![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b2/TE-Nervous_system_diagram.svg/langsi-640px-TE-Nervous_system_diagram.svg.png&w=640&q=50)
ස්නායු පද්ධතිය
From Wikipedia, the free encyclopedia
ප්‍රධාන ලිපිය: මිනිසාගේ ස්නායු පද්ධතිය
Quick Facts ස්නායු පද්ධතිය, හඳුන්වනයන් ...
ස්නායු පද්ධතිය | |
---|---|
![]() මිනිසාගේ ස්නායු පඬතිය | |
හඳුන්වනයන් | |
TA | A14.0.00.000 |
FMA | 7157 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
Close
මිනිස් ස්නායු පද්ධතිය දල ආකාරයෙන් ද (පියවි ඇසින් දැකිය හැකි කොටස්) සහ ක්ෂුද්‍ර ආකාරයෙන් ද, (සෛල මට්ටමින් ද) ගවේෂණය කළ හැක. දළ ව්‍යුහය අනුව ස්නායු පද්ධතිය වෙන වෙනම ඉන්ද්‍රියවලට කාණ්ඩ කළ හැක. මේවා ඇත්තෙන්ම ස්නායු පථ මාර්ගයේ එක් එක් මං සන්ධි වේ. මධ්‍ය හා පර්යන්ත ස්නායු පද්ධතිය ලෙස මෙය ඉගෙනීමේ පහසුව තකා තැන අනුව වර්ග කෙරේ. මධ්‍ය ස්නායු පද්ධතිය, ස්නායු පද්ධතියේ විශාලතම කොටසයි. මොළය හා සුෂුම්නාව අඩංගුය. කපාල කුහරය තුළ (මොළය අඩංගු) හා සුෂුම්නාව අඩංගු සුසුම්නා කුහරය තුල මධ්‍ය ස්නායු පද්ධතිය අඩංගුය. මෙනින්ජි පටල මඟින් ආවරණය වන මධ්‍ය ස්නායු පද්ධති කාපලය මඟින් මොළය ද කොදු ඇට මඟින් සුෂුම්නාව ද ආරක්ෂා වේ. එක්ව ක්‍රියා කළ හැකි පද්ධති ගණනාවකට මිනිස් ස්නායු පද්ධතිය සම්බන්ධ වේ.