දේවනාගරී
බොහෝ ඉන්දියානු සහ නේපාලි භාෂා සඳහා භාවිතා වන ලේඛන අක්ෂර මාලාව / From Wikipedia, the free encyclopedia
දේවනාගරී (/ˌdeɪvəˈnɑːɡəri/ DAY-və-NAH-gər-ee; देवनागरी, IAST: Devanāgarī, සංස්කෘත උච්චාරණය: [deːʋɐˈnaːɡɐɽiː]), හෙවත් නාගරී (Nāgarī, नागरी),[6] යනුවෙන් හැඳින්වෙන්නේ වමේ සිට දකුණට ලියනු ලබන අබුගිඩා ලේඛන ක්රමයකි.[7] මෙය ඉන්දියානු උපමහාද්වීපයේ පුරාතන බ්රාහ්මී අක්ෂර ආශ්රයෙන් බිහිවූවකි.[1] මෙය පුරාතන ඉන්දියාවේ ක්‍රි.ව. 1වන සිට 4වන සියවස දක්වා කාලයේ වර්ධනය විය.[1] ක්‍රි.ව. 7වන සියවස වන විට එය සාමාන්‍ය භාවිතයේ පැවතිණි.[6][8] දේවනාගරී අක්ෂර මාලාව ස්වර අක්ෂර 14ක් සහ ව්‍යඤ්ජන අක්ෂර 33ක් ලෙස ප්‍රධාන අක්ෂර 47කින් සමන්විත ය. එය ලොව සිව්වෙනියට වඩාත්ම භාවිතා වන අක්ෂර ක්‍රමය වේ.[9] මෙය දැනට භාෂා 120කට අධික සංඛ්‍යාවක භාවිතා වේ.[10]
Quick Facts දේවනාගරී देवनागरी, වර්ගය ...
දේවනාගරී देवनागरी | |
---|---|
වර්ගය | |
භාෂා | අපභ්‍රංශ, ආවධි, Bhili, භෝජ්පූරි, Bodo, බ්රාජ් භාෂා, ඡත්තීස්ගර්හි, Dogri, ගුජරාටි, Haryanvi, හින්දි, හින්දුස්තාන්, කාශ්මීරි, Konkani, මාගහී, මෛථිලි, මරාඨි, Marwari, Mundari, Newari, නේපාලි, පාලි, Pahari (විවිධ), ප්රාකෘත, රාජස්ථානි, Sadri, සංස්කෘත, Santali, Saraiki, Sherpa සහ සින්ධි, Surjapuri, සහ තවත් බොගෝ |
කාල වකවානුව | මුල්කාලීන් ස්වරූපය: ක්‍රි.ව. 1වන සියවස පමණ[1] නූතන ස්වරූපය: ක්‍රි.ව. 7වන සියවසේ සිට වර්තමානය තෙක්[2][3] |
මාතෘ ක්‍රම | |
සහෝදර ක්‍රම | නන්දිනාගරී Kaithi ගුජරාටි මෝඩී |
දිශානතිය | Left-to-right |
ISO 15924 | Deva, 315 |
යුනිකේත අන්වර්ථ | Devanagari |
යුනිකේත පරාසය | U+0900–U+097F Devanagari, U+A8E0–U+A8FF Devanagari Extended, U+1CD0–U+1CFF Vedic Extensions |
[a] බ්රාහ්මී අක්ෂරවල සෙමිටික් ප්රභවය පිළිබඳ මතය සම්පූර්ණයෙන් පිළිගැනීමට ලක්ව නැත. | |
Close