ස්පුට්නික්-2
From Wikipedia, the free encyclopedia
right|thumb|300px|ස්පුට්නික්-2 චන්ද්‍රිකාවේ ආකෘතියක්
පෘථිවිය වටා කක්ෂ ගැන්වූ දෙවන කෘත්‍රිම උපග්‍රහයා ස්පුට්නික්-2 යී. එමෙන් ම මෙය ජීවියෙකු අභ්‍යවකාශයට රැගෙන ගිය ප්‍රථම අභ්‍යවකාශ යානය ද වෙයි. ඒ ලයිකා නම් බැල්ලකි. ස්පුට්නික්-2 ගුවන් ගැන්වුණේ 1957 නොවැම්බර් 3 දා, එනම් ප්‍රථම කාත්‍රිම උපග්‍රහයා වන ස්පුට්නික්-1 ගුවන් ගන්වා මාසයකට පසු යි. සෝවියට් සංගමය ඒ වන විටත් සුනඛයන් නවදෙනෙක් R-1 හා R-5 වැනි රොකට්ටු ආධාරයෙන් ප්‍රාක්ෂේප පථවල ගුවන් ගන්වා පරීක්ෂණ ගණනාවක් පවත්වා තිබූ බැවින් සමහර අයෙක් විශ්වාස කරන පරිදි ස්පුට්නික්-2 මසක් තුළ නිර්මාණය කර අභ්යවකාශගැන්වූවක් නොවේ.
ස්පුට්නික්-2 චන්ද්‍රිකාව සිය වාහක රොකට්ටුවේ දෙවන අවස්ථාවෙන් වෙන් වීමට සැලසුම් කර නොතිබිණ. එම නිසා අභ්‍යවකාශයේ රැඳුණු පස් මසක කාලය තුළ ස්පුට්නික්-2 පෘථිවිය වටා පරිභ්‍රමණය වූයේ වාහක රොකට්ටුව හා එකට සම්බන්ධව ය.
අවාසනාවකට මෙන් මෙහි ගමන් කළ ජීවියා නැවත නිරුපද්‍රිතව නැවත පොළොවට ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සකසා නොතිබුණි. තවද, 2002 වසරේ දී අනාවරණය වූ කරුණු අනුව ස්පුට්නික්-2 ගුවන් ගතකර පැය කිහිපයක් ඇතුළත අධික උණුසුම හා ආතතියත් වාතය අැණහිටිම හේතුවෙන් ලයිකා බැල්ල මිය ගොස් ඇත. අැය ගමන් ගත් ස්පුට්නික් - 2 නම් වු යානය 1958 අප්‍රේල් 14 දින පෘථීවි වායුගොලයට නැවත අැතුලු වී ගිනිගෙන විනාශ විය. මෙසේ අනාරක්ෂිතව ජීවියකු අභ්‍යවකාශ ගැන්වීම එකල මෙන් ම මෑතක දී ද සත්ත්ව හිංසන විරෝධීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.