කොරියාවේ පැරණි රාජධානිය From Wikipedia, the free encyclopedia
බෙක්ජේ හෙවත් පෙක්චේ (කොරියානු: 백제; හන්ජා: 百濟; ප්‍රරෝ: පෙක්ජේ, කොරියානු උච්චාරණය: [pɛktɕ͈e]) (ක්‍රි.පූ. 18[1] – ක්‍රි.ව. 660) යුනවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටා තිබූ රාජධානියකි. මෙම රාජධානිය සමග ගොගුර්යෝ සහ සිල්ලා රාජධානි එක්ව ගත් කල කොරියාවේ තුන් රාජධානි ලෙස හඳුන්වයි.
බෙක්ජේ 백제 (百濟) | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 18–ක්‍රි.ව. 660 | |||||||||||||
ක්‍රි.ව. 375 බෙක්ජේ රාජ්‍යය එහි උච්චස්ථානයේ | |||||||||||||
අගනුවර | විර්යේ (ක්‍රි.පූ. 18[1] – ක්‍රි.ව. 475) උංජින් (476–538) සාබි (538–660) | ||||||||||||
පොදු භාෂාවන් | බෙක්ජේ භාෂාව (පැරණි කොරියානු භාෂාවේ කොටසකි) | ||||||||||||
ආගම | බුද්ධාගම, කොන්ෆියුසියානුවාදය, කොරියානු යකැදුරුවාදය | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
රජ | |||||||||||||
• ක්‍රි.පූ. 18 – ක්‍රි.ව. 28 | ඔන්ජෝ (ප්‍රථම) | ||||||||||||
• 346–375 | ග්‍යුන්චොගෝ | ||||||||||||
• 523–554 | සොං | ||||||||||||
• 600–641 | මු | ||||||||||||
• 641–660 | උයිජා (අවසන්) | ||||||||||||
ඓතිහාසික යුගය | පුරාතන | ||||||||||||
• ස්ථාපනය | ක්‍රි.පූ. 18 | ||||||||||||
• ග්‍යුන්චොගෝ රජුගේ ආක්‍රමණ | 346–375 | ||||||||||||
• බුද්ධාගම හඳුන්වා දීම | 385 | ||||||||||||
• සාබි බිඳවැටීම | ජූලි 18 ක්‍රි.ව. 660 | ||||||||||||
ජනගහණය | |||||||||||||
• 660 | 3,800,000 | ||||||||||||
| |||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | දකුණු කොරියාව උතුරු කොරියාව |
බෙක්ජේ | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 백제 |
හන්ජා | 百濟 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | බෙක්ජේ |
මැකූන්–රයිෂවර් | පෙක්චේ |
බෙක්ජේ රාජ්‍යය පිහිටුවන ලද්දේ ඔන්ජෝ විසින් විර්යේසොං (වර්තමාන දකුණු සෝල්) ප්‍රදේශයේ ය. ඔන්ජෝ යනු ගොගුර්යෝවේ ආදිකර්තෘ වන ජුමොං සහ සෝ සෝ-නෝගේ තෙවන පුත්‍රයායි. ගොගුර්යෝ රාජ්‍යය මෙන්ම බෙක්ජේ රාජ්‍යය ද, ගෝජොසොන්හි බිඳවැටීමෙන් පසු වර්තමාන මැංචූරියාවට අයත් ප්‍රදේශයේ බිහිවූ බුයෝ රාජ්‍යයේ අනුප්‍රාප්තික රාජ්‍යයක් ලෙස සැලකේ.
තුන් රාජධානි සිය ආධිපත්‍යය කොරියානු අර්ධද්වීපය පුරා ව්‍යාප්ත කිරීමට උත්සාහ ගන්නා සමයේ බෙක්ජේ රාජ්‍යය, ගොගුර්යෝ සහ සිල්ලා රාජ්‍ය සමග සටන්වැදුණේ ය. 4වන සියවසේ උච්චස්ථානයට පත් බෙක්ජේ රාජ්‍යය ඒ වනවිට බටහිර කොරියානු අර්ධද්වීපයේ විශාල පෙදෙසක් පාලනය කළේ ය. මෙය ප්යොංග්යෑං තෙක් උතුරට විහිදුණු අතර, ලියාඕෂි වැනි චීනයට අයත් බිම් ද එය සතු විය. නමුත් මෙම අදහස මතභේදාත්මක ය. චීනය සහ ජපානය සමග වෙළඳ සහ දේශපාලන සබඳතා පැවැත්වූ බෙක්ජේ රාජ්‍යය කලාපයේ සාගර බලය අතින් ද ප්රමුඛස්ථානයක් හිමි කරගත්තේ ය.
බෙක්ජේ රාජ්‍යය සතුව සුවිසල් නාවික ආධිපත්‍යයක් පැවතිණි.[2] එහි නාවික ශක්තිය හේතුවෙන් බෙක්ජේ රාජ්‍යය නැගෙනහිර ආසියාවේ ෆීනීෂියාව බවට පත් විය. මෙය නැගෙනහිර ආසියාව පුරා බුදු දහම ව්‍යාප්ත කරලීමට අතිශයින් වැදගත් වූ අතර, මහාද්වීපික සංස්කෘතිය ජපානය වෙත හඳුන්වා දීමට ද එය උපකාරී විය.[3][4]
660දී මෙම රාජ්‍යය සිල්ලා සහ චීන ටෑං රාජවංශ හමුදා සන්ධානයක් මගින් යටත් කරගත් අතර, පසුව එය එක්සත් සිල්ලාවට ඈඳාගැනිණි.
ක්‍රි.පූ. 18දී බෙක්ජේ රාජ්‍යය පිහිටුවන ලද්දේ[1] ඔන්ජෝ රජු විසිනි. ඔහු, හන් ගංගා ද්‍රෝණියට පහළින් ගොගුර්යෝ ජන කණ්ඩායමක නායකත්වය දැරූවෙකි. චීන තුන් රාජධානිවල වාර්තා ලේඛනය අනුව, සම්හන් යුගයේ දී, මහන් සංයුක්ත රාජ්‍යයේ එක් බල ප්‍රදේශයක් බෙක්ජේ නම් විය.
