From Wikipedia, the free encyclopedia
සම්ගුක් සගි (삼국사기, 三國史記, තුන් රාජධානිවල ඉතිහාසය) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි වන ගොගුර්යෝ, බෙක්ජේ සහ සිල්ලා රාජධානි පිළිබඳ වන ඓතිහාසික වාර්තාවකි. සම්ගුක් සගි ග්‍රන්ථය රචනා කොට ඇත්තේ පුරාතන කොරියාවේ උගත් ජනයාගේ ලේඛන භාෂාව වූ සම්භාව්‍ය චීන බසිනි. මෙය සම්පාදනය කිරීමට නියෝග කරන ලද්දේ ගොර්යෝවේ රජකු වූ ඉන්ජොං (රාජ්‍ය. 1122-1146) රජු විසිනි. මෙය සම්පාදනය කිරීහට මූලිකත්වය ගන්නා ලද්දේ රාජ්‍ය නිලධාරියකු සහ ඉතිහාසඥයකු වූ, කිම් බුසික් (金富軾) සහ කනිෂ්ඨ විද්වතුන්ගෙන් සැදි මඬුල්ලක් විසිනි. 1145දී මෙය නිමකෙරිණි. මෙය කොරියාව තුළ වඩාත් ප්‍රකට වී ඇත්තේ එය කොරියානු ඉතිහාසය පිළිබඳ පවත්වා පැරණිතම වංශකථාව නිසායි.
කර්තෘ | කිම් බුසික් |
---|---|
මුල් මාතෘකාව | 삼국사기 (三國史記) |
රට | ගොර්යෝ |
භාෂාව | සම්භාව්‍ය චීන |
විෂයය | කොරියාවේ ඉතිහාසය |
ප්‍රභේදය | පුරාතන ඉතිහාසය |
ප්‍රකාශිත දිනය | 1145 |
සම්ගුක් සගි ග්‍රන්ථය සම්පාදනය කිරීමේ දී (මේ සඳහා "රචනා කිරීම" යන්නට වඩා "සම්පාදනය" යන වදන වඩාත් උචිත ය. එයට හේතුව මෙහි ඉතිහාස තොරතුරු බොහෝමයක් පැරණි ඉතිහාස වාර්තාවලින් ලබාගත් ඒවා වීමයි.) කිම් බුසික් විසින් චීන අධිරාජ්‍යයේ සම්ප්රදාය අනුගමනය කොට ඇත. චීන මුතුන්මිත්තන් විසින් ඉතිහාසය රචනා කිරීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය ඔහු ද අනුකරණය කොට තිබේ.
විශේෂයෙන්ම, ඔහු විසින් පැරණි හන් රාජවංශයේ (ක්‍රි.පූ. 206 - ක්‍රි.ව. 24) නිලධාරියකු වූ සිමා ක්වියෑන්ගේ කෘතිය කෙරෙහි අවධානය යොමුකොට ඇති බැව් පෙනේ. එම කෘතිය වර්තමානයේ මහා ඉතිහාසඥයාගේ වාර්තා ලෙස හැඳින්වෙන අතර එය ක්‍රි.පූ. 100දී පමණ ෂීජි 史記 (එනම් ලියන්නාගේ වාර්තා) යන ගෞරවනීය තේමාවෙන් යුතුව ලියා ඇත. මේ බවට ඉඟියක් ලබාදෙමින්, කිම් බුසික් සිය කෘතිය 三國史記, සම්ගුක් සගි ලෙස නම්කොට ඇත. සගි (වර්තමානයේ 사기) යනු චීන ෂීජි යන්නෙහි කොරියානු ස්වරූපයයි.[1]
මෙහි දී අනුගමනය කෙරුණු චීන ඉතිහාසලේඛන සම්ප්රදාය තුළ රාජවංශික ඉතිහාසය අනුවාර්ෂික වාර්තා (බොංගි, 本紀), වගු (ප්යෝ, 表), ශාස්ත්‍රීය නිබන්ධන (ජි, 志), සහ චරිතාපදාන (යෝල්ජෝන්, 列傳) ලෙස අංග හතරක් දැකගත හැකි ය.
