![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/48/Varunadeva.jpg/640px-Varunadeva.jpg&w=640&q=50)
වරුණ
From Wikipedia, the free encyclopedia
වරුණ (සංස්කෘත: वरुण) වරුණ යනු මුලින් අහස හා පසුව සාගරය මෙන්ම යුක්තිය සහ සත්‍ය සත්‍යය)සමඟ සම්බන්ධ වූ වෛදික දෙවියෙකි. ඔහු ඍග් වේදයේ 7.86 ගීතිකාව වැනි හින්දු ආගමේ වෛදික සාහිත්‍යයේ පැරණිතම ස්ථරයේ දක්නට ලැබේ. දෙමළ ව්‍යාකරණ කෘතිය වන තොල්කාප්පියම් හි ද ඔහු සාගරයේ සහ වර්ෂාවේ දෙවියන් වන කඩලෝන් ලෙස සඳහන් වේ.[1] ඔහු කශ්‍යපගේ (පුරාණ සෘෂිවරුන් හත්දෙනාගෙන් කෙනෙකි) පුත්‍රයා බව පැවසේ.[2]
Quick Facts වරුණ, වාසභවනය ...
වරුණ | |
---|---|
ජලයට අධිපති දෙවියන් | |
![]() | |
වාසභවනය | ජල ලෝකය |
මන්ත්‍රය | ඕම් ජල බිම්භාය
විද්මහේ නිල පුරුෂයා ධීමහේ තන්නෝ වරුණ ප්රචෝදයත් සහ ඕම් වරුණාය නමා |
ආයුධය | වරුණාස්රය,තොණ්ඩුව |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | වරුණානි[lower-alpha 1][3] |
දෙමාපියන් |
|
වාහනය | මකරා හෝ කිඹුලා |
Close
හින්දු පුරාණ වල, වරුණ සාගරයට අධිපති දෙවියන් වන අතර, ඔහුගේ වාහනය මකර (කිඹුලෙකු) වන අතර ඔහුගේ ආයුධය පාෂය යි.[4][5] ඔහු බටහිර දිශාවේ මුර දේවතාවා ය.[6] සමහර ග්‍රන්ථවල ඔහු වෛදික සෘෂිවරයක් වූ වසිෂ්ඨගේ පියා ය.[4]