සම්ගුක් සගි ග්‍රන්ථය බෙක්ජේ රාජ්‍යය පිහිටුවීම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබා දේ. ජුමොං විසින් ගොගුර්යෝ නැමැති නව රාජධානිය පිහිටුවීමේ දී සිය පුත්‍රයා වූ යුරි බුයෝ රාජ්‍යයේ තබා ගියේ ය. ජුමොං දොංමියොං දිව්‍යමය රජු බවට පත්වූ අතර සෝ සෝ-නෝ බිසව හා විවාහයෙන් ඔහුට ඔන්ජෝ සහ බිර්යු නැමැති පුතුන් දෙදෙනකු විය. පසුව යුරි ගොගුර්යෝවට පැමිණි පසු, ජුමොං විසින් ඔහුව කිරුළහිමි කුමරු පදවියට පත්කරන ලදී. යුරි ඊළඟ රජු වන බව වටහාගත් සෝ සෝ-නෝ සිය පුතුන් දෙදෙනා වූ බිර්යු සහ ඔන්ජෝ රැගෙන සිය ජනයා සමග දකුණට ගමන් කළේ තමන්ගේම රාජධානි පිහිටුමීටයි. ඔවුන් සමග යටත් වැසියන් දස දෙනකු ද පිටත් විය. ඇය ගොගුර්යෝ සහ බෙක්ජේ යන රාජධානි පිහිටුවීමේ දී වැදගත් කාර්යාභාරයක් ඉටු කරන්නට ඇතැයි සැලකේ.
ඔන්ජෝ විර්යේසොං (වර්තමාන හනාම්) හි පදිංචි වී සිය දේශය සිප්ජේ (십제, 十\u28639 濟, අරුත "ගැත්තන් දස දෙනා") ලෙස නම්කළ අතර, බිර්යු මිචුහොල් (වර්තමාන ඉන්චොන්) වෙත ගමන්ගත්තේ යටත්වාසීන්ගේ උපදේශයට අවනත නොවෙමිනි. මිචුහොල්හි ලවණ මිශ්‍ර ජලය සහ වගුරු බිම් හේතුවෙන් එහි දිවි ගෙවීම අපහසු විය. විර්යේසොංහි ජනයා සමෘද්ධිමත් දිවියක් ගතකළහ.
අනතුරුව බිර්යු ඔහුගේ සොහොයුරා වූ ඔන්ජෝ වෙත ගමන් කළේ සිප්ජේහි සිහසුන ඉල්ලමිනි. ඔන්ජෝ එය ප්‍රතික්ෂේප කළ හෙයින්, ඔහු යුද්ධයක් ප්‍රකාශ කළේ ය. ඉන් බිර්යු පරාජයට පත් විය. අවමානය හේතුවෙන් බිර්යු සියදිවි හානි කරගත්තේ ය. ඔහුගේ ජනතාව විර්යේසොං වෙත සංක්‍රමණය වූ අතර, ඔන්ජෝ රජු ඔවුන්ව පිළිගෙන සිය රාජ්‍යය බෙක්ජේ ("ගැත්තන් සියය") ලෙස නම්කළේ ය.
මහන් ජනපදවල බලපෑම නිසා ඔන්ජෝ රජුට සිය අගනුවර දකුණේ සිට හන් ගංගාවේ උතුරු දෙසටත්, යළි දකුණු දෙසටත් ගෙනයාමට සිදු විය. මෙය වර්තමාන සෝල් ප්‍රදේශය අවට පිහිටියේ ය. 132දී ගේරු රජු විසින් අගනුවර ගංගාවට උතුරින් වූ බුක්හන්සන්සොං වෙත රැගෙන යන්නට ඇතැයි සැලකේ. මෙය වර්තමාන සෝල්හි වයඹදිග ්රපදේශයේ පිහිටි ගොයැං යැයි විශ්වාස කෙරේ.
ක්‍රිස්තු වර්ෂයේ මුල් සියවස් තුළ, හෙවත් එනම් ප්‍රාක්–තුන් රාජධානි සමයේ බෙක්ජේ රාජධානිය ක්‍රමයෙන් සෙසු මහන් ගෝත්‍රවල පාලනය සියතට ගැනීමට සමත් විය.
ගොයි රජ (234–286) සමයේ, බෙක්ජේ රාජ්‍යය හොඳින් වර්ධනය වූ රාජධානියක් බවට පත් වූ අතර, එය මහන් සංයුක්තය ඒකාබද්ධ කරන්නට විය. නිහොන්ෂොකි නැමැති ජපන් මූලාශ්‍රය අනුව 249දී, බෙක්ජේ රාජ්‍යය නැගෙනහිරින් නක්දොං ගංගා නිම්නය අවට වූ ගයා සංයුක්ත රාජ්‍යය දක්වා ව්‍යාප්ත විය. බෙක්ජේ රාජධානියක් ලෙස චීන වාර්තාවල පළමුවරට හඳුන්වා ඇත්තේ 345දී ය. 367 අවට කාලයේ බෙක්ජේ සහ ජපානය අතර ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් ඇරඹිණි. (නිහොන් ෂොකි අනුව : 247)
ග්‍යුන්චොගෝ රජු (346–375) ගොගුර්යෝවට එරෙහි යුද්ධයේ දී සිය රාජ්‍යය උතුරට ව්‍යාප්ත කරලීමට සමත් විය. මෙහි දී දකුණු පෙදෙමස්වල වූ සෙසු මහන් සමාජ ඈඳාගැනිණි. ග්‍යුන්චොගෝ රාජ්‍ය සමයේ, බෙක්ජේහි භූමිය යටතට කොරියානු අර්ධද්වීපයේ බහුතරයක් බටහිර ප්‍රදේශ (ප්යොන්ගන් පළාත් දෙකක් හැර) ඇතුළත් විය. 371 ප්යොංග්යෑංහි දී බෙක්ජේ රාජ්‍යය විසින් ගොගුර්යෝව පරාජය කරන ලදී. එසේවුව ද, බෙක්ජේ රාජ්‍යය ගොගුර්යෝව සමග වෙළඳාම තවදුරටත් පවත්වා ගත්තේ ය. ඔවුන් විසින් සක්‍රීයව චීන සංස්කෘතිය සහ තාක්ෂණය අනුගමනය කරන ලදී. 384දී බුදු දහම රාජ්‍යයේ නිල ආගම බවට පත් විය.
නාවික ක්ෂේත්රයේ බලවතකු බවට පත් බෙක්ජේ රාජ්‍යය කොෆුන් යුගයේ ජපන් පාලකයින් සමග යහපත් අන්‍යෝන්‍ය සබඳතා පවත්වා ගත්තේ ය. මෙලෙසින් මහාද්වීපික සංස්කෘතිය ජපානය කරා ව්‍යාප්ත විය. මෙම සබඳතා මගින්, චීන ලේඛන ක්‍රමය, බුදු දහම, වැඩිදියුණු කළ කුඹල් කර්මාන්තය, උත්සව භූමදාන ක්‍රම, සහ සෙසු සංස්කෘතික අංග ජපානය කරා ගෙනයාමට වංශවතුන්, කලා ශිල්පීන්, විද්වතුන්, සහ භික්ෂූන් සමත් විය.[5]
මෙම යුගයේ හන් ගංගා ද්‍රෝණිය රාජ්‍යයේ හදවත ලෙස පැවතිණි.