12වන සියවසේ දී සම්ගුක් සගි ග්‍රන්ථය සම්පාදනය කිරීමට සාධත ගණනාවක්ම හේතු විය. මෙම හේතූන් දළ වශයෙන් දාර්ශනික සහ දේශපාලන හේතූන් ලෙස වර්ගීකරණය කළ හැක. මෙයට බලපෑ දාර්ශනික සාධක කිම් බුසික් විසින් සිය කෘතියේ ප්රස්තාවනාවෙහි මෙසේ රචනා කොට ඇත,
මෙම ප්‍රකාශය ග්රන්ථකරණයට පෙළඹවූ පැහැදිළි සාධක දෙකක් හඳුනාගත හැක. ඉන් ඒකක් නම් කොරියාවේ තුන් රාජධානි යුගයේ දැනුම පිළිබඳ තිබූ හිස්තැන සම්පූර්ණ කරවීමට ය. තුන් රාජධානි වන ගොගුර්යෝ, බෙක්ජේ, සහ සිල්ලා යන සෑම රාජධානියක්ම තමන්ගේම ඉතිහාස වාර්තා සම්පාදනය කොට තිබුණ ද, අඛණ්ඩ යුද්ධ හේතුවෙන් ඒවායින් විශාල ප්‍රමාණයක් විනාශ විය. ගොගුර්යෝ සහ බෙක්ජේහි බිඳවැටීමෙන් පසු මෙම වාර්තා විසිර ගියේ ය. ග්‍රන්ථකරණයේ අනෙක් අභිප්රයා වූයේ දේශීය කොරියානු උගතුන්හට දේශීය ඉතිහාසය පිළිබඳව හැදෑරිය හැකි ඉතිහාස ග්රන්ථ සම්පාදනය කිරීම සහ කොන්ෆියුසියානු ආචාරධර්ම පිළිබඳ කොරියානු නිදසුන් සැපයීමත් ය. මෙය මැදි-ගොර්යෝ යුගයේ රාජවංශයේ කොන්ෆියුසියානු අදහස් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග වඩාත් වැදගත් විය.Lee 1984, p. 167
නමුත් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ සෙසු අරමුණු පැහැදිළි නැත. චීන සම්ප්රදාය අනුව, රාජවංශික ඉතිහාසයක් සම්පාදනය කිරීම දේශපාලනික අරමුණු ඉටු කරගැනීමක් විය. රාජවංශික ඉතිහාසයක් රචනා කරන ලද්දේ එහි අනුප්‍රාප්තික රාජවංශය විසින් වන අතර, එමගින් සිය පූර්වප්රාප්තිකයාගෙන් රාජ්‍යය පාලනයට ලද වරම හුවා දැක්වීම අරමුණු කෙරිණි. මෙම ග්‍රන්ථය සම්බන්ධයෙන් නම්, සම්ගුක් සගි ගොර්යෝ රජුගේ අනුග්‍රහය ලද නිල රාජකාරියක් වූ අතර, එහි සම්පාදක මණ්ඩලය මධ්‍යම වංශවතුන්ගෙන් සමන්විත විය. පෙර සඳහන් කළ පරිදි, මෙහි එක් අරමුණක් වූයේ කොන්ෆියුසියානු නිලධාරිවාදය තුළ විද්වතුන් සහ වංශවතුන් හට සිය ස්වදේශික උරුමය සහ කොන්ෆියුසියානු අගයයන් සඳහා පවතින දේශීය විභවය වටහා දීමයි.
