ජනාධිපති වශයෙන් ඡන්දයෙන් තේරී පත් විය. මානව හිමිකම් සංවිධාන වලට අනුව ටර්ක්මෙනිස්තානය ලොව වඩාත්ම මර්දනකාරී පාලනයක් සහිත රටවල් වලින් එකකි. මාධ්‍ය සහ ආගමික නිදහස ඉතා දැඩි සීමාවන්ට යටත් කොට ඇති අතර ස්වාධීන පරීක්ෂාවන්ට මුළුමනින්ම පාහේ ආවෘතකොට ඇත. මානව හිමිකම් පිලිබඳ ක්‍රියාකාරීන් සහ අනෙකුත් සමාජ ක්‍රියාකාරීන් ආණ්ඩුවේ පළිගැනීම්වලට ලක්වීමේ නිරන්තර තර්ජනයට මුහුණ පා සිටිති. ජනාධිපති බර්ඩිමුහමෙඩොව්, ඔහුගේ ඥාතින් සහ සමීපතමයන් සමඟ එකතුව පුද්ගලාරෝපණ ලබ්ධියක් ප්‍රවර්ධනය කරමින් පොදු මහජන ජිවිතයේ සියළු අංශ තමන් යටතට ගෙන අසීමිත වූ බලයක් භුක්ති විඳියි.