5වන සියවසේ දී, දකුණු දෙසින් ගොගුර්යෝව එල්ල කළ යුධ තර්ජන හේතුවෙන් බෙක්ජේ රාජ්‍යයට පසු බසින්නට සිදු විය. 475දී, සෝල් ප්‍රදේශය ගොගුර්යෝවට යටත් විය. 475 සිට 538 දක්වා කාලය තුළ බෙක්ජේහි අගනුවර පිහිටා තිබුණේ උංජින් (වර්තමාන ගොංජු) ප්‍රදේශයේ ය.
කඳුවැටිවලින් වටවී හුදකලාව පැවති මෙම භූමි භාගය උතුරු දෙසින් වන ආක්රමණවල දී ආරක්ෂකාරී ස්ථානයක් විය. නමුත් එය බාහිර ලෝකයෙන් වෙන්වී පැවතිණි. විර්යේසොං නුවරට වඩා මෙම ස්ථානය සිල්ලාවට වඩාත් ආසන්න විය. කෙසේනමුත්, ගොගුර්යෝවට එරෙහිව සිල්ලා සහ බෙක්ජේ රාජ්‍ය අතර යුධමය සන්ධානයක් ඇති කරගැනිණි.
තුන් රාජධානි සමයේ බොහෝ සිතියම්වල බෙක්ජේ රාජ්‍යයට චුංචොං සහ ජොල්ලා පළාත් අයත්ව තිබූ බව පෙන්වයි. උංජින් සහ සාබි යුගයේ මේවා රාජ්‍යයේ මධ්‍යය බඳු විය.
538දී, සොං රජු විසින් රාජ්‍යයේ අගනුවර සාබි (වර්තමාන බුයෝ ප්‍රාන්තය) වෙත ගෙනගොස් සිය රාජධානිය ශක්තිමත් කරන ලදී. මේ කාලයේ සිට, රාජ්‍යයේ නිල නාමය වූයේ නම්බුයෝ ("දකුණු බුයෝ") යන්නයි. මෙය බෙක්ජේ විසින් සිය සම්භව රාජ්‍යය යැයි සැලකූ බුයෝහි නාමය අනුව යෙධූවකි. සාබි යුගයේ බෙක්ජේ සංස්කෘතියේ ඉමහත් උන්නතියක් සිදු විය. මේ කාලයේ බුදු දහම වර්ධනය විය.
උතුරින් ගොගුර්යෝවෙනුත්, නැගෙනහිරින් සිල්ලාවෙනුත් ඇතිවූ පීඩනය නිසා, සොං රජු බෙක්ජේ සහ චීනය අතර සම්බන්ධතා තර කරගත්තේ ය. සාබි නුවර වෙත ග්‍යුම් ගංගාව ඔස්සේ යාත්‍රා කළ හැකි වූ හෙයින් චීනය සමග සම්බන්ධතා පහසුවෙන් පැවැත්විය හැකි විය. මේ නිසා 7වන සියවස තෙක්ම චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ සබඳතා දියුණු මට්ටමක පැවතිණි.
7වන සියවසේ දී, කොරියානු අර්ධද්වීපයේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල සිල්ලා රාජ්‍යයේ බලය ව්‍යාප්ත වීමත් සමග බෙක්ජේ රාජ්‍යයේ පරිහානිය උදා විය.
660දී, සිල්ලා සහ චීනයේ ටෑං හමුදා සන්ධානය බෙක්ජේ වෙත ප්‍රහාර එල්ල කරන ලදී. මෙකල බෙක්ජේ රාජ්‍යය ගොගුර්යෝව සමග මිත්‍ර විය. නොන්සන් අසල හ්වංසන්බොල් සටනේ දී, ග්යේබෙක් සෙන්පතියා යටතේ වූ හමුදාව පරාජයට පත් විය. සාබි අගනුවර ඉන් මඳ කලකට පසු බිඳවැටුණු අතර, සිල්ලාව විසින් බෙක්ජේ රාජ්‍යය ඈඳාගන්නා ලදී. උයිජා රජු සහ ඔහුගේ පුත් බුයෝ යුං චීනය වෙත පිටුවහල් කෙරිණි. අවම වශයෙන් එහි පාලන පන්තියේ කිහිප දෙනකුවත් ජපානය වෙත පලායන්නට ඇත.
බෙක්ජේ හමුදා කෙටි කාලීනව සිය රාජ්‍යය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සාහයක් දැරූව ද, සිල්ලා-ටෑං ඒකාබද්ධ හමුදාවලට ඔවුනට මුහුණදීමට සිදු විය. දෝචිම් (도침, 道琛) නැමැති බෞද්ධ භික්ෂුව සහ හිටපු බෙක්ජේ සෙන්පති බුයෝ බොක්සින් යළි බෙක්ජේ පිහිටුවීමට උත්සාහ දැරූහ. ඔවුන් ජපානයේ සිටි බුයෝ පුං නැමැති බෙක්ජේ කුමරුට රජු ලෙස කටයුතු කිරීමට ආරාධනා කරන ලදී. මෙකල ජුර්යු (주류, 周留, වර්තමාන සෝචොන් ප්‍රාන්තය, දකුණු චුංචොං) ඔවුන්ගේ නිල වාසස්ථානය ලෙස සැලකිණි. සාබි නුවර වටලෑමට ටෑං සෙන්පතියකු වූ ලියු රෙන්යුවෑන් (劉仁願) හට පැවරිණි. ගඔෂොං අධිරාජයා විසින් මින් පෙර ලි යිෆුට විරෝධය පෑම හේතුවෙන් සාමාන්‍ය වැසි තත්ත්වයට පහත හෙළා තිබූ ලියු රෙන්ගුයි සෙන්පතියාව සහන හමුදාවක් සමග පිටත් කර හරින ලදී. ලියු රෙන්ගුයි සහ ලියු රෙන්යුවෑන් බෙක්ජේ සතුරු හමුදා ආක්‍රමණ මැඬලන්නට උත්සාහ කළහ. නමුත් මෙම කැරැල්ල මර්දනය කිරීමට ඔවුන් සතු හමුදා ප්‍රමාණවත් නොවිණි. මේ නිසා හමුදා තරමක් අසීරු තත්ත්වයකට මුහුණපෑහ.