කෙසේනමුත්, "ස්වදේශික උරුමය" යන්න සම්ගුක් සගි තුළ ප්‍රධාන වශයෙන්ම අර්ථකථනය කොට ඇත්තේ "තුන් රාජධානි උරුමය" ලෙසයි. මෙමගින් තුන් රාධානි (තුන් රාජධානි විසින් ඈඳාගන්නා ලද අසල්වැසි ප්‍රතිවාදී රාජ්‍ය වූ බුයෝ, මහන්, සහ ගයා සමග සැසඳීමේ දී) කොරියාවේ ලෝකසම්මත පාලක රාජධානි ලෙස පෙන්වීමට උත්සාහ දරා ඇති බව පෙනේ. මේ නිසා තුන් රාජධානිවල නීත්‍යානුකූල අනුප්‍රාප්තිකයා ලෙස ගොර්යෝවේ නීත්‍යානුකූලභාවය සහ ගෞරවය ඔප් නැංවීම මෙහි අරමුණ වන්නට ඇත. මෙම ක්‍රමය අනුව චෙංතොං 正統, හෙවත් "ලෝකසම්මත අනුප්‍රාප්ති වංශය" නව රාජධානිය කෙරෙහි අනුගත කිරීමට උත්සාහ දරා තිබේ. මේ බව කිම් බුසික් සිය 1145 අනුස්මරණයේ ඍජුව සඳහන් කොට නොතිබුණ ද, එහි අරමුණ පැහැදිළිව වටහාගත හැක. ගොර්යෝවේ ඉන්ජොං රජුට කිම් බුසික් ලවා තුන් රාජධානිවල ඉතිහාස ග්රන්ථයක් සම්පාදනය කිරීමට බලවත් අවශ්‍යතාවක් ද විය. සම්ගුක් සම්පාදනය කිරීම මගින් සිය නීත්‍යානුකූල භාවය සුරක්ෂිත කොටගෙන, තුන් රාජධානිවලින් "අධිකාරී ප්රාවරණය" (හෙවත් ස්වර්ග වරම) ස්ථාපනය කිරීමට ගොර්යෝවට අවශ්‍ය විය. මේ නිසා තුන් රාජධානිවල අවසන් සාමාජිකයා වූ එක්සත් සිල්ලාව වර්ණනා කරමින් බල්හේ රාජ්‍යය නොසලකා හැරි ජේවං උන්ගි හෝ ගොර්යෝ දොග්යොං (高麗圖經) වැනි ග්රන්ථවලින් සම්ගුක් සගි තරමක් වෙනස් වේ.
සම්ගුක් සගි ග්රන්ථ 50කට වෙන්කළ හැක. මුලින් සෑම ග්රන්ථයක්ම රචනා කරන ලද්දේ රෝලක ආකාරය ගත් ලියවිලි (권, 卷) ලෙසයි. ඒවා පහත පරිදි පෙළගැස්විය හැක:
ලියවිලි 12කි, නාගි/සිල්ලා බොංගි, 나기/신라 본기, 羅紀/新羅本紀.[3]
ලියවිලි 10කි, යෝගි/ගොගුර්යෝ බොංගි, 여기/고구려 본기, 麗紀/高句麗本紀.[4]
ලියවිලි 6කි, ජෙගි/බෙක්ජේ බොංගි, 제기/백제 본기, 濟紀/百濟本紀.[5]
ලියවිලි 3කි, යොන්ප්යෝ, 연표, 年表.
ලියවිලි 9කි, ජි, 지, 志.[6]
ලියවිලි 10කි, යෝල්ජොන්, 열전, 列傳.[7]
සම්ගුක් සගි ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ගු සම්ගුක්සා (舊三國史, තුන් රාජධානිවල පැරණි ඉතිහාසය) සහ හ්වාරං සෙගි (花郞世記, හ්වාරංවරුන්ගේ වාර්ෂික වාර්තා) වැනි වෙනත් පැරණි ඓතිහාසිකා වර්තා පාදක කර ගනිමිනි. මින් බොහෝමයක් වර්තමානයේ දක්නට නැත.
