ත්රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය
From Wikipedia, the free encyclopedia
ත්රස්තවාදයට එරෙහි යුද්ධය ( ත්රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය හෝ භීෂණයට එරෙහි යුද්ධය ලෙසින්ද හැඳින්වේ) යනු අමෙරිකා එක්සත් ජනපදයට ක්‍රි.ව. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාර දින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට පසු අමෙරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ඇරඹි මිලටරි ව්‍යාපාරයයි.
ත්රස්තවාදයට එරෙහි යුද්ධය | |||||||
---|---|---|---|---|---|---|---|
ඉහළ වම් කෙළවරෙහි සිට දක්ෂිණාවර්තව: සැප්තැම්බර් 11 ප්‍රහාර වලින් පසු දර්ශන; එජ පාබළ හමුදාව ඇෆ්ගනිස්තානයෙහි; එජ සොල්දාදුවෙකු හා ඇෆ්ගන් භාෂා පරිවර්තකයෙකු ඇෆ්ගනිස්තානයෙහි, සාබුල් ප්‍රාන්තයෙහි; ඉරාක මෝටර් රථ බෝම්බයක් පිපිරීමක් බැග්ඩෑඩයෙහි | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
නේටෝ සහභාගීයන්:
නේටෝ-නොවන සහභාගීයන්:
අන්තර්ජාතික මෙහෙයුම්: (සටහන: දායකත්වය සපයන බොහෝ ජාතීන්, ජාත්‍යන්තර ක්‍රියාන්විතය හි ඇතුලත් කර ඇත) |
ප්‍රධාන ඉලක්කයන්: වෙනත් ඉලක්ක:
| ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
ජන. ටොමී ෆ්රෑන්ක්ස් (CENTCOM ආඥාපති 2001–2003), ජන. ජෝන් අබිසයිඩ් (ISAF ආඥාපති 2009–වර්තමානය), අද්. විලියම් ජේ. ෆලෝන් (CENTCOM ආඥාපති 2007–2008), ජන. ඩේවිඩ් පෙට්රනියස් (CENTCOM ආඥාපති 2008–වර්තමානය), ජන. ස්ටැන්ලි ඒ. මැක්රිස්ටල් (ISAF ආඥාපති 2009–2010), ජන. අෂ්ෆාක් පාවේස් කයානි (යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි 2007–වර්තමානය) ජන. ටාරික් කාන් ( FC හි මේජර් ජනරාල්) |
මොහම්මඩ් ඔමාර් බයිතුල්ලා මෙහ්සුද් † මුල්ලා ඩාඩුල්ලා † ඔසාමා බින් ලාඩන් † අයිමාන් අල්-සවාහිරි අබු මුසාබ් අල්-සාකාවි † අබු අයුබ් අල්-මස්රි † ඉමාඩ් මග්නියා † |
නේටෝ මෙන්ම නේටෝ-නොවන රටවල් වල සහය ඇතුව එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය නායකත්වය සපයමින් සිදු කරනලදී. මෙම මෙහෙයුම දියත් කෙරුණේ අල්-කයිඩා සහ අනෙකුත් හමුදාමය සංවිධාන වලට එරෙහිව වන අතර අභිප්‍රාය වූයේ ඔවුන් මුලිනුපුටාදැමීමය.[1]
ත්‍රස්තවාදී ලෙසින් නම් කෙරුණු සංවිධාන හා ඒවා හා සම්බන්ධ කම් පවත්වන බවට හෝ ඒවාට උපකාර සපයන බවට හෝ චෝදනා එල්ලවී ඇති රාජ්‍යයන් හෝ සාමාන්‍ය ලෙසින් ගත් කල එජ යට හෝ එහි මිත්‍ර රටවලට තර්ජන එල්ල කර බවට දැනෙන හෝ එසේ තර්ජනයක් වී ඇත්තාවූ හෝ රාජ්‍යයන් වලට එරෙහිව දියත් කර ඇති ගෝලීය හමුදාමය, දේශපාලනමය, නීතිමය, සහ මතවාදීය අරගලය හැඳින්වීමට 'ත්රස්තවාදයට එරෙහි යුද්ධය' යන වාක්‍යාංශය මුලින්ම භාවිතා කරන ලද්දේ එජ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් සහ අනෙකුත් උසස්-තලයේ එජ නිලධාරින් විසිනි. එය ප්‍රරූපීය වශයෙන් භාවිතා කරන ලද්දේ සටන්කාමී ඉස්ලාමීයයන් සහ අල්-කයිඩා අරභයා සුවිශේෂ ලෙසින් ඉලක්ක කර ගනිමිනි.
එජ ජනාධිපති බරාක් ඔබාමාගේ පරිපාලනය විසින් මෙම යෙදුම නිල වශයෙන් භාවිතා නොකරන්නේ වුවද (එය විසින් ඒ වෙනුවට විදේශ අවිනිශ්චිත ක්‍රියාන්විතය යන වාක්‍යාංශය භාවිතා කරයි), මාධ්‍යයන් තුලදී එය තවමත් දේශපාලනඥයන් විසින් පොදු ලෙසින් භාවිතා කරන අතර, එක්සත් ජනපදයේ ත්රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය සේවා පදක්කම වැනි තැන්හී සමහරක් රාජ්‍ය අංශ වල නිල වශයෙන් භාවිතා වෙයි.