From Wikipedia, the free encyclopedia
රසදිය (ඉංග්‍රිසි : Mercury) යනු Hg යන සංකේතය සහ පරමාණුක ක්‍රමාංකය 80 සහිත රසායනික මූලද්‍රව්‍යයකි.
| |||||||||||||||
මුහුණුවර | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
රිදීවන් ලෝහමය ද්‍රවයක් | |||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | Mercury, Hg, 80 | ||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | [[ආන්තරික ලෝහ]] | ||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | 12, 6, d | ||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 200.592 g·mol−1 | ||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Xe] 4f14 5d10 6s2 | ||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 18, 32, 18, 2 | ||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||
අවධිය | ද්‍රව | ||||||||||||||
ද්‍රවාංකය | 63.15 K, −38.8290 °C | ||||||||||||||
තාපාංකය | 356.73 °C | ||||||||||||||
විලයන එන්තැල්පිය | 2.29 kJ·mol−1 | ||||||||||||||
වාෂ්පීභවන එන්තැල්පිය | 59.11 kJ·mol−1 | ||||||||||||||
වාෂ්ප පීඩනය | |||||||||||||||
| |||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||
ඔක්සිකරණ අංකය | 2, 1, -2 (දුබලභාෂ්මික ඔක්සයිඩ) | ||||||||||||||
විද්‍යුත් ඍණතාව | 2.00 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||
පරමාණුක අරය | 151 pm | ||||||||||||||
ප්රකීර්ණක | |||||||||||||||
ස්එටික ආකෘතිය | ෂඩාස්රාකාර | ||||||||||||||
චුම්බකත්වය | ද්විචුම්භක | ||||||||||||||
තාප සන්නායකතාව | (300 K) 8.30 W·m−1·K−1 | ||||||||||||||
ධ්වනි වේගය | (liquid, 20 °C) 1451.4 m/s | ||||||||||||||
CAS ලේඛනගත අංකය | 7439-97-6 | ||||||||||||||
රසදිය සහ එහි බොහෝ සංයෝග අතිශයින් විස සහිත වන අතර පරිස්සමින් පරිහරණය කළ යුතුයි; රසදිය හා සම්බන්ධ ඉසිරීම් වලදී (සමහරක් උෂ්ණත්වමාන හෝ ප්‍රතිදීප්ත විදුලි බුබුළු වලින් වැනි), විශේෂිත පිරිසිදු කිරීමේ පටිපාටි භාවිතා කරන්නේ නිරාවරණය මගහැරීමට සහ ඉසිරීම සීමා කරගැනුමටය. [1] නියමාවලීන් විසින් කියාසිටිනුයේ, දැඩි පෘස්ඨයන් මත වන්නාවූ කුඩා බිඳිති භෞතික වශයෙන් එක්කාසු කිරීමෙන්, ඇස් බිංදුකරයක් මගින් පහසුවෙන් ඉවත් කර ගත හැකි වන අයුරින්, එක් විශාල සංසදයක් බවට පත්කිරීම හෝ බැහැර දිය හැකි බඳුනකට සෙමෙන් තල්ලු කිරීම කළ යුතු බවයි. රික්ත ශෝධකයන් සහ කොසු විසින් රසදිය වඩාත් විශාල ලෙසින් විසිරණය කරන බැවින් ඒවා භාවිතා නොකල යුතුයි. ඉන් අනතුරුව, සිහින් සල්ෆර් (ගෙන්දගම්), සින්ක් (තුත්තනාගම්), හෝ සාමාන්‍ය උෂ්ණත්වයෙහිදී රසදිය සමග විගසින් සංරසයක් (මිශ්‍ර ලෝහයක්) සදන වෙනත් කුඩක් ප්‍රදේශය මත ඉස පසුව එය එක්කාසු කොට ඉවත දැමිය යුතු වෙයි. සවිවර පෘෂ්ඨ හෝ රෙදි හෝ පිරිසිදු කිරීමෙන් රසදිය සියළු අංශු මාත්‍ර ඉවත් කිරීම කළ නොහැක්කක් බැවින්, රසදිය ඉසිරීමකට ඒවැන්නක් ලක් වුවහොත් ඒවා බැහැර කළ යුතු බවට නිර්දේශ කෙරෙයි.
සම සහ ශ්ලේෂ්මල පටලය ඔස්සේ රසදිය අවශෝෂණය විය හැකි අතර රසදිය වාෂ්ප ආශ්වාස කළ හැකි බැවින් ඉසිරීම සහ වාෂ්පීභවනය වැලැක්වීමට රසදිය බඳුන් ආරක්ෂිතව වසා තැබිය යුතු වෙයි. රසදිය හෝ රත් කළ විට වියෝජනය විය හැකි එහි සංයෝග හෝ රත් කරන විට ප්‍රමාණවත් වාතාශ්‍රයක් සහිත ස්ථානයන්හී එය සිදුකෙරෙන්නේ රසදිය වාෂ්පයට නිරාවරණය වීම වැලැක්වීමටය. රසදියෙහි වඩාත් විෂ සහිත ආකාර වන්නේ, ඩයිමීතයිල්මර්කරි සහ මීතයිල්මර්කරි වැනි එහි කාබනික සංයෝග වෙති. සිනබාර් වැනි අකාබනික සංයෝගයන්ද අතිශයින් විෂ සහිත වන්නේ අධිග්රහණය හෝ ආශ්වාසය හෝ ඔස්සේය. [2] රසදිය විසින් නිදන්ගත සහ උග්‍ර විෂවීම් ඇති කළ හැක.
පූර්ව-කාර්මීකකරන යුගයෙහිදී, වායුගෝලයෙන් රසදිය තැන්පත්වීමේ සීඝ්‍රතාවය 4 නැග්රෑ /(අයිස් තැන්පත්වීම 1 ලී) පමණ වන්නට ඇත. ස්වභාවික නිරාවරණ මට්ටම එපමණකැයි සැලකිය හැකි වුවද, ප්‍රාදේශීය හෝ ගෝලීය ප්‍රභව නිසා මෙම අගය වෙත සැලකිය යුතු බලපෑම් ඇති වෙයි. යමහල් විදාරණය නිසා වායුගෝලීය ප්රභවය 4–6 ගුණයකින් ඉහළ නැංවිය හැක. [3]
යමහල් වැනි ස්වභාවික ප්‍රභව, වායුගෝලීය රසදිය විමෝචනයෙන් අඩකට පමණ හේතු වෙයි. . මිනිසුන්-විසින්-ජනිත ඉතිරි අඩ, පහත ඇස්තමේන්තුගත ප්‍රතිශත වලට බෙදා වෙන් කෙරෙයි: [4][5] [6]
ඉහත ප්‍රතිශතයන්, 2000 දී මිනිසුන්-විසින්-ජනිත ගෝලීය රසදිය විමෝචනයන්හී ඇස්තමේන්තු වන අතර, සමහර ප්රාදේශිකයන්හී වැදගත් ප්‍රභවයක් වන, ජෛව ස්කන්ධ එයට ඇතුලත් නොවේ. [4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.