බාහිර ප්‍රභව පිළිබඳ අවධානය යොමු කිරීමේ දී, පිළිවෙලින් ක්‍රි.ව. 712දී සහ 729දී ප්‍රකාශයට පත්කෙරුණු කොජිකි 古事記, "පුරාතන කටයුතුවල වාර්තා" හෙවත් නිහොන් ෂොකි 日本書紀 වැනි ජපන් වංශකථාවලට කිසිදු ආශ්‍රේයයක් ඇතුළත් කොට නැත. ඇතැම්විට කිම් බුසික් එම මූලාශ්‍ර පිළිබඳ දැන නොසිටින්නට ඇත. නැතහොත් ජපන් මූලාශ්‍ර සඳහන් කිරීම අවමානයකැයි සිතන්නට ඇත. ඒ වෙනුවට, ඔහු වඩාත් ගෞරවනීය අයුරින් චීන රාජවංශික වංශකථා සහ නිල නොවන චීන ලේඛන පවා පරිහරණය කොට ඇත. මේ අතර වෙයි ෂු (魏書, වෙයිහි ග්‍රන්ථය), සැන්ගුවෝ චි (三國志), ජින් ෂු (晉書), ජියු ටෑංෂු (舊唐書, ටෑංහි පැරණි ඉතිහාසය), ෂින් ටෑංෂු (新唐書, ටෑංහි නව ඉතිහාසය), සහ සිචි ටොංජියෑන් (資治通鑑, රජයේ උපකාරයට විස්තීර්ණ කැඩපතක්) වැනි ග්රන්ථ ප්රමුඛත්වයක් ගනියි.
කිම් බුසික් සිල්ලා සම්භවයක් ඇති වංශවතකු විය. ඔහු බෞද්ධාගමිකයකු වුව ද, රාජ්‍ය පාලන මූලධර්මය ලෙස ඔහු බුදු දහමට වඩා කොන්ෆියුසියානුවාදයට සහාය පලකොට ඇත. චීනය සමග ආරවුල් වැළැක්වීම සඳහා ඔහු විසින් චීන අධිරාජයා වෙත පඬුරු කප්පම් ලබා දී ඇත. මේ නිසා ඔහුගේ පසුබිම සහ නැඹුරුභාවය සම්ගුක් සගි තුළින් නිරූපණය වේ යැයි විශ්වාස කෙරේ.
නිල වශයෙන්, පරණි ගොගුර්යෝ සහ බෙක්ජේ රාජධානි පැරණි සිල්ලාව හා සම තත්ත්වයේ සැලකිණි. මෙම රාජ්‍ය ත්‍රිත්වයටම "අගුක් (아국, 我國)" යන පදය ව්‍යවහාර වූ අතර, ඔවුන්ගේ හමුදා "අබ්යොං (아병, 我兵)" ලෙස හැඳින්විණි. උක්ත වචන ද්විත්වයෙහි අර්ථය පිළිවෙලින් "අපතේ ජාතිය" සහ "අපගේ හමුදා" පරිදි වේ. උචාහරණයක් ලෙස 21වන ග්‍රන්ථයේ (ගොගුර්යෝහි බෝජං) ගොගුර්යෝ සෙන්පතියකු වූ යැං මන්චුන්ව කිම් බුසික් විසින් වර්ණනා කොට ඇත. ඔහු අන්සි බලකොටුව වැටළීමේ දී ටෑංහි ටයිෂොං අධිරාජයාව පරාජය කළ බැවින් කිම් විසින් ඔහුව වීරයකු ලෙස හඳුන්වා ඇත.
