හෝ චි මින් නගරය
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
හෝ චි මින් නගරය (වියට්නාම භාෂාව: තාන් පෝ හෝ චි මින්හ්; ප්‍රංශ: Saïgon) යනු වියට්නාමයේ විශාලතම නගරයයි. සයිගොන් යනු එහි පෙර නාමය වන අතර අදටද සමහර අවස්තාවන්දී නිල නොවන වශයෙන් එම නාමය භාවිත කරයි. එය අතීතයේදී ප්‍රේ නොකෝර් ලෙසද හඳුන්වනු ලැබූ අතර, එය 17 වන සියවසේදී වියට්නාමයට ඈඳා ගන්නා තුරුම ඛේමර් අධිරාජ්‍යයට අයත් තොටුපලක් විය. කොචින්චිනා ප්‍රංශ කොලොනියේ අගනුවර වූයේද මෙම නගරයයි. එය එවකට සයිගොන් නමින් හැඳින්විණි. පසුව 1955-1975 කාලයේදී දකුණු වියට්නාමයේ අගනුවර ලෙසද සයිගොන් නගරය යොදා ගැනිණි. 1976 ජූලි 2 වෙනිදා තදාසන්න ගියා දින් පළාත සමග ඒකාබද්ධ කල සයිගොන් නගරය, එතැන් සිට හෝ චි මින් සිහිවනු පිණිස හෝ චි මින් නගරය ලෙස නම් කරන ලදී.[3]
), හෙවත් සයිගොන් ( ,
හෝ චි මින් නගරය Thành phố Hồ Chí Minh Sài Gòn | |
---|---|
නගරසභාව | |
Thành phố trực thuộc trung ương | |
අපනාමය(න්): පෙරදිග පැරීසිය ඈත පෙරදිග මුතු ඇටය | |
වියට්නාමය තුල සහ දකුණු වියට්නාමය තුල හෝ චි මින් නගරයේ පිහිටීම | |
රට | වියට්නාමය |
ගියා දින්හ් ලෙස පිහිටවනු ලැබීය | 1698 |
හෝ චි මින් නගරය ලෙස ප්‍රතිනාමකරණය කරන ලදී | 1976 |
දෙමොනිම් | List
|
ආණ්ඩුව / පරිපාලනය | |
• පක්ෂ ලේකම් | ලේ තන් හායි |
• මහජන කමිටු සභාපති | ලේ හොවන්ග් ක්වාන් |
සරිය | |
• මුළු | 2,095.5 කිමී2 (809.23 සතරැස් සැත) |
උන්නතාංශය | 19 මී (63 අඩි) |
ජනගහණය(2014)[1] | |
• මුළු | 7,981,900 |
• අනුස්ථිතිය | රටේ ඉහලම ජනගහනය |
• ඝණත්වය | සැත) | 3,800/කිමී2 ( 9,900/වර්ග
වේලා කලාප | ICT (UTC+07:00) |
ප්‍රාදේශීය දුරකථන කේතය | 28 |
දල දේශීය නිෂ්පාදිතය | 2014 ඇස්තමේන්තුගත[2] |
- සම්පූර්ණ | ඇ. ඩො. බිලියන 71.1 |
- ඒක පුද්ගල | ඇ. ඩො. 8,660 |
වෙබ් අඩවිය | hochiminhcity.gov.vn |
හෝ චි මින් නගරයේ නගර සභා සීමාව තුල සහ තු දවු මොට්, දී අන්, බියෙන් හොවා වැනි අවට උප නගර හා එකට ගත්විට එහි ජනගහනය මිලියන 9[4] ඉක්මවා යන අතර එය වියට්නාමයේ වඩාත් ජනාකීර්ණම ප්රදේශයයි.[5] 2025 වන විට නගරයේ ජනගහනය මිලියන 13.9 දක්වා ඉහල යනු ඇති අපේක්ෂා කෙරේ.[6]
ගිනිකොනදිග වියට්නාමය තුල බොහෝ ප්‍රදේශ, ටියෙන් ගියෑන් පළාත සහ ලෝන්ග් ඇන් පළාත යන ප්‍රදේශ එක්කොට 30,000 square කිලෝmetres (12,000 sq mi) විශාල නාගරික ප්‍රදේශයක් ගොඩනැගීමට දැනට සැලසුම් කර ඇති අතර, 2020 වන විට වැඩ නිම වන එහි මිලියන 20ක පමණ ජනගහනයක් සිටිනු ඇති අපේක්ෂා කෙරේ.[7]
හෝ චි මින් නගරය, මර්සර් මානව සම්පත් උපදේශක සේවය, ඉකොනොමිස්ට් බුද්ධි අංශය සහ ඊසීඒ ඉන්ටනැෂනල් යන සංවිධාන වලට අනුව ප්‍රවාසික සේවානියුක්තිකයින් සඳහා වඩාත් වටිනාකමකින් යුතු නගර ලයිස්තුවේ 132 වන ස්ථානය හිමිකරගෙන සිටී.
ඉතිහාසය පුරා හෝ චි මින් නගරය විවිධ නාමයන්ගෙන් හඳුන්වා ඇත. ඊට හේතු වී ඇත්තේ විවිධ කාල වලදී විවිධ ජාතීන්, සංකෘතීන්, දේශපාලන කණ්ඩායම් යන ඒවාට අයත් පිරිස් එහි පදිංචි වීමයි. 1690 දී මෙකොන් ඩෙල්ටාව සහ ඒ අවට වියට්නාම පරිපාලනමය ඒකක පිහිටුවීම සඳහා හියුහි ගුයෙන් පාලකයන් විසින් ගුයෙන් හූ චාන් නමැති ප්රභූවරයා මෙම ප්‍රදේශයට එවන ලදී. පසුව එහි පාලනය වියට්නාම පාලනයට නතු වූ අතර, එම අවස්තාවේදී එයට ගියා දින්හ් යන නිල නාමය ලබා දෙන ලදී. 1860 දශකයේදී කොචින්චිනා නමැති ප්‍රංශ කොලොනිය පිහිටවන තුරුම එම නම පැවතිනි. ප්‍රංශ ආක්රමනිකයින් විසින් මෙම නමම සයිගොන් ලෙස පහසුව පිණිස වෙනස් කරගන්නා ලදී. සයිගොන් යනු ගියා දින්හ් නමෙහිම බටහිරකරණය වූ එක් භාවිත ආකාරයකි.[8] කෙසේවෙතත් 1891 වනතුරුම වියට්නාම සිතියම් වල නගරය දැක්වුණේ 嘉 定 ලෙසය.[9] 1975 වසරේදී නගරය කොමියුනිස්ට් පාලනයට නතු වූ වහාම, ප්‍රාදේශීය රජය විසින්, උතුරු වියට්නාමයේ හිටපු නායක හෝ චි මින් නමින් එය නම් කරන ලදී.
නමුත් අදටත් නගරයේ නිල නොවන නාමය වන සයිගොන් නාමය එදිනෙදා කතාබහේදී දේශීය මෙන්ම විදේශීය (විශේෂයෙන්ම විදේශගත වියට්නාම ඩයස්පෝරාව විසින්) වශයෙන්ද භාවිත වේ. හෝ චි මින් නගරයේ, 1 වන දිස්ත්‍රික්කය හැඳින්වීමටද සයි ගොන් යන නම බොහෝවිට යොදා ගැනේ.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.