ද්වාරය:ක්‍රීඩා
From Wikipedia, the free encyclopedia
![]() | Portal maintenance status: (2024 ජූලි)
|
හැඳින්වීම
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/92/Youth-soccer-indiana.jpg/640px-Youth-soccer-indiana.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/63/Horse-racing-4.jpg/640px-Horse-racing-4.jpg)
ක්‍රීඩා (ඉංග්‍රීසි: sports) යනු නීතිරීති හෝ ව්‍යවහාරයන් මාලාවන් විසින් පාලනය කරනු ලැබෙන හා බොහෝ විට තරගකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකම් ය. ක්‍රීඩා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තරගකරුගේ කායික ශක්‍යතාවයන් අවසාන ප්‍රතිඵලයේ (දිනුම හෝ පරාජය) එකම සහ මූලික නිර්ණය සාධකය වන ක්‍රියාකාරකම්ය. නමුත් බුද්ධිය භාවිතා කරන ක්‍රීඩා (වාසනාවට ඉතා අඩු ඉඩකඩක් ඇති “කාඩ් සෙල්ලම්” හා පුවරු ක්‍රීඩා” හැඳින්වීම බහුලව යොදන නමකි) සහ මානසික තීක්ෂණභාවය හෝ උපකරණවල තත්වය ප්‍රධාන සාධක වන “මෝටර් රථ ක්‍රීඩා” වැනි ක්‍රියාකාරකම් හැඳින්වීමට ද මෙම යෙදුම භාවිතා කරනු ලැබේ. කායික ක්‍රීඩා සමහරකට සහයෝගීතාව අවශ්‍ය වන අතර ඊට පාපන්දු, පැසිපන්දු, ජල පන්දු ක්‍රීඩාව සහ බේස් බෝල් ක්‍රීඩාව ඇතුළත් වේ.
තෝරාගත් ලිපි
- Image 1
ක්‍රීඩා
ක්‍රීඩා කිරීමේදී හා ව්‍යායාම් කිරීමේදී අස්ථි හා මාංශපේෂීන් හි ඇතිවන ආබාධ වළක්වාගැනීම , හදුනාගැනීම හා ප්‍රතිකාර කිරීම සදහා වු විශේෂ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් මේ නමින් හැදින්වේ. මෙම ක්‍රීඩා වෛද්‍ය කණ්ඩායමට අදාල ක්‍රීඩකයා හැරුණු විට කායික වෛද්‍යවරයෙක් , ශල්‍ය වෛද්‍යවරයෙක් , මලල ක්‍රීඩා පුහුණු කරුවන් හා අනෙකුත් පුහුණු කරුවන් , භෞත චිකිත්සකයින් හා වෙනත් පුද්ගලයින් අයත්වේ. ක්‍රීඩාවෙහි ඇති තරගකාරීත්වය නිසාම ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන අරමුණ වනනේ අදාල රෝගියා ඉක්මනින් සුවපත් කර ගැනීමයි. මෙමගින් මෙම ක්ෂේත්රයෙහි නව ක්රමෝපායන් හා අදහස් ඇතිවී තිබේ.
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව යන්න බොහෝ විට අර්ථ දක්වීම අපහසු වේ. එසේ වන්නේ එය සෞඛ්‍ය සේවකයින් , පර්යේෂකයින් සහ අධ්‍යාපනවේදීන් සහභාගීකරවා ගන්නා විවිධත්වයකින් යුක්ත වෙසෙසියාවක් බැවිනි. මෙමගින් ප්‍රතිකාර කිරිම සහ පුනරුත්ථාපනයට අමතරව වලක්වාගැනීම පිළිබදවද අවධානය යොමු කෙරේ. (තව දුරටත්...) - Image 2
ක්‍රීඩා තුවාල යනු ක්‍රීඩාවලට සහභාගී වීමේදි ඇති වන තුවාලය. බොහෝ අවස්ථාවන්හිදී මෙවැනි තුවාල ඇතිවන්නේ කිසියම් ක්‍රීඩාවක යෙදෙද්දි ශරීරයේ කිසියම් අවයවයක් හෝ කොටසක් වැඩිපුර පාවිච්චි කිරීමේ හේතුවෙනි. උදාහරණයක් වශයෙන් ධාවකයෙකු, ධාවනයෙහි යෙදෙද්දී ඇති වන දණ හිස් වේදනාව ද ටෙනිස් ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමේදි නැවත නැවතත් වැලමිටට ඇති වන පීඩාවද පෙන්වා දිය හැක. වෙනත් ආකාරයේ තුවාල යමක් මත තදින් ගැටීමේදි ඇති විය හැක. මෙහිදි අස්ථියක් බිඳීම හෝ අස්ථි බන්ධනයක් ඉරීයාම බොහෝ විට සිදු වේ.
