නාඌරූ
From Wikipedia, the free encyclopedia
නාඌරූ (ඉංග්‍රීසිi/nɑːˈuːruː/ nah-OO-roo) පැසිෆික් සාගරය මයික්රොනිසියා හි පිහිටි දුපත් රටක් වන අතර පෙරකළ ප්ලෙසන්ට් දුපත (ප්‍රීතිමත් දුපත) ලෙස හැදින් වුනි. අද එය නිල වශයෙන් නාඌරූ ජනරජය ලෙස හඳුන්වයි. එහි සමීපතම රාජ්‍යය වන්නේ කි .මී.300 ක් නැගෙනහිරින් පිහිටි කිරිබාති රජයේ බනබා දිවයිනයි. නාඌරූ යනු ලෝකයේ කුඩාම ජනරජය වන අතර එය වර්ග කි.මී.21ක් තුල 9378 ක ජනගහණයකින් යුක්ත වේ. නාඌරූ රාජ්‍යය දෙවැනි වන්නේ ලෝකයේ ජනගහන අඩුම රාජ්‍යය වන වතිකානු නගරය ට පමණි.
නාඌරූ ජනරජය Ripublik Naoero | |
---|---|
උද්යෝග පාඨය: "දෙවියන්ගේ කැමැත්ත පළමුකොට" | |
ජාතික ගීය: Nauru Bwiema නාඌරූ, අපේ මව්බිමයි | |
අගනුවර | යාරෙන් (de facto) [a] |
නිල භාෂා(ව) |
|
ජාති නාම(ය) | නාඌරූ |
රජය | ව්‍යවස්ථාදායක ජනරජය |
• ජනාධිපති | ස්ප්රෙන්ට් ඩබ්විදෝ |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
ස්වාධීනත්වය | |
• from එක්සත් ජාතීන්ගේ භාරකාරත්වය | 1968 ජනවාරි 31 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 8.1 sq mi (21 km2) (239 වැනි) |
• ජලය (%) | 0.57 |
ජනගහණය | |
• ජූලි 2011 ඇස්තමේන්තුව | 9,378[1] (216 වැනි) |
• දෙසැම්බර් 2006 ජන සංගණනය | 9,275 |
• ඝණත්වය | [convert: invalid number] (23 වැනි) |
දදේනි (ක්‍රශසා) | 2006 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $36.9 මිලියන[2] (192 වැනි) |
• ඒක පුද්ගල | $2,500 (2006 තක්සේරු.) [2] $5,000 (2005 තක්සේරු.) [1] (135 වැනි -141 වැනි) |
ව්‍යවහාර මුදල | ඕස්ටේ්රලියානු ඩොලර් (AUD) |
වේලා කලාපය | UTC+12 |
රිය ධාවන මං තීරුව | වමෙන් |
ඇමතුම් කේතය | +674 |
අන්තර්ජාල TLD | .nr |
|
19 වන සියවසේ අග භාගයේ දී ජර්මන් අධිරාජ්‍යයා විසින් යටත් විජිතයක් ලෙස ප්‍රකාශ කල මෙහි පොලිනිසියානු හා මයික්රොනිසියානු ජනවර්ග වාසය කරති. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව එය ඕස්ටේ්රලියාව, නවසීලන්තය හා එක්සත් රාජධානිය එක්ව පාලනය කරනු ලබන ජාතීන්ගේ සංගමයෙහි (ලීගය) අධීක්ෂණ මණ්ඩලයකට යටත් විය. දෙවැනි ලෝක යුද්ධය සමයේදී ජපන් සේනාංක විසින් පැසිෆික් හරහා අතුරු මාර්ගයක් ලෙස යොදා ගත් අතර අවසන් වීමෙන් පසු 1968 දී නිදහස් රාජ්‍යයක් බවට පත් විය.
නාඌරූ පොස්ෆේට් කඳු සහිත දුපතක් වන අතර, මතුපිට පරිසරය තුල පොහොසත් පොස්ෆේට් සංචිත වලින් යුක්ත වූ අතර ඒවා එළිමහන් පතල් කර්මාන්තයට බෙහෙවින් උපකාරී වුනි. 2011 පමණ වන විටත් රට සතුව පොස්ෆේට් නිධි පැවතියත් ඒවා වාණිජ වශයෙන් නිස්සාරය තත්වයේ නොමැත.[3] 1960 අග භාගයේ හා 1970 මුල් භාගය අතර තුර වැඩිම ඒක පුද්ගල ආදායම ලබන ස්වෛරී රාජ්‍යය බවට නාඌරූ රාජ්‍යය පුරසාරම් දෙඩුවද පොස්ෆේට් සම්පත හීන වීමත් , පතල් කැණීම හේතුවෙන් පරිසරය විනාශ වීමත් නිසා එහි වටිනාකම අඩු වන්නට විය. මේ හේතුවෙන් නාඌරූ රාජ්‍යය තුල අදායම වැඩි කර ගැනීමට රට බදු පාරාදීසයක් කිරීම හා නීති විරෝධී මුදල් ශෝධනය කිරීමත් සිදු කරන ලදී. 2001 සිට 2008 දක්වා කාලය තුල නාඌරූ රැදවුම් කදවුර පවත්වා ගෙන යාමට ඉඩ දීම නිසා ඕස්ටේ්රලියානු රජයෙන් ආධාර මුදල් ලබා ගෙන ඇත.
නාඌරූ ජනරජයේ ජනාධිපති ස්ප්රෙන්ට් ඩබ්විදෝ දහ අටදෙනුකුගෙන් සමන්විත ඒක මණ්ඩල පාර්ලිමේන්තුවක් පාලනය කරයි. නාඌරූ දේශය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි , පොදු රාජ්‍යය මණ්ඩලයෙහි, ආසියානු සංවර්ධන බැංකුවේ සහ පැසිෆික් දුපත් සංගමයෙහි සාමාජිකත්වය දරයි. ඊට අමතරව ඔලිම්පික් තරඟ වලට සහ පොදු රාජ්‍යය මණ්ඩල තරඟ වලට ද නාඌරූ දේශය සහභාගී ඇත. මෑතකදී ජාතිය්යන්තර ශක්ති ප්‍රතිසංස්කරණ අධිකාරියෙහි (IRENA) සාමාජිකත්වය ද ලබා ගත්තේය.