බෙක්ජේ රාජ්‍යය ජපන් ආධාර පැතී ය. පුං රජු බෙක්ජේ වෙත පැමිණියේ ආධාර හමුදා සෙබලුන් 5,000කින් සමන්විත බලකායක් සමග ය. ජපානයේ නැව් පැමිණීමට පෙර, ඔහුගේ හමුදාවන්ට උංජින් ප්‍රාන්තයේ ටෑං හමුදා සමග සටන් කිරීමට සිදු විය.
663 බෙක්ගං සටනේ දී බෙක්ජේ ප්‍රතිෂ්ඨාපන හමුදා සහ දකුණු බෙක්ජේ දෙසින් පැමිණි ජපන් නාවික බලඇණි මුණගැසුණේ සිල්ලාවට එරෙහිව සටන් වැදීමටයි. ටෑං රාජවංශය විසින් සෙබලුන් 7,000ක් සහ නැව් 170ක් පිටත් කරහරින ලදී. 663 අගෝස්තු මස නාවික සටන් පහකින් පසුව, ඔවුහු ග්‍යුම් ගඟ හෝ දොංජින් ගංගාවේ පහළ ප්‍රදේශ කෙරෙහි සිය අවධානය යොමු කළහ. අවසානයේ සිල්ලා-ටෑං මිත්‍ර හමුදා ජයගත් අතර, බුයෝ පුං ගොගුර්යෝව වෙත පලාගියේ ය.
බෙක්ජේහි මධ්‍යගත රාජ්‍යයක් ස්ථාපනය කෙරුණේ ගොයි රජ සමයේ ය. ඔහු විසින් පළමුවරට පීතෘ වංශීය අනුප්‍රාප්තික පිළිවෙතක් අනුගමනය කළ බැව් පෙනේ. බොහෝ රාජාණ්ඩු මෙන්, මෙකල විශාල බලයක් වංශවතුන් විසින් හොබවන ලදී. උදාහරණයක් වශයෙන් සොං රජු රාජකීය බලය ශක්තිමත් කළ නමුත් සිල්ලාවට එරෙහි ආක්‍රමණයක දී ඔහු මරාදැමීමත් සමග, වංශවතුන් ඔහුගේ පුත්‍රයාට වඩා බලවත් වීම දැක්විය හැක.
බෙක්ජේහි මුල්කාලීන යුගයේ සිටම සැලකිය යුතු බලයක් හිමිවූ රාජකීය ගෘහයන් දෙකක් ලෙස හේ වංශය සහ ජින් වංශය සැලකේ. ඔවුන් පරම්පරා ගණනාවක් පුරාවට රැජිනියන් දායාද කරන ලදී. බුයෝ වංශය විසින් විස්ථාපනය කිරීමට පෙර පැවති රාජකීය ගෘහය හේ වංශය වුවත්, මෙම වංශ දෙකම බුයෝ සහ ගොගුර්යෝ පෙළපත්වලින් සම්භවය වූවන් යැයි සැලකේ. සාබි යුගයේ බලවත් රදළ වංශ අටක් (සා, යොන්, හ්යොප්, හේ, ජින්, ගුක්, මොක්, සහ බෙක්) පැවති බව ටොංඩියෑන් වැනි චීන වාර්තාවල සඳහන් වේ.
මධ්‍යම රජයේ නිලධාරීන් ශ්‍රේණි දහසයකට බෙදිණි. ඉහළම ශ්‍රේණි හයෙහි සාමාජිකයන්ගෙන් අමාත්‍ය මණ්ඩලයක් වැනි ව්‍යූහයක් නිර්මාණය විය. මෙහි උසස්ම නිලධාරියා සෑම වර්ෂ තුනකට වරක් ඡන්දයෙන් පත්කෙරිණි. සොල් ශ්‍රේණියේ පළමු (ජ්වාප්යොං) සිට හයවන (නේසොල්) දක්වා නිලධාරීන් දේශාපලන, පරිපාලන, සහ යුධ අණදෙන නිලධරයින් විය. දොක් ශ්‍රේණියේ හත්වන (ජංදොක්) සිට එකොළොස්වන (දේදොක්) නිලධාරීන් සෑම අංශයකම නායකත්වය දරන ලදී. මුන්දොක්, මුදොක්, ජ්වාගුන්, ජින්මු සහ ග්යුකු නැමැති දොළොස්වන සිට එකොළොස්වන දක්වා වූ ශ්‍රේණිවල නිලධාරීන් යුධ පරිපාලක නිලධාරීන් වූ බැව් පෙනේ.
සම්ගුක් යුසා ග්‍රන්ථය අනුව,[6] සාබි යුගයේ දී, බෙක්ජේහි ප්‍රධාන අමාත්‍යවරයා (ජේසං) තෝරාගනු ලැබූයේ අනන්‍ය ක්‍රමවේදයක් ඔස්සේ ය. මෙහි දී අපේක්ෂකයන් කිහිප දෙනකුගේ නම් හොආම්සා විහාරයේ වූ පාෂාණයක් (චොන්ජොංදේ) යට තබන ලදී. දින කිහිපයකට පසු, පාෂාණය ඉවත් කෙරෙන අතර, නිශ්චිත සලකුණක් සහිත නාමය ඇති අපේක්ෂකයා ප්‍රධාන අමාත්‍ය ලෙස තෝරාගැනිණි. මෙය සමූහයක් අතුරින් තෝරාගැනුණක් ද, නැතහොත් වංශවතුන් විසින් තෝරාගනු ලැබූ ගුප්ත ක්‍රමවේදයක් ද යන්න අපැහැදිළි ය.
