![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/be/Sputnik_asm.jpg/640px-Sputnik_asm.jpg&w=640&q=50)
ස්පුට්නික්-1
From Wikipedia, the free encyclopedia
ස්පුට්නික්-1 (රුසියානු බසින්: "Спутник-1") වූ කලී ප්‍රථම කෘත්‍රිම පෘථිවි උපග්‍රහයා යි. වර්ෂ 1957 ඔක්තෝබර් 4 දා සෝවියට් සංගමය විසින් මෙය පෘථිවිය වටා කක්ෂගත කිරීමත් සමඟ මනුෂ්‍ය ඉතිහාසයේ අභ්‍යවකාශ යුගය ලෙස හැඳින්වෙන නව අවධියක උදාව සනිටුහන් විය.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/be/Sputnik_asm.jpg/640px-Sputnik_asm.jpg)
R-7 නමැති වාහක රොකට්ටුවක ආධාරයෙන් ගුවන් ගත කරන ලද මෙම කෘත්‍රිම උපග්‍රහයා (චන්ද්‍රිකාව) මාස තුනක පමණ කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටි අතර මුල් දින 22 දී ලොව පුරා රමක රේඩියෝ ක්‍රියාකරුවන්ට පවා ග්‍රහණය කරගත හැකි වූ අනවරත රේඩියෝ සංඥාවක් නිකුත් කළේ ය. එමෙන්ම ඉතා ඉහළ වායුගෝලයේ ඝනත්වය, උෂ්ණත්වය සහ උල්කා දූලි පිළිබඳ විද්‍යාත්මක කරුණු රැසක් අනාවරණය කරගැනීමට එය දායක විය.
ස්පුට්නික්-1 ගුවන්ගත කෙරුණේ වර්තමාන කසක්ස්තානයේ එකල ත්යුරතම් මිසයිල විහිදුම් යාය හෙවත් මෙකල බයිකොනූර් අභ්‍යවකාශ තොට යනුවෙන් හැඳින්වෙන ස්ථානයෙනි. පෘථිවි කක්ෂයට ඇතුළු වීමට එය පැයට කිලෝමීටර් 29,000 ක වේගයකින් ගමන් ගත් අතර මිනිස් අතින් තැනූ යමක් එතරම් ඉහළ වේගයකින් ගමන්ගත් ප්‍රථම අවස්ථාව එය විය. ස්පුට්නික්-1 හි අනපේක්ෂිත සාර්ථකත්වය අමෙරිකානු එක්සත් ජනපද රජය මවිතයට පත් කරමින් එරට දේශපාලනය ස්පුට්නික් අර්බුදය නමින් හැඳින්වුණු අවුලට ඇද දැම්මා පමණක් නොව අමෙරිකාව සහ රුසියාව අතර අභ්‍යවකාශ තරඟයක් ද ඇවිලවී ය.
“ස්පුට්නික්” යන්නෙහි අරුත පෘථිවියේ අනුචරයා යන්න යි. ස්පුට්නික් ච්යාපෘතිය නමින් හැඳින්වුණු වන්ද්‍රිකා පෙළක පළමුවැන්න වූයේ ස්පුට්නික්-1 යි.