එසේවුව ද, චරිතාපදාන කොටසෙහි මාතෘකාවලින් බහුතරය සිල්ලාවට (68%) අයත් වන අතර, සිල්ලාවේ ලියවිලි විශ්වසනීයත්වයේ සහ අභීතභාවයේ විශිෂ්ට උදාහරණ ලෙසින් සම්පාදනය කොට ඇත. එසේම, ජයග්‍රහණය කළ සිල්ලා රාජ්‍යයෙන් ලේඛන ලබාගැනීම, එක්සත් කිරීමේ යුධ මාලාවේ දී ලේඛනාගාර විනාශයට පත්වූ අනෙක් සෙසු රාජධානි දෙකට සාපේක්ෂව පහසු වන්නට ද ඇත.[9]
ඇතැම් කොරියානු ඉතිහාසඥයින් විසින් සම්ගුක් සගිහි ඇතුළත් වාර්තා විවේචනය කොට ඇත්තේ චීනය සහ පැරණි සිල්ලාව වෙත එහි පක්ෂග්රාහීව කරුණු වාර්තා කොට ඇති හෙයිනි. මේ අතර සින් චේහෝ ද වේ. මැක්බ්‍රයිඩ් අනුව,[10] සින් චේහෝගේ පහත පාඨයන් තුළින් මේ බව පැහැදිළි වේ:
නමුත් චීනය කෙරෙහි දක්වා ඇති උසස්භාවය (සදේජුඋයි) සලකා යම් කෙනකුට (මැක්බ්‍රයිඩ් හා එකඟව[13]) මෙවැන්නක් දැකගත හැක:
එසේම ගොර්යෝ බලවත් ජනයා වෙත ද ගෞරවනීය භාවයක් ආරූඪ කොට ඇති බව ද යමකුට දැකගත හැක්කේ ය. (කිම් කිචුං[14] සමග) එහි දී බොහෝ චරිතාපදානවල අවසානය ද්වි-පාර්ශ්වික ස්වරූපයක් ගෙන තිබේ. උදාහරණයක් වශයෙන් ජුක්ජුක් චරිතාපදානයේ (ග්‍රන්ථය 47), ආධුනික ජුක්ජුක්ගේ ධෛර්යය හා දේශානුරාගය පිළිබඳව මෙන්ම සිල්ලාවේ ඉහළම වංශවතුන් වූ කිම් පුම්සොක් කුමරුන්ගේ අයපත් කල්ක්‍රියාව පිළිබඳ යොමුකොට ඇත්තේ අඩු අවධානයකි.
තුන් රාජධානි සහ එක්සත් සිල්ලා යුගයන්ගේ කොරියානු ඉතිහාසය හැදෑරීමේ දී කිම් බුසික්ගේ සම්ගුක් සගි මූලාශ්‍රය තරමක් අවදානම් සහගත බැව් පෙනේ. මෙම මූලාශ්‍රය වැදගත් වන්නේ එහි කෘතිය නිසා නොව සම්ගුක් සගි සහ එහි බෞද්ධ ප්‍රතිමූර්තිය බඳු සම්ගුක් යුසා නැමැති මූලාශ්‍ර සෙස යුගය පිළිබඳ ශේෂව පවතින එකම මූලාශ්‍ර වීමයි. එසේම එහි අන්තර්ගත දැවැන්ත තොරතුරු ප්‍රමාණය ද අතිශය වැදගත් වේ. උදාහරණයක් වශයෙන් සම්ගුක් සගි ග්රන්ථ මාලාවේ 35 සහ 36 ග්‍රන්ථවල දැක්වෙන පරිවර්තන වගු පැරණි කොගුර්යෝ භාෂාව ප්‍රතිනිර්මාණය කිරීමේ දී මහෝපකාරී වී ඇත.[15]
සම්ගුක් සගිහි එකම සම්පූර්ණ බටහිර භාෂා පරිවර්තනය 1959 සහ 2001දී කොටස් දෙකක් ලෙස නිකුත් වූ රුසියානු සංස්කරණය බැව් පෙනේ.
කෙසේනමුත්, සම්ගුක් සගි කෘතියේ විවිධ කොටස් ඉංග්‍රීසි භාෂා ග්රන්ථ සහ ලිපි ගණනාවක් තුළ දක්නට ලැබේ. ඉන් වැදගත් කෘති පහත දැක්වේ:
සම්පූර්ණ සිල්ලා බොංගිහි පරිවර්තනය
සම්පූර්ණ ගොගුර්යෝ බොංගිහි පරිවර්තනය
සම්පූර්ණ බෙක්ජේ බොංජිහි පරිවර්තනය
තනි පරිවර්තන
{{cite book}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help)Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.