වතිකානුව
From Wikipedia, the free encyclopedia
වතිකානුව(Vatican City) i/ˈvætɪkən ˈsɪti/, හෝ වතිකානු රාජ්‍ය Vatican City State,[14] (නිල ඉතාලි භාෂාවෙන් Stato della Città del Vaticano [15] යනු භූමියෙන් වටවූ ස්වෛරී නගර-රාජ්‍යකි. එය ඉතාලියේ රෝම නගරය ඇතුලත පිහිටා ඇත. එය ආසන්න වශයෙන් හෙක්ටයාර 44 ක් වන අතර එහි ජනගහනය 800 ට මදක් ඉහලය.[6][16] මේ අනුව වතිකානුව භූමිය මෙන්ම ජනගහනය අතින්ද ලොව කුඩාම ස්වෛරී රාජ්‍ය වේ.
වතිකානු රාජ්‍යය[1] Stato della Città del Vaticano[2] | |
---|---|
ජාතික ගීය: "Inno e Marcia Pontificale" (ඉතාලි භාෂාවෙනි) "Pontifical Anthem and March" | |
අගනුවර | වතිකානු නගරය[3] |
නිල භාෂා(ව) | ඉතාලි භාෂාව[4][5] |
ජනවාර්ගික කණ්ඩායම් | ඉතාලි ජාතිකයින්, ස්විට්සර්ලන්ත ජාතිකයින් (ස්විට්සර්ලන්ත ආරක්ෂක බලකාය), වෙනත්[6] |
රජය | පූජක,[6] රාජකීය පූජකයින් පිළිබඳ,[7] ඒකාධීපති, සහ ඡන්දයෙන් පත්වන ඒකාධිපති[8] හෝ පූජක තන්ත්රය[9] |
• පාප් තුමා | 1 ප්‍රැන්සිස් |
• වතිකානු රාජ්‍යයේ පාප්තුමා පිළිබඳ කොමිසමේ සභාපති | ජුසෙප්පේ බෙර්තෙල්ලෝ |
ව්‍යවස්ථාදායකය | පාප්තුමා පිළිබඳ කොමිසම |
ස්වෛරී ඉතාලි රාජධානිය වෙතින් | |
• ලැටරන් ගිවිසුම | 11 පෙබරවාරි 1929 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 0.44 km2 (0.17 sq mi) (250th) |
• ජලය (%) | 0 |
ජනගහණය | |
• July 2011 ඇස්තමේන්තුව | 832[10] (236th) |
• ජන ඝණත්වය | 1,877/km2 (4,861.4/sq mi) (6th) |
ව්‍යවහාර මුදල | යූරෝ (€)[11][12] (EUR) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
රිය ධාවන මං තීරුව | දකුණ[note 1] |
ඇමතුම් කේතය | +379[13] |
ISO 3166 code | VA |
අන්තර්ජාල TLD | .va |
වතිකානු රාජ්‍යය 1929 දී IX පියුස් පාප්තුමා වෙනුවෙන් රාජ්‍ය ලේකම් කාදිනල් පියෙත්‍රෝ ගැස්පාරී විසින් හා III වන වික්ටර් එම්මානුවෙල් රජ වෙනුවෙන් ඉතාලි අගමැති හා රජයේ ප්‍රධානියා වූ බෙනීටෝ මුසොලීනී විසින් අත්සන් තැබූ ලැටරන් ගිවිසුම මඟින් පිහිටවනු ලැබීය.[17] වතිකානු රාජ්‍ය මුල් ක්‍රිස්තියානු කාලයේ සිට පැවත එන ශුද්ධාසනයෙන් වෙනස් වන අතර[18]ලොව වටා සිටින බිලියන 1.2 පමණ වන [[ලතින් වතාවත්|ලතින්] හා නැගෙනහිර කතෝලික බැතිමතුන්ගේ මූලස්ථානය වේ. වතිකානුවේ ආඥාවන් ඉතාලි භාෂාවෙන් ප්‍රකාශයට පත්කරන අතර ශුද්ධාසනයේ ලේඛණ ප්‍රධාන වශයෙන් ලතින් භාෂාවෙන් නිකුත් වේ. රටක් නොවන ශුද්ධාසනය රාජ්‍යතාන්ත්‍රික හා සේවා ගුවන්ගමන් බලපත්‍ර හා වතිකානුව සාමාන්‍ය ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබයි. මෙම අවස්ථා දෙකේදීම නිකුත් කරනු ලැබ ඇත්තේ සුළු ගුවන්ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් පමණි.
1929 දී වතිකානුව පිහිටවනු ලැබූ ලැටරන් ගිවිසුම හි සඳහන් වන්නේ නව නිර්මාණයක් ලෙස (පූර්විකාවේ හා තෙවන ඡේදයේ) මිස කලින් මධ්‍යම ඉතාලිය පුරා විහිදී පැවති විශාල පාප්වහන්සේගේ රාජ්‍යයේ (756-1870) ලකුණක් නොවන බවය. පාප්වහන්සේගේ රාජ්‍යයේ විශාල කොටසක් 1860 දී ඉතාලි රාජධානියට ඈදා ගත් අතර අවසාන කොටස 1870 දී රෝම නගරය ඇතුළු Lazio ප්‍රාන්තය ඈදාගන්නා ලදී.
වතිකානුව රෝමයේ අගරදගුරු වූ පාප්තුමා විසින් පාලනය කරනු ලබන පැවිදිසි[6] හෝ කතෝලික පූජක-ඒකාධිපති රාජ්‍යක් වේ.[7] ඉහල නිලධාරීන් සියලු දෙනාම විවිධ ජාතීන්ට අයත් කතෝලික පූජකයින් වේ. එය ශුද්ධාසනයේ (Sancta Sedes) ස්වෛරී භූමියක් සහ අපෝස්තලික නිවහන ලෙස හඳුන්වන පාප්තුමා ගේ නිල නිවස පිහිටි ස්ථානය වේ.
1377 Avignon හී සිට ආපසු ආ කාලයේ පටන් පාප්තුමා වාසය කරන ලද්දේ 1929 දී වතිකානුව බවට පත්වූ ප්‍රදේශයේම විය. එහෙත් සමහර කාලවල රෝමයේ Quirinal මන්දීරයේ හා තවත් තැන් වල වාසය කොට ඇත. ඊට පෙර ඔවුන් වතිකානයට වඩා රෝමයේ ඈතට වන්නට පිහිටි Caelian කඳුගැටයේ ලැටරන් මන්දීරයේදී වාසය කොට ඇත. කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යා මෙම භූමිය මිල්තියාදෙස් පාප්තුමා හට ක්‍රි.ව. 313 දී ලබා දී ඇත. 1929 දි මෙම ගිවිසුම අත්සන් කරන ලද්දේ ලැටරන් ගොඩනැඟිල්ලේ නිසා ගිවිසුමට ලැටරන් පැක්ට්ස් (Lateran Pacts) යන නාමය ලැබෙන ලදී.