![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/79/Alpha_Decay.svg/langsi-640px-Alpha_Decay.svg.png&w=640&q=50)
විකිරණශීලී ක්ෂය වීම
From Wikipedia, the free encyclopedia
අස්ථායී පරමාණුක න්‍යෂ්ටියක් අයනීකෘත අංශු පිට කරමින් වඩා ස්ථායී අවස්ථාවකට පත් වීම විකිරණශීලී ක්ෂය වීම නම් වේ. න්‍යෂ්ටියක ඇති නියුක්ලියෝන එකිනෙක බැඳ තබා ගන්නා ප්‍රබල බල න්‍යෂ්ටියේ අරයට සාපේක්ෂව කුඩා වූ විට පරමාණුක න්‍යෂ්ටියක් අස්ථායී අවස්ථාවකට පත් වේ. විකිරණශීලී ක්ෂය වීමකදී α-අංශු, β-අංශු, ප්‍රෝටෝනය, නියුට්‍රෝන,නියුට්රිනෝ අංශු සහ γ-කිරණ යන විවිධ වර්ග වල විකිරණ නිකුත් වේ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/79/Alpha_Decay.svg/220px-Alpha_Decay.svg.png)
මෙහිදී එක් මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකට තත්වාන්තරණය වේ. පෘථක්කරණය වීමට පෙර තිබූ මුල් මූලද්‍රව්‍යය පීතෘ මූලද්‍රව්‍යය ලෙස ද පසුව සෑදෙන නව මූලද්‍රව්‍යය දුහිතෘ මූලද්‍රව්‍යය ලෙස ද හැඳින්වේ. මෙය කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව අහඹු ස්වයංසිද්ධ විමෝචනයක් ලෙස සිදු වේ. විකිරණශීලී ක්ෂය වීම සිදු කරන සමස්ථානික විකිරණශීලී යැයි කියනු ලැබේ. විකිරණශීලී සමස්ථානිකයක් නිදහසේ තැබූ විට එහි ඇති න්‍යෂ්ටි සංඛ්‍යාවෙන් හරි අඩක් ක්ෂය වීමට ගත වන කාලය එම සමස්ථානිකයේ අර්ධ ආයු කාලය ලෙස හැඳින්වේ.