![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c0/JJInjury.jpg/640px-JJInjury.jpg&w=640&q=50)
ක්‍රීඩාවේදී ඇතිවන තුවාල
From Wikipedia, the free encyclopedia
ක්‍රීඩා තුවාල යනු ක්‍රීඩාවලට සහභාගී වීමේදි ඇති වන තුවාලය. බොහෝ අවස්ථාවන්හිදී මෙවැනි තුවාල ඇතිවන්නේ කිසියම් ක්‍රීඩාවක යෙදෙද්දි ශරීරයේ කිසියම් අවයවයක් හෝ කොටසක් වැඩිපුර පාවිච්චි කිරීමේ හේතුවෙනි. උදාහරණයක් වශයෙන් ධාවකයෙකු, ධාවනයෙහි යෙදෙද්දී ඇති වන දණ හිස් වේදනාව ද ටෙනිස් ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමේදි නැවත නැවතත් වැලමිටට ඇති වන පීඩාවද පෙන්වා දිය හැක. වෙනත් ආකාරයේ තුවාල යමක් මත තදින් ගැටීමේදි ඇති විය හැක. මෙහිදි අස්ථියක් බිඳීම හෝ අස්ථි බන්ධනයක් ඉරීයාම බොහෝ විට සිදු වේ.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c0/JJInjury.jpg/640px-JJInjury.jpg)
වෘත්තියමය ක්රීඩාවන්හීදි තුවාල ඇති වීම සාමාන්‍ය දෙයකි. බොහෝ ක්‍රීඩා කණ්ඩායම් වලට ක්‍රීඩා පුහුණු කරුවන් සිටින අතර වෛද්‍යවරු සමග සමීප සබඳතාවක්ද පවතී. කෙටි කාලීනව ලබා ගන්නා විජයග්රහණයන් උදෙසා ක්‍රීඩකයෙකුගේ දිගු කාලීන සෞඛ්‍ය තත්වය තර්ජනයට ලක් වන වන පරිද්දෙන් ක්‍රීඩා කණ්ඩායම් ගන්නා තීරණ සමහර විට වාද විවාද වලට භාජනය වේ.