From Wikipedia, the free encyclopedia
සංගුං යනු 5වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ (正五品; ජොං 5 පුම්) නිලධාරිණී තනතුරක් වූ අතර, එය කොරියාවේ ජොසොන් රාජවංශයේ ගුංන්යෝ, එනම් පරිවාර කාන්තාවකට ලබාගත හැකි උසස්ම තනතුර විය.[1][2] මෙම තනතුර සහිත නිලධාරිණියනට මාලිගයේ අභ්‍යන්තර කටයුතු පාලනය භාර විය. සාමාන්‍ය නාඉන්වරියක් වසර 15කට වඩා සේවය කළ විට, ඇයට සංගුංවරියන් පළඳින විසිතුරු කොණ්ඩා කටුවක් හිමි වේ. ඒ නිසා අලුතෙන් පත් වූ සංගුංවරියක් සාමාන්‍යයෙන්, අවුරුදු 35–45 පමණ වියැති කාන්තාවෝ වූහ. සංගුං තනතුරේ පාලිකාවකට විශේෂ වරප්‍රසාද හිමි ළුූ අතර, ඇයට ඇගේම නිවසක් හා සේවිකාවන් හිමි විය.[3]
සංගුං | |
හංගුල් | 상궁 |
---|---|
හන්ජා | 尙宮 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | sanggung |
මැකූන්–රයිෂවර් | sanggung |
මෙම තනතුර පළමුව දක්නට ලැබෙන්නේ ගොර්යෝසා ("ගෝර්යෝවේ ඉතිහාසය") නම් වූ ගෝර්යෝ යුගය පිළිබඳ සඳහන් ග්රන්ථයෙනි. මෙම ග්‍රන්ථයේ බෙක්ග්වන්ජි (百官志) නැමැති පරිච්ඡේදයේ, සියලු නිලධාරී තනතුරු ඇති අතර, එහි සංගුං (尙宮, මාලිගය කළමනාකරණය), සංචිම් (尙寢, සිරියහන් සැකසීම), සංසික් (尙食 ආහාර කළමනාකරණය), සහ වෙනත් සංචිම් (尙針, මැහුම් කළමනාකරණය) වැනි තනතුරු හ්යොන්ජොං රජුගේ කාලයේ පැවති බව සඳහන් වේ. මෙම ග්රන්ථයෙහි තවත් තැනක 1031 මාර්තු මාසයේ රජුගේ 22වන වර්ෂයේ හන් පාලිකාව සංගුං තනතුරට පත්කෙරුණු බව සඳහන් වේ. මෙම වාර්තා මගින් සනාථ වන්නේ සංගුං ක්‍රමය ගෝර්යෝ යුගයේ සිට පැවත එන බවයි.[4][5]
නේම්යොංබුහි (內命婦) සඳහන් ක්‍රමය මෙන් අගබිසව සහ පරිවාර කතුන් ඇතුළු මාලිගයේ තනතුරු දරන ස්ත්‍රීන්[6] ජොසොන් රාජවංශ සමයේ දී මෙම ක්‍රමය ප්‍රතිශෝධනය කෙරුණු අතර, සංගුං තනතුර හිමි නිලධාරිණියන් මාලිගයේ අභ්‍යන්තර කටයුතු සංවිධානය කරමින් ගුංග්වන් (සාහිත්‍යමය. මාලිග නිලධාරියා) ඉහළම තනතුරු හෙබවූහ. නේම්යොංබු විශාල වශයෙන් නේග්වන් (සාහිත්‍යමය "අභ්‍යන්තර කාර්යාල")[7] ) සහ ගුංග්වන්වලට බෙදන ලද්දේ ග්යොංගුක් දේජොන් අනුව ය. මීට පෙර ගුංග්වන් යන්න රජුගේ උඵබිසෝවරුනට හෝ කිරුළහිමි කුමරුගේ බිසෝවරුනට භාවිත වුව ද, අනතුරුව එය මට්ටමක් සහිත නිලධාරිණියනට භාවිත විය.[4]
සංගුංගේ සමාජ තත්ත්වය යැංගින් (සාමාන්‍ය ජන) පන්තියට අයත් වූ අතර, එය නීතිය අනුව නේග්වන්ගෙන් වෙනස් විය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.