බ්‍රහස්පති ග්‍රහයා
බ්‍රහස්පති උපග්රහයන් / From Wikipedia, the free encyclopedia
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ.[තහවුරු කර නොමැත] සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටය.
නිලනාමයන් | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ශබ්දනැගීම | /en-us-Jupiter.oggˈdʒuːpɪtər/[1] | ||||||||||||||||||||||
විශේෂණය | Jovian | ||||||||||||||||||||||
කක්ෂීය ලක්ෂණ[2][3] | |||||||||||||||||||||||
කාලාරම්භය J2000 | |||||||||||||||||||||||
විහේලිකය | 816,520,800 km (5.458104 AU) | ||||||||||||||||||||||
අපහේලිකය | 740,573,600 km (4.950429 AU) | ||||||||||||||||||||||
අඩ-මහා අක්ෂය | 778,547,200 km (5.204267 AU) | ||||||||||||||||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.048775 | ||||||||||||||||||||||
කක්ෂීය කාලාවර්තය | 4,331.572 days 11.85920 yr 10,475.8 Jupiter solar days[4] | ||||||||||||||||||||||
චන්ද්‍ර කාලාවර්තය | 398.88 days[5] | ||||||||||||||||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 13.07 km/s[5] | ||||||||||||||||||||||
මධ්‍යන්‍යය විෂමතාවය | 18.818° | ||||||||||||||||||||||
ආනතිය | 1.305° to Ecliptic 6.09° to Sun's equator 0.32° to Invariable plane[6] | ||||||||||||||||||||||
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 100.492° | ||||||||||||||||||||||
පරිතාරාන්තිකයේ විස්තාරය | 275.066° | ||||||||||||||||||||||
චන්ද්‍රිකා | 63 | ||||||||||||||||||||||
භෞතික ගුණාංග | |||||||||||||||||||||||
සමක අරය | 71,492 ± 4 km[7][8] 11.209 Earths | ||||||||||||||||||||||
ධ්‍රැවීය අරය | 66,854 ± 10 km[7][8] 10.517 Earths | ||||||||||||||||||||||
Flattening | 0.06487 ± 0.00015 | ||||||||||||||||||||||
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | 6.21796×1010 km²[8][9] 121.9 Earths | ||||||||||||||||||||||
පරිමාව | 1.43128×1015 km³[5][8] 1321.3 Earths | ||||||||||||||||||||||
ස්කන්ධය | 1.8986×1027 kg[5] 317.8 Earths 1/1047 Sun[10] | ||||||||||||||||||||||
මධ්‍යන්‍යය ඝණත්වය | 1.326 g/cm³[5][8] | ||||||||||||||||||||||
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 24.79 m/s²[5][8] 2.528 g | ||||||||||||||||||||||
මිදුම් ප්‍රවේගය | 59.5 km/s[5][8] | ||||||||||||||||||||||
නක්ෂත්ර භ්‍රමණ කාලාවර්තය | 9.925 h[11] (9 h 55 m 30 s) | ||||||||||||||||||||||
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය | 12.6 km/s 45,300 km/h | ||||||||||||||||||||||
ආක්ෂක ආනතිය | 3.13°[5] | ||||||||||||||||||||||
උත්තර ධ්‍රැවය විෂුවදංශය | 268.057° 17 h 52 min 14 s[7] | ||||||||||||||||||||||
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය | 64.496°[7] | ||||||||||||||||||||||
ප්‍රභානුපාතය | 0.343 (Bond) 0.52 (geom.)[5] | ||||||||||||||||||||||
| |||||||||||||||||||||||
දෘශ්‍ය විශාලත්වය | -1.6 to -2.94[5] | ||||||||||||||||||||||
කෝණික විෂ්කම්භය | 29.8" — 50.1"[5] | ||||||||||||||||||||||
වායුගෝලය [5] | |||||||||||||||||||||||
පෘෂ්ඨීය පීඩනය | 20–200 kPa[12] (cloud layer) | ||||||||||||||||||||||
පරිමාණ උස | 27 km | ||||||||||||||||||||||
සංයුතිය |
| ||||||||||||||||||||||
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ.[තහවුරු කර නොමැත]
බ්‍රහස්පති ග්‍රහයා මුලික ලෙස සෑදි ඇත්තේ හයිඩ්රජන් වලින් වන අතර හීලියම් සුළු ප්‍රතිශතයක් එහි අන්තර්ගත වේ. ඉහළ පීඩනවලදී, බැර ලෝහ වලින් සමන්විත පාෂාණමය හරයක් එයට තිබීමට ද ඉඩකඩ ඇත. එහි වැඩි භ්‍රමණ වේගය හේතුවෙන් බ්‍රහස්පති ග්‍රහයාගේ හැඩය සුළු අක්ෂ (oblate spherical) ගෝලයකි. ඉතා කුඩා නමුත් හඳුනාගත හැකි නෙරීමක් එහි සමකය අසලදී දක්නට ලැබේ. විවිධ අක්ෂාංශ වලදී එහි පිටත වායුගෝලය පටි කිහිපයක් ලෙස දර්ශනය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස කැලඹිම් ස්වභාවයක් සහ කුණාටු ස්වභාවයක් එම පටි ගැටෙන සීමාවන්ගේ ඇති වේ. මහා රතු ලපය (Great red spot) ලෙස හැඳින්වෙන මහා කුණාටුව 17 වන ශත වර්ෂයේ සිටම පැවතුණ මෙවැනි ප්රතිඵලයකි. බ්‍රහස්පති වටා ඉතා සිහින් ග්‍රහ වළලු පද්ධතියක් සහ බලවත් විද්‍යුත් ජනක ගෝල දක්නට ලැබේ. එය සතුව චන්ද්‍රයන් 63 දෙනෙක්වත් සිටින අතර ගැලීලියානු චන්ද්‍රයින් ලෙස හැඳින්වෙන විශාලතම චන්ද්‍රයින් හතර දෙනා 1610 දී ගැලීලියෝ ගැලිලි විසින් සොයාගන්නා ලදි. මෙම චන්ද්රයින්ගෙන් යෝධතම චන්ද්‍රයා වන ගැනිමිඩ්ගේ විෂ්කම්භය බුධ ග්‍රහයාගේ විෂ්කම්භයට වඩා වැඩිය.
රෝබෝවන් සහිත අභ්‍යාවකාශ යානා මඟින් බ්‍රහස්පති කිහිපවිටකදීම ගවේෂණයට ලක් වුනි. විශේෂයෙන් ම මුල් අවස්ථාවලදී පයනියර් හා වෝයේජර් මෙහෙවර වලදිත් පසුව ගැලීලියෝ කක්ෂගාමියා මඟිනුත් ගවේෂණය කෙරුණි. බ්‍රහස්පති වෙත ළගා වුනු අවසන් අභ්‍යාවකාශ ගවේෂකයා නිව් හොරයිසිසන්ස් අභ්‍යාවකාශ යානය. එය කරා ළගා වුයේ 2007 පෙබරවාරි මාසයේ දීය. බ්‍රහස්පති හරහා ලබා ගත් ගුරුත්වාකර්ෂණය යොදා ගනිමින් ප්ලූටෝ දෙසට යාමට වේගය වැඩි කර ගැනීමට මෙම යානාවට හැකි වුනි. යුරෝපා නැමැති බ්‍රහස්පතිගේ චන්ද්‍රයා මත තිබිය හැකි යැයි කියන අයිස් වලින් වැසුනු ද්‍රව සමුද්‍රය ගවේෂණය කිරිම විද්‍යාඥයින්ගේ මීළග ඉලක්කය වේ.