බෙක්ජේ රාජ්‍යය ස්ථාපනය කරන ලද්දේ ගොගුර්යෝවෙන් පැමිණි සංක්‍රමණිකයන් පිරිසක් විසිනි. ඔවුන් විසින් ගෝජොසොන්, බුයෝ, ගොගුර්යෝ, සහ බෙක්ජේ එකිනෙක සම්බන්ධ කළ බුයෝ භාෂාව නැමැති භාෂාවක් භාවිත කරන්නට ඇතැයි උපකල්පනය කෙරේ. දෙදිව් වහරක් (diglossia) පැවතීමට හේතුව එම ප්‍රදේශයටම සංක්‍රමණය වූ මුල්කාලීන ස්වදේශික සම්හන් ජනතාව විසින්, එකම භාෂාවේ ප්‍රභේදයක් හෝ උපභාෂාවක් කථා කිරීම වන්නට ඇත. (බලන්න බෙක්ජේ භාෂාව)
බෙක්ජේ කලා ශිල්පීහු චීන ආභාසය ලබා ගනිමින් තමන්ගේම කලා සම්ප්රදායයක් ගොඩනගා ගත්හ. බෙක්ජේ කලාකෘති සඳහා බෞද්ධ තේමා ප්‍රබල වශයෙන් මුල්කොට ගෙන ඇති බව පෙනේ. බෙක්ජේ කලාවේ විශිෂ්ඨත්වය පෙන්වන අංගයක් ලෙස බොහෝ බෞද්ධ ප්රතිමාවල දක්නට ලැබෙන මනස්කාන්ත බෙක්ජේ සිනහව සැලකෙයි. තාඕවාදී ආභාසයන් ද මෙකල පැතිර ගියේ ය. 541දී ලියෑං රාජවංශය විසින් චීන කලා ශිල්පීන් රාජධානිය වෙත එවන ලදී. මෙය සාබි යුගයේ චීන සම්ප්රදායයන් ප්‍රචලිත වීමට හේතු වන්නට ඇත.
චීන ගඩොලු සොහොන්ගැබ් අනුසාරයෙන් නිමවා ඇති මුර්යොං රජුගේ සොහොන්ගැබ (501–523) තුළින්, චීනයෙන් ආනයනිත භාණ්ඩ කිහිපයක් හමුවුව ද, එහි වූ බොහෝ අවමංගල භාණ්ඩ බෙකජේ සම්ප්රදාය අනුව නිර්මාණය කළ ඒවායි. මේ අතරට, රත්රන් කිරුළු ආභරණ, රත්රන් බඳපටි, සහ රන් කර්ණාභරණ ඇතුළත් විය. අවමංගල සම්ප්රදායයන් ද බෙක්ජේ රාජ්‍යයටම අනන්‍ය වූ ඒවා වේ. මෙම සොහොන්ගැබ උංජින් යුගයට අයත් සොහොන්ගැබකට නිදසුනක් ලෙස සැලකේ.
සියුම් පද්ම මෝස්තර සහිත උළු කැට, සංකීර්ණ ගඩොලු මෝස්තර, කුඹල් ශිල්පයේ වක්‍ර රේඛා, සහ ගලායන සහ විශිෂ්ට සමරු පාඨ බෙක්ජේ සංස්කෘතියේ අනර්ඝ නිර්මාණ වේ. බෞද්ධ ප්‍රතිමා සහ අලංකාර ස්තූප මගින් ආගමික-අතින් ශිල්පීන් හිමිකරගෙන තිබූ නිර්මාණශීලීත්වය නිරූපණය වේ. බුයෝ ප්‍රාන්තයේ න්යුංසන්-රි නැමැති බෞද්ධ විහාර භූමියේ කැනීම්වලින් හමුවූ අනර්ඝ රන්-ආලේපිත ලෝකඩ සුවඳ දාහකය (백제금동대향로 බෙක්ජේ ග්යුම්දොං දේහ්යොංනෝ) බෙක්ජේ කලාවේ මහිමය කියා පායි.
බෙක්ජේ සංගීතය පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයකි. නමුත් 7වන සියවසේ පඬුරු කප්පම් මෙහෙයුම්වල දී චීනය වෙත දේශීය සංගීතඥයන් යවා තිබේ. මේ අනුව එකල මෙහි සුවිශේෂී සංගීත සම්ප්රදායයක් තිබූ බැව් පෙනේ.
372දී, ග්‍යුන්චොගෝ රජු විසින් යැංසි ගංගා ද්‍රෝණියේ පිහිටි චීන ජින් රාජවංශයට පඬුරු කප්පම් ලබාදී තිබේ. ජින්හි බිඳවැටීමෙන් පසු, 420දී සොං රාජවංශය පිහිටුවීමත් සමග, බෙක්ජේ රාජ්‍යය සංස්කෘතික භාණ්ඩ සහ තාක්ෂණික ක්‍රම සොයාබැලීමට දූතයන් එවා තිබේ.
472දී උතුරු රාජවංශවල උතුරු වෙයි රාජවංශය වෙත පළමුවරට බෙක්ජේ රාජ්‍යය දූතයන් යවා තිබේ. එහිදී ගේරෝ රජු ගොගුර්යෝවට පහර දීමට යුධ ආධාර ඉල්ලා ඇත. මුර්යොං සහ සොං යන රජවරුන් කිහිප වරක්ම ලියෑං වෙත දූතයින් යවා ඇති අතර, එහිදී රදළ පදවි නාම හිමිවී ඇත.
මුර්යොං රජුගේ සොහොන්ගැබ ඉදිකොට ඇත්තේ ලියෑං සොහොන් සම්ප්රදාය අනුව ගඩොල්වලිනි.
උතුරින් ගොගුර්යෝවෙනුත් සහ නැගෙනහිරින් සිල්ලාවෙනුත් එල්ලවන බලපෑම්වලට මුහුණදීමට බෙක්ජේ (ජපන් බසින් කුඩාරා) රාජ්‍යය ජපානය සමග සමීප සබඳතා පවත්වා තිබේ. සම්ගුක් සගි නැමැති කොරියානු වංශකථාව අනුව, බෙක්ජේ සහ සිල්ලා රාජ්‍ය ප්රාණඇපය පිණිස කුමාරවරුන් කිහිප දෙනකු ජපන් රාජසභාව වෙත යවා තිබේ.[7] නමුත් මෙම කුමාරවරුන් ජපානය වෙත යැවුණේ තානාපතිවරුන් ලෙස රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට ද, නැතහොත් ප්‍රාණඇපකරුවන් ලෙස ද යන් මතභේදයට තුඩු දී ඇත.[8] මෙම සම්බන්ධතාවයේ ඇති අපැහැදිළි ස්වභාවය නිසා (ගැටලුව වන්නේ බෙක්ජේ කොරියානුවන් පවුලක් හෝ අවම වශයෙන් ජපන් අධිරාජ පෙළපතට සමීප පිරිසක් ද නැතහොත් ඔවුන් ප්‍රාණඇපකරුවන් වූයේ ද යන්නයි) මෙම සම්බන්ධතාව පිළිබඳ තොරතුරු ලැබෙන ප්‍රධාන මූලාශ්‍රය නිහොන් ෂොකි ග්‍රන්ථයයි. මෙය මිත්‍යා ද සමග මිශ්‍ර වී ඇති හෙයින් අධ්‍යයනය කිරීම තරමක් අපහසු ය. මේ පිළිබඳ වාර්තා කරන සම්ගුක් සගි ග්‍රනථය විවිධ අයුරින් අර්ථකථනය කළ හැකි අතර, එය 13වන සියවසේ යළි රචනා කොට ඇත්තේ මුල් සිදුවීම්වලින් සියවස් හතකට හෝ අටකට පසුවයි. මේ පිළිබඳමතභේදාත්මක තත්වයක් ගොඩනැගී ඇත්තේ (ජපානයෙන්) සොයාගැනුණු "ඉනරියාමා අසිපත ඇතුළු සෙසු අසිපත් කිහිපයක කොරියානු 'ඉදු' ලේඛන ක්‍රමය භාවිතා කොට තිබීමයි." මෙම අසිපත් "පෙක්චේහි සම්භවය ලද අතර, ඒවායේ අභිලේඛිත රජවරුන්ගේ නම් අතර ජපන් රජවරුන්ට වඩා පෙක්චේ රජවරුන්ගේ නම් දක්නට ලැබේ."[8] මෙම අසිපත් සෑදීමට භාවිතා වූ තාක්ෂණය කොරියාවේ, විශේෂයෙන්ම බෙක්ජේහි ක්‍රමවේදයට සමානත්වයක් දක්වයි.[9][10] ජපානය තුළ නම්, ප්‍රාණඇපකාර තත්ත්වය පිළිබඳ මතය ප්‍රචලිත ය.
