![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a2/Posta_Romana_-_1959_-_Laika_120_B.jpg/640px-Posta_Romana_-_1959_-_Laika_120_B.jpg&w=640&q=50)
ලයිකා
From Wikipedia, the free encyclopedia
ලයිකා (රුසියානු: සාහිත්‍යමය තේරුම වන්නේ "බුරන්නා"c1954 - නොවැම්බර 3,1957) යනු සෝවියට් අභ්‍යවකාශ සුනඛයෙකි. උෟ පෘථිවි කක්ෂය වටා ගමන් කල ප්‍රථම සත්ත්වයා බවට පත්වූ අතර පෘථිවි කක්ෂෙය්දී මිය ගිය ප්‍රථම සත්ත්වයා බවටද පත්විය.
ලයිකා Лайка | |
---|---|
![]() Romanian stamp from 1959 with Laika (the caption reads "Laika, first traveller into Cosmos") | |
Species | Canis lupus familiaris |
Sex | Female |
Born | c. 1954 Moscow, Soviet Union |
Died | November 3, 1957 |
Nation from | සෝවියට් සංගමය |
Known for | First animal to orbit the earth |
ලයිකාගේ අභ්‍යවකාශ ගමන සිදුවූ අවදියේදී අභ්‍යවකාශ ගමනකින් සජීවී ඇතිවන බලපෑම පිලිබදව කරුණු දැනසිටියේ ස්වල්පයකි. එමෙන්ම කක්ෂගතවූ යානයක් නැවතත් පෘතුවියට ගෙන්වාගැනීමට අවශ්‍ය තාක්ෂනය ඒ වනවිට වර්දනය වී නොතිබිණ. විද්‍යාඥයන් කිහිපදෙනෙකු විශ්වාස කලේ මිනිසුන්ව අභ්‍යවකාශයට කක්ෂගතකිරීම හෝ අභ්‍යවකාශ තත්වයන් හමුවේ ජීවත්විය නොහැකි බවයි. එහෙයින් ඉංජිනේරුවන් විසින් මිනිසුන්ට පෙර මිනිසුන් නොවන සත්වයන් ගුවන් ගත කිරීම අවශ්‍යයයි සිතීය[1].ලයිකා, අයාලේ සිටි සුනඛයකු විය, ඇගේ මුල් නම වුයේ කුඩ්රයවිකා (Kudryavka)(රුසියානු: Кудрявка තවත් සුනඛයින් දෙදෙනෙකු සමග පුහුණුවීම් වල නිරත විණි. අවසානයේදි සොවියට් අභයාවකාශ යානය ස්පුට්නික් 2 හි නේවාසිකයා ලෙස තෝරාගෙන 1953 නොවැම්බර් මස 3 වන දින කක්ෂ ගත කරන ලදි.
බොහො දුරට ලයිකා කක්ෂ ගතවිමෙන් පැය කිහිපයක් ඇතුළත අධික රත්වීම,[2] නිසා මියයන්නට ඇත. මෙය බොහොදුරට මධ්‍යය R-7 දාරකය(sustainer) පිපිරවුම් හිසෙන් වෙන් නොවීමේ දෝෂයක් නිසා සිදුවන්නට ඇත. ඇගේ මරණයට සැබෑ හේතුව හා මරණය සිදුවූ වෙලාව මහජනයාට ඉදිරිපත් කිරීම 2002 තෙක් සිදු නොකලේය. ඒවෙනුවට සය වන දිනයේදි ඇය ඔක්සිජන් අවසන් වීමෙන් මියගිය බවට පුලුල් වශයෙන් වාර්තා විය. මේ කරුණ හො සෝවියෙට් ආණ්ඩුව මුලින් ප්‍රකාශ කර සිටියේ, ඇය අනායාස මරණයකට ඇගේ ඔක්සිජ්න් අවසන් විමට පෙර භාජනය කල බවයි.මෙම පරික්ෂණයේ අරමුණ වුයේ සජීවී මගියෙකුට, අභයාවකාශයට දියත් කිරිමෙන් පසු ඔහුට ජිවත්විය හැකි බවත් බර රහිත බාවය දරගත හැකි බවත් ඔප්පු කිරීමෙන්, මනුෂ්‍ය අභ්‍යාවකාශ යානා සදහා මාර්ගය සකසාදීම සහ විද්‍යාඥයන් හට අභ්‍යාවකාශ පරිසර තත්වයන් හී සජීවී ජීවියෙකුගේ ප්‍රතික්‍රියා පිළිබදව ප්‍රථම දත්ත සැපයීමත්ය.
2008 අප්‍රේල් 11 වන දින, රුසියානු නියෝජිතයන් විසින් ලයිකා වෙනුවෙන් ස්මාරකයක් විවෘත කරන ලදි. ලයිකාගේ අභ්‍යාවකාශ ගතකිරීම සැකසු මොස්කව් හි යුධ හමුදා පරීක්ෂණ සංකීර්ණය අසල ඇයට උපහාටර පිනිස කුඩා ස්මාරකයක් ඉදිකරන ලදි. රොකට්ටුවක් මත සිටගෙන සිටින සුනඛයකු මෙහි නිරූපණය වේ.[1][3]