වෘත්තියමය ක්රීඩාවන්හීදි තුවාල ඇති වීම සාමාන්‍ය දෙයකි. බොහෝ ක්‍රීඩා කණ්ඩායම් වලට ක්‍රීඩා පුහුණු කරුවන් සිටින අතර වෛද්‍යවරු සමග සමීප සබඳතාවක්ද පවතී. කෙටි කාලීනව ලබා ගන්නා විජයග්රහණයන් උදෙසා ක්‍රීඩකයෙකුගේ දිගු කාලීන සෞඛ්‍ය තත්වය තර්ජනයට ලක් වන වන පරිද්දෙන් ක්‍රීඩා කණ්ඩායම් ගන්නා තීරණ සමහර විට වාද විවාද වලට භාජනය වේ. (තව දුරටත්...) - Image 3
ක්‍රීඩා_ඇඳුම්
පාපැදි ධාවන තරඟ වලදි තද ඇඳුම් (Tights) ආරක්ෂක හිස් වැසුම් සහ විශේෂ පාවහන් පාවිච්චි කරනු ලැබේ.
ක්‍රීඩා ඇඳුම් යනු පාවහන්ද ඇතුලුව ක්‍රීඩා සහ ව්‍යයාම කිරීමේදි අඳිනු ලබන ඇඳුම් පැළඳුම් යනාදියයි. (තව දුරටත්...) - Image 4ව්‍යායාම භෞතවේදය යනු ව්‍යායාම කිරීමේ දී මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය හා සැකැස්වීම වෙනස්වන අන්දම පිළිබදව සිදුකරන අධ්‍යයනයකි. මේ සදහා ව්‍යායාමයේ දී සිරුරේ ඇතිවන ප්‍රතිචාර පිළිබද ව පුළුල් දැනීමක් හා සැලකිය යුතු මට්ටමක අධ්‍යයනය කිරීමත් අත්‍යාවශ්‍ය වේ.
ව්‍යායාම භෞතවේදීන් ද අධ්‍යයනය කෙරෙනුයේ මිනිස් ශක්ති පරිවහනය , ශක්තිය වැයවීම , ශක්ති ජනනය කිරීමේ හැකියාව , ස්නායු පද්ධතිය , ශ්වසන පද්ධතිය , රුධිර සංසරණය , අස්ථි හා මාංශ පේශී , අන්තරා සර්ග පද්ධතිය , රෝග ඇතිවීම පාලනය කිරීම , පුහුණු විමේ ක්‍රම අවට පරිසරයේ බලපෑම සහ ශක්ති ජනක ක්‍රම ආදිය ගැනයි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ක්‍රීඩා සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
- Image 1තුරඟ තරග (from ක්‍රීඩා)
උප ප්‍රවර්ග
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikibooks-logo.svg/25px-Wikibooks-logo.svg.png)
කොමන්ස්
මාධ්‍ය
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/18px-Commons-logo.svg.png)
විකිනිව්ස්
පුවත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Wikinews-logo.svg/46px-Wikinews-logo.svg.png)
විකික්වෝට්
කියමන්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikiquote-logo.svg/21px-Wikiquote-logo.svg.png)
විකිසෝර්ක්
මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4c/Wikisource-logo.svg/24px-Wikisource-logo.svg.png)
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Wikiversity-logo.svg/31px-Wikiversity-logo.svg.png)
වික්ෂනරි
අර්ථ දැක්වීම්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Wiktionary-logo.svg/25px-Wiktionary-logo.svg.png)
විකිඩේටා
දත්ත ගබඩාව
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/ff/Wikidata-logo.svg/45px-Wikidata-logo.svg.png)