'කොරියාවේ පෙක්චේ සහ යමාටෝ ජපානයේ සම්භවය' රචනාකරණයට දායක වූ සෙසු ඉතිහාසඥයන් සහ ශේෂව තිබූ බෙක්ජේ වාර්ෂික වාර්තා පරිවර්තනයට ආධාර වූ ජොනතන් ඩබ්. බෙස්ට්[11] පවසා ඇත්තේ මෙම කුමාරවරුන් යමාටෝ ජපානයේ පාසල් පිහිටුවූ බවත්, ගොගුර්යෝව සමග යුද්ධයේ දී ජපන් නාවික හමුදා මෙහෙයවූ බවත් ය. මේ නිසා මෙම සම්බන්ධතාව වඩාත් රාජ්‍ය තාන්ත්‍රික සහ ප්‍රාණඇපකාර තත්ත්වයකට වඩා අධිරාජ පවුල සමග කුටුම්භීය බැඳීමක් තිබූ ආකාරයක් පෙනී යයි. මීට අමතරව, පැරණි ලේඛන පරිවර්තනය අපහසු වූයේ අතීතයේ දී, "වා" යන යෙදුම හීන ස්වරූපයකින් යුතු වූ නිසායි. මෙහි අරුත වූයේ "කුරුමිට්ටා" යන්නයි. මෙයට පුරාතන සමයේ සාමාන්‍ය ජපන් ජනයාගේ කුඩා ශරීර ප්‍රමාණය හේතු වන්නට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, බෙක්ජේ බිඳ වැටීමෙන් පසු කොරියාව තුළ ලිඛිත වාර්තාවල ඇති කරුණු සත්‍ය දැයි නිර්ණය කිරීම අපහසු ය. එයට හේතුව යමාටෝ වා (ජපානය) යන යෙදුම සතුරු රාජ්‍ය විසින් භාවිතා කරන ලද අපහාසාත්මක යෙදුමක් වීමයි. (විශේෂයෙන්ම සිල්ලාව විසින්)
දිගු පුරාණ ඉතිහාස ග්රන්ථ සහ වාර්තා ගණානව්ක පැවතිය ද, ඉන් වඩාත් නිශ්චිතව නිගමනයකට එළඹිය හැක්කේ සුළු කරුණු සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පමණි. වැඩිදුර පර්යේෂණ අපහසු වී ඇත. එයට හේතුව 1976දී ජපානයේ රාජකීය සොහොන් (මේ අතරට ජින්ගූ අධිරාජිනිය භූමදාන කළ ස්ථානය යැයි යෝජනා වී ඇති ගොසාෂි සොහොන ද වේ) අධ්‍යයනයට පනවා ඇති සීමාවන් ය. 1976ට පෙර, විදේශීය පර්යේෂකයින් හටමෙම ස්ථාන වෙත ප්‍රවේශ විය හැකි වූ අතර, ඔවුහු ජපන් කැනීම් බිම්වලින් කොරියානු පුරාවස්තු සොයාගත්හ. මෑතක දී, එනම් 2008දී ජපානය විසින් සීමිත විදේශීය පර්යේෂකයන් සංඛ්‍යාවකට ඒ වෙත ප්‍රවේශ වීමට අවසර දුන් නමුත්, අන්තර්ජාතික ප්‍රජාව සතුව මෙම ඉතිහාසය සම්බන්ධයෙන් නොවිසඳුණු ගැටුල බොහෝමයක් ඇත. නැෂනල් ජියෝග්රැෆික් වරක් රචනා කළේ ජපානය "කාර්යාංශ මගිව් සොහොන්ගැබ වෙත ප්‍රවේශ වීම සීමා කොට තිබෙන්නේ කැනීම් කටයුතු මගින් "ශුද්ධ" අධිරාජ පවුල සහ කොරියාවේ රුධිර පෙළපත් අතර සම්බන්ධතා හෙළිවේ යැයි බියෙන් බවට නටකථා පැතිර යයි.— නැතහොත් ඇතැම් සොහොන්ගැබ්වල කිසිදු රාජකීය ශේෂයක් අන්තර්ගත නොවීම ද විය හැක."[12]
කෙසේවුව ද, මෙම කොරියානුවන්, විද්වතුන් සහ රාජකීය ඥාතීන් වුවත් නැතත් ඔවුන් ජපානය වෙත චීන ලේඛන කලාව, බුදු දහම, යකඩ ආයුධ තැනීමේ කලාව, සහ නොයෙකුත් තාක්ෂණික දැනුම හඳුන්වා දී තිබේ.[16][17] එයට ප්‍රතිඋපකාර වශයෙන්, ජපානය යුධ ආධාර ලබාදෙන ලදී.[18]
මතභේදාත්මක නිහොන් ෂොකි මූලාශ්‍රයේ එන පුරාණෝක්ත වාර්තා අනුව, ජින්ගූ අධිරාජිනිය විසින් බෙක්ජේ, සිල්ලා, සහ ගොගුර්යෝ රජවරුන්ගෙන් පඬුරු කප්පම් ලබාගෙන ඇති අතර, ඔවුන් සමග සන්ධානයකට එළැඹී තිබේ. 20වන සියවසේ ජපන් ජාතිකවාදයේ උච්චස්ථානයේ දී, ජපන් ඉතිහාසඥයන් මෙම මිත්‍යා වාර්තා සමග ග්වංගේටෝ ශිලා ස්තම්භයේ පෙළ යොදා ගනිමින් කොරියාව ආක්‍රමණයට ජන මතය ගොඩනගා ඇත.[19][20] සෙසු ඉතිහාසඥයන් පවසා ඇත්තේ, මෙම ජපන් වාර්තාව සනාථ කෙරෙන කිසිදු සාක්ෂියක් කොරියාවෙන් නොලැබෙන බවයි. මීට අමතරව, මෙය චීනයේ හෝ කොරියාවේ කිසිදු ජීව්‍ය සාධකයක් ද නොවේ.