![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a9/Mahavidyas.jpg/640px-Mahavidyas.jpg&w=640&q=50)
මහාවිද්‍යා
From Wikipedia, the free encyclopedia
මහාවිද්‍යාවෝ (මහා විද්‍යාවන්) හෙවත් දශ-මහාවිද්‍යාවෝ යනුවෙන් හැඳින්වෙන්නේ විශ්වයේ ආරම්භයේ සිට විනාශය දක්වා පැවතෙන්නා වූ ආදි පරාශක්තියේ විද්‍යාවන් 10ක් පිළිබඳවයි.[1] එම මහාවිද්‍යාවන් 10 දෙනා වන්නේ කාලී, තාරා, ත්‍රිපුර සුන්දරී, භුවනේශ්වරී, භෛරවී, චින්නමස්තා, ධුමාවතී, බගලාමුඛී, මාතංගී සහ කමලා ය.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a9/Mahavidyas.jpg/640px-Mahavidyas.jpg)
ඡින්නමස්තා, ධූමාවතී, බගලාමුඛී, මාතංගී සහ කමලා.
ක්‍රිස්තු වර්ෂ 1700 දී එහි උච්චතම අවස්ථාවට ළඟා වූ ශක්ති වාදයේ භක්ති අංශයේ නැගීම සනිටුහන් කරන බැවින් මහාවිද්යාවේ දියුණුව ශක්ත නිකායේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් නියෝජනය කරයි.
ශක්ත බැතිමතුන් විශ්වාස කරන්නේ එකම සත්‍ය දස ආකාරයකින් විද්‍යාමන වන බවයි. ශක්ත වාදයේ එක් ගුරු සම්ප්රදායකට අනුව මහාවිද්‍යාවන් මහාකාලි දේවියගේ ස්වරූප ලෙසින් හැඳින්වේ. මෙම සමස්ථ මහාවිද්‍යාවන් මණිද්වීපය තුළ වාසය කරයි.