සුක්-බින් චෝයි
From Wikipedia, the free encyclopedia
හේජු චෝයි වංශයේ රාජකීය වංශවත් සුක් බිසව (කොරියානු: 숙빈최씨; හන්ජා: 淑嬪崔氏) (1670 දෙසැම්බර් 17 – 1718 අප්‍රේල් 9) යනු ජොසොන්හි සුක්ජොං රජුගේ උපබිසෝවරුන් අතරින් වඩාත් ප්‍රකටම උපබිසවකි. රාජකීය වංශවත් සුක් බිසව බවට පත් වන ඇය උපත ලැබූයේ 1670 ජොසොන්හි හ්යොන්ජොං රජුගේ එකොලොස්වන වර්ෂයේ එකොලොස් වන චන්ද්‍ර මාසයේ සය වන දිනයේ ය. ඇය චෝයි හ්යෝ-වොන් සහ නම්යංහි හොං ආර්යාවගේ (1639–1673) බාලම දියණියයි.[1] (කොරියානු: 최효원; හන්ජා: 崔孝元; 1638–1672) ඇයට චෝයි දොං-හූ (කොරියානු: 최후; හන්ජා: 崔垕) නමින් වැඩිමහල් සොයුරකු වූ අතර, ඔහු සුන්හ්යුංහි අන් ආර්යාව සමග විවාහ විය. ඇයට සිටි එකම වැඩිමහල් සොයුරිය, සියෝ ජොන් (කොරියානු: 서전; හන්ජා: 徐專) සමග විවාහ වූවා ය.
Quick Facts සුක්-බින් චෝයි (දොං යී), රාජකීය වංශවත් බිසව ශ්‍රේණිය 1 ...
සුක්-බින් චෝයි (දොං යී) | |
---|---|
ගොනුව:31044033.jpg | |
රාජකීය වංශවත් බිසව ශ්‍රේණිය 1 | |
නිල කාලය | 1699 – 1718 අප්‍රේල් 9 |
උපත | 1670 දෙසැම්බර් 17 |
මරණය | April 9, 1718(1718-04-09) (වයස 47) ඉහ්යොන් මාලිගය, දකුණු කොරියාව |
භූමදානය | සෝර්යොංවොන් |
වල්ලභයා | ජොසොන්හි සුක්ජොං රජු |
දරුවන් | ජොසොන්හි යොංජෝ රජු |
වංශය | හේජු චෝයි |
පියා | චෝයි හ්යෝ-වොන් |
Close
Quick Facts හංගුල්, හන්ජා ...
සුක්-බින් චෝයි | |
හංගුල් | 숙빈 최씨 |
---|---|
හන්ජා | 淑嬪崔氏 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සුක්බින් චෝයිසි |
මැකූන්–රයිෂවර් | සුක්පින් චෝයිසි |
Close