[21][22] පද සංයෝජනය සහ විරාම ලක්ෂණ සලකා බලා ග්වංගේටෝ ශිලාස්තම්භය වෙනස් ආකාර 4කට අර්ථකථනය කළ හැක.[8][23] ඉන් එක් විග්රහයකින් කියැවෙන්නේ කොරියාව ජලය තරණය කොට යමාටෝව මර්දනය කළ බවයි. මෙම අර්ථනිරූපණ ගැටලුව හේතුවෙන් කිසිවක් නිගමනය කළ නොහැක. මෙම ගැටලුව තවදුරටත් අවුල් සහගත තත්ත්වයට පත්ව ඇත්තේ නිහොන්ගිවලින් අමනොහිබොකෝ නැමැති කොරියානුවකු නිහොන් ෂොකි තුළ විස්තර කොට තිබීමයි. මොහු ටජිමා-නෝ-මොරොසුකු (但馬諸助) ගේ මාතෘ පාර්ශ්වීය මුතුන්මිත්තකු ලෙස දක්වා ඇත.[24] මෙවැනි විසංගත යෙදුම් හේතුවෙන් මෙය අර්ථකථනය අසීරු වී ඇත.
විද්වතුන් විශ්වාස කරන්නේ සිල්ලා සහ බෙක්ජේ ආක්‍රමණ දිනය ලෙස නිහොන් ෂොකි ලබාදෙන්නේ 4වන සියවසේ අගකාලය බවයි. කෙසේනමුත්, මේ වනවිට ජපානය ස්වදේශික පැවතියේ ගෝත්‍රවලින් සැදි ජනපද සමූහයක් ලෙසයි. ඔවුනට යකඩ ආයුධ පිළිබඳ වැඩිදියුණු දැනුමක් නොතිබිණි. නමුත් මෙකල කොරියාවේ තුන් රාජධානි හොඳින් වර්ධනය වී බලය අතින් මධ්‍යගත වී පැවතිණි. ඔවුන් දියුණු යකඩ ආයුධ තැනූ අතර, අශ්වයින් යුධ කටයුතු සඳහා යොදාගෙන තිබේ. මේ නිසා යමාටෝ වැනි වර්ධනය වෙමින් පැවති රාජ්‍යයක් සයුර තරණය කොට බෙක්ජේ සහ සිල්ලාව සමග සටනෙහි නිරත වූ බැව් විශ්වාස කළ නොහැක.[19][25][26] මේ නිසා කොරියාව සමග මුල්කාලීන සබඳතා හැදෑරීමේ දී, නිහොන් ෂොකි විශ්වසනීය නොවන මූලාශ්‍රයක් බව පිළිගැනීමයි. එහි වාර්තා බොහෝමයක් පරස්පර විරෝධී කථාපුවත් සහ මිත්‍යා සමග මුසු වී ඇත.[27][28][29]
ඇතැම් ජපන් විද්වතුන් අර්ථකථනය කරන්නේ 414දී ගොගුර්යෝවේ ජංසු රජු විසින් පිහිටුවන ලද ග්වංගේටෝ ශිලා ස්තම්භය මගින් කොරියානු අර්ධද්වීපයේ දකුණු පෙදෙසේ වූ ජපන් ආක්‍රමණයක් පිළිබඳ විස්තර වන බවයි. කෙසේනමුත්, පංකජ් මෝහන් පවසන්නේ මෙම ජපන් ආක්‍රමණය පිළිබඳ කථාව බෙක්ජේ රාජ්‍යය ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාව සාධාරණීකරණයට ගොගුර්යෝව ගෙතූ ප්‍රබන්ධයක් බවයි.[19] මෙම ශිලා ස්තම්භය කොරියානු රජකු වෙනුවෙන් පුදකළ එකක් නම්, මෙමගින් කොරියාවේ ආක්‍රමණ වර්ණනා වන බවත්, ජපානය සමග වූ සිදුවීමක් වෙනුවෙන් එය ඉදිනොකළ බවත් යමකුට තර්ක කළ හැක. කෙසේවුවත්, මෙවැනි භව්‍ය අර්ථ නිරූපණ ගණනාවක් ඇති හෙයින්, මෙම ශිලා ස්තම්භය හා සම්බන්ධ සිදුවීම් තවමත් වාද විවාදයන්ට තුඩු දී ඇත.
1980 දශකයේ චීන විද්වතුන් පිරිසක් ශිලා ස්තම්භය අධ්‍යයනයට සහභාගී වූහ. ප්‍රදේශයේ වූ ගොවීන් පිරිස්ක සමග සාකච්ඡා පැවැත්වූ වං ජියෑන්ක්වුන් පැවසූයේ මෙහි දී ප්‍රබන්ධයක් සිදුවී නොමැති බවත්, මෙහි අන්තර්ගත හුනු ප්‍රදේශයේ වූ පිටපත් තනන්නන් විසින් කියවීමේ පහසුව පිණිස ආලේප කළ ඒවා බවත් ය..[30] සමාජ විද්‍යා පිළිබඳ චීන ඇකඩමියේ ෂු ජියෑන්ෂින් විසින් 1881ට පෙර ලබාගත් ශිලා ලේඛනයේ ඇතිල්ලුම් පිටපතක් සොයාගන්නා ලදී. ඔහු නිගමනය කළේ ජපනුන් විසින් මෙම ශිලා ස්තම්භයේ වූ අක්ෂරවලට සිතාමතා හානි සිදුකොට නොමැති බවයි.[31]
වර්තමානයේ, බොහෝ ජපන් සහ චීන විද්වත්හු ශිලා ස්තම්භය පිළිබඳ අධ්‍යයන මත පදනම්ව කුමන්ත්‍රණ පිළිබඳ මතයයන් ඉදිරිපත් කරති. මෙම යුගයේ ජපන් මැදිහත් වීම් පිළිබඳ ද ඔවුහු අදහස් දක්වති.[31][32][33] නමුත් ඒවායේ ප්‍රමාණය සහ බලපෑම මතභේදිත ය.
