දේ ජං ගුම්
කොරියානු ඓතිහාසික මාලා නාට්‍යය / From Wikipedia, the free encyclopedia
දේ ජං-ගුම් (කොරියානු: 대장금; හන්ජා: 大長今; ප්‍රරෝ: දේ ජං-ගුම්; මැ.ර.: තේ චං-ගුම්; සාහිත්‍යමය “ශ්‍රේෂ්ඨ ජං-ගුම්”), නොහොත් Jewel in the Palace (මාලිගයේ මැණික), යනු 2003 වර්ෂයේ තිරගත වූ කොරියානු රූපවාහිනී මාලා නාට්‍යයකි. එය අධ්‍යක්ෂණය කළේ ලී බ්යුං -හූන් විසිනි. එය එරට විකාශය වූයේ 2003 සැප්තැම්බර් 15දින සිට 2004 මාර්තු 23 දින දක්වා MBC නාළිකාව මගිනි. මෙය 46.3% ක සාමාන්‍ය ප්‍රේක්ෂක පිරිසක් නරඹා තිබූ අතර එහි උච්චතම ස්ථානය 57.8% ක ප්‍රතිශතයක් වාර්තා කරමින් ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. (එය මෙතෙක් විකාශය වූ සියලු කොරියානු නාට්‍ය අතරින් 10වන ස්ථානයට වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිශතය වාර්තා කළේ ය.) මෙය නිර්මාණය මගින් ඇමරිකන් ඩොලර් මිලියන 15ක ආදායමක් බලාපොරොත්තු වූ නමුත්, ලොව පුරා රටවල් 91ක විකාශය වූ මෙම නාට්‍යය ඇමරිකන් ඩොලර් මිලියන 103.4ක වාර්තාගත ආදායමක් ලැබී ය. මෙය කොරියානු රැල්ල බැහැරට ව්‍යාප්ත කළ ප්‍රධාන නාට්‍යයක් ලෙසද සැලකෙයි.[1][2][3]
මෙලෙසද හැඳින්වේ | Jewel in the Palace (මාලිගයේ මැණික) |
---|---|
ප්‍රභේදය | ඓතිහාසික ප්‍රබන්ධ |
අධ්‍යක්ෂණය කලේ | ලී බ්යුං-හූන් |
රඟපෑම | ලී යොං-ඒ ජී ජින්-හී හොං රී-නා ඉම් හෝ යං මි-කියුං කියොන් මි-රි |
ඇරඹුම් තේමාව | "චංග්රියොං" |
අවසන් තේමාව | “ඕනාරා” |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 54 |
විධායකනිෂ්පාදක(යෝ) | ජෝ ජූං-හ්යුන් |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | මිනිත්තු 60ක් පමණ සදුදා සහ අගහරුවාදා දිනවල 21:55 (KST) |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව |
රූප ආකෘතිය | 480i SDTV |
මුල් ධාවනය | සැප්තැම්බර් 15, 2003 (2003-09-15) – මාර්තු 23, 2004 (2004-03-23) |
පූර්වගමනය වනුයේ | Rooftop Room Cat |
අනුගමනය වනුයේ | Phoenix |
වෙබ් අඩවිය |
මෙහි ප්‍රධාන චරිතය ලී යොං-ඒ විසින් නිරූපණය කරන අතර ඇය විසින් රාජකීය මුළුතැන්ගෙයට අනාථ දැරියක් ලෙසින් අතුළු වී පසුව රජුගේ ප්‍රධාන රාජකීය වෙදැදුරුවරිය බවට පත් වූ “ජං-ගුම්” නම් කාන්තාවගේ චරිතය නිරූපණය කරයි.. ඇය ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධියට පත් වූයේ “චංගුමී” නමිනි. ශ්‍රී ලංකාවේ මෙය සුජාත දියණී ලෙස ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය විය. එම යුගයේ දී කොරියාවේ කාන්තාවන්ට හිමිව තිබුණේ පහත් තත්ත්වයකි. මෙහිදී තරුණ චංගුමී කොරියානු සූපවේදය හා වෛද්‍යකර්මය පිළිබද හදාරන අයුරු මෙමගින් නිරූපණය වේ. ඇය එහිදී රජුගේ විවිධ රෝග සුවකිරීමට සමත් වේ. “ජං-ගුම්” නම් කොරියාවේ ජෝසුන් රාජවංශ යුගයේ සිටි ප්‍රථම හා එකම රාජකීය වෛද්‍යවරිය පිළිබද සත්‍ය කථාවක් ආශ්රයෙන් මෙය නිර්මාණය වී ඇත. තවද මෙමගින් ප්‍රධාන වශයෙන් සම්ප්‍රදායික කොරියානු සංස්කෘතිය, කොරියානු රාජමාලිග සූපවේදය සහ සම්ප්‍රදායික වෛද්‍යකර්මය පිළිබද අවබෝධයක් ද ලබාගත හැක.[4]