සාමාන්‍ය ඉතිහාස පෙළපොතක් රචනා කිරීමේ ව්‍යාපෘතියේ දී, හොංගික් විශ්වවිද්‍යාලයේ (කොරියාවේ) කිම් තේ-සික් විසින් ජපන් ඉතිහාසය නොසලකා හැර තිබේ.[34] නමුත්, ජපානයේ කියුෂු විශ්වවිද්‍යාලයේ කෝසකු හමාඩා ග්වංගේටෝ ශිලාව පිළිබඳ ඔවුන්ගේ අදහස් වාර්තා කළේ ය. ඔවුන් කිසිවකු සිය අර්ථ නිරූපණයන්හි ශිලාවට කිසිවකු සිතා මතා හානි කර ඇති බවක් පිළිගෙන නැත.[35]
රාජධානිය බලයෙන් පහකිරීමට පෙර බෙක්ජේ වංශවතුන් සහ රාජකීයයන් අතුරින් ඇතැම් සාමාජිකයින් ජපානය වෙත සංක්‍රමණය වී තිබේ. බෙක්ජේහි ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ජපානය විසින් 663දී සෙන්පති අබේ නෝ හිරාෆු සමග සෙබලුන් 20,000කුත්, නැව් 1,000ක් එවන ලදී. මෙසේ සිදුකරන ලද්දේ බෙක්ජේහි උයිජාගේ පුත්‍රයකු වූ බුයෝ පුං (ජපන් බසින් හෝෂෝ නම් වේ) හට බෙක්ජේ යළි ගොඩනැගීමට ආධාර වීමටයි. 661 අගෝස්තු අවට, අබේ නෝ හිරාෆුගේ නායකත්වය යටතේ සෙබලුන් 10,000ක් සහ නැව් 170ක් පැමිණියේ ය. මීට අමතරව 662දී අමතර ජපන් ආධාර වශයෙන් කමිට්සුකෙනෝ නෝ කිමි වකාකෝගේ නායකත්වයෙන් ටුත් සෙබලුන් 27,000ක් ද, ඉයොහාරා නෝ කිමිගේ නායකත්වයෙන් යුත් සෙබලුන් 10,000ක් ද බෙක්ජේ වෙත පැමිණ ඇත.
කෙසේනමුත්, බෙක්ගං සටනේ දී මෙම වෑයම අසාර්ථක විය. කුමරු ගොගුර්යෝව වෙත පලාගියේ ය. නිහොන් ෂොකි අනුව සටනේ දී ජපන් නැව් 400ක් විනාශ විය. ජපානය වෙත යළි පැමිණීමට හැකිවූයේ සබලුන්ගෙන් අර්ධයකට පමණි.
ජපන් හමුදාව ජපානය වෙත පසුබසින විට බොහෝ බේකජේ සරණාගතයින් ද ඔවුන් සමග පැමිණ තිබේ. හිටපු රාජකීය පවුලේ සාමාජිකයින් මුලින් "විදේශීය අමුත්තන්" (蕃客) ලෙස සලකා ඇති අතර, කාලයක් යනතෙක් ජපානයේ දේශපාලන ක්‍රමයට ඔවුන් සම්බන්ධ කරගැනුණේ නැත. බුයෝ පුංගේ ලාබාල සොහොයුරාවන සුන්-ග්වං (ජපන් බසින් සෙන්කෝ) (善光 හෝ 禅広) විසින් කුඩාරා නෝ කොනිකිෂි ("බෙක්ජේහි රජ") (百濟王) යන පවුල් නාමය භාවිතා කොට තිබේ. (ඔවුන්ව කුඩාරා වංශය ලෙස ද හැඳින්විණි. ජපන් බසින් බෙක්ජේ රාජ්‍යය කුඩාරා නම් වීම එයට හේතුවයි.)
කොරියාවේ පසුකාලීන තුන් රාජධානි සමයේ එක්සත් සිල්ලාව බිඳවැටීමක් සමග බෙක්ජේ රාජ්‍යය කෙටිකාලීනව යළි ඉස්මතු විය. 892දී, ග්යොන් හ්වොන් සෙන්පතියා විසින් හුබෙක්ජේ (“පසුකාලීන බෙක්ජේ”) රාජ්‍යය වන්සන් (වර්තමාන ජොන්ජු) ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී. නමුත් 936දී ගොර්යෝහි තේජෝ විසින් හුබෙක්ජේ රාජ්‍යය අහෝසි කර ඈඳාගන්නා ලදී.
සමකාලීන දකුණු කොරියාව තුළ, බෙක්ජේ පුරාවස්තු නිරිතදිග ප්‍රදේශයේ දේශීය සංස්කෘතියේ සංකේතයන් ලෙස බොහෝ අවස්ථාවන්හි දී භාවිතා වේ. විශේෂයෙන්ම චුංනම් සහ ජොල්ලා ප්‍රදේශ මෙහි දී වැදගත් වේ. උදාහරණයක් ලෙස ආලේපිත ලෝකඩ සුවඳ දාහකය බුයෝ ප්‍රාන්තයේ ප්‍රධාන සංකේතයක් ලෙස සැලකෙන අතර, බෙක්ජේ යුතයට අයත් සෝසන් මාඑසම්ජොන්බුල්සංහි බෞද්ධ ශිලා ප්‍රතිමා සෝසන් නගරයේ වැදගත් සංකේතයකි.
2009 අප්‍රේල් 17 දින, ඕයුචි වංශයේ ඕයුචි කිමියෝ (大內公夫) කොරියාවේ ඉක්සන් වෙත පැමිණ සිය බෙක්ජේ මුතුන් මිත්තන්ට බුහුමන් දක්වන ලදී.[36]
2010දී, බෙක්ජේ සංස්කෘතික භූමිය ප්‍රේක්ෂකයන් හට විවෘත කෙරිණි. මෙම තේමා උද්‍යානයේ අරමුණ වන්නේ බෙක්ජේ ගෘහනිර්මාණ ශිල්පය සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීමයි.[37]
මෙම යුගයට අයත් නෂ්ටාවශේෂ සහිත ස්ථාන ඇතුළත් බෙක්ජේ ඓතිහාසික ප්‍රදේශ 2015දී, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කෙරිණි.[38]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.