මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර්
දකුණු කොරියානු රුපවාහිනි කතා මාලාව / From Wikipedia, the free encyclopedia
මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර් (කොරියානු: 별에서 온 그대; ප්‍රරෝ: Byeoreseo on geudae; වචනාර්ථයෙන් තරු වෙතින් පැමිණි මා පෙම්බරා; චීන:来自星星的你 ; කෙමර්:សង្សារខ្ញុំជាមនុស្សភពផ្កាយ; බෙංගාලි: তারা থেকে এলে তুমি [1][2] ) යනු, ජෝසං රාජ වංශය සමයෙහිදී පෘථිවියට ගොඩ බැසි සහ, වසර 400 කට පසුව, නූතන යුගයෙහි ඉහළ පෙලෙහි නිළියක් සමගින් ආලයෙන් වෙලෙන පිටසක්වල ජීවියෙක් පිළිබඳ, දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවකි.[3] 2013 දෙසැම්බර් 18 දින සිට 2014 පෙබරවාරි 27 දක්වා බදාදා සහ බ්‍රහස්පතින්දා දින වල පැය 21:55 ට කථාංග 21 ක් ඔස්සේ එස්බීඑස් තුලින් එය විකාශය කෙරිණි;[4] නිෂ්පාදන සමාගම විසින්, කථාංග-20 කින් සමන්විත මුල් කතාමාලාව, එක් කථාංගයකින් දීර්ඝ කලේ, නරඹන්නන්ගේ දැඩි ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.[5]
Quick Facts මෙලෙසද හැඳින්වේ, ප්‍රභේදය ...
මෙලෙසද හැඳින්වේ | යූ හූ කේම් ෆ්‍රොම් ද ස්ටාර්ස් යූ ෆ්‍රොම් අනදර් ස්ටාර් මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර්ස් මයි ලව් ෆ්‍රොම් අනදර් ස්ටාර් මෑන් ෆ්‍රොම් ද ස්ටාර්ස් මෑන් ෆ්‍රොම් අනදර් ස්ටාර් මයි බෝයිෆ්‍රෙන්ඩ් ඊස් අ ස්පේස් ඒලියන් |
---|---|
ප්‍රභේදය | ප්‍රේම වෘත්තාන්තය ප්‍රහසනය නාටකය විද්‍යා ප්‍රබන්ධය |
රචනය කලේ | පක් චී-උන් |
අධ්‍යක්ෂණය කලේ | ජං ටේ-යූ |
රඟපෑම | කිම් සූ-හ්යං ජං ජී-හ්යුං පක් හේ-චිං යූ ඉන්-නා |
ඇරඹුම් තේමාව | "මයි ඩෙස්ටිනි": ලිං විසින් |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 21 |
විධායකනිෂ්පාදක(යෝ) | චොයි මූන්-සක් |
නිෂ්පාදක(යෝ) | මුන් පූ-මී |
ස්ථානය(න්) | කොරියාව |
සිනෙමාරූපණය | ලී ජිල්-බොක් ජං මිං-ග්‍යුන් |
කැමරා සැලැස්ම | බහු-කැමරා සැලසුම |
ධාවන කාලය | විනාඩි 70 |
නිෂ්පාදන සමාගම | එච්බී එන්ටර්ටේන්මන්ට් |
මුල් නාලිකාව | එස්බීඑස් සහ ප්‍රාදේශීය අනුබද්ධිතයන් |
රූප ආකෘතිය | 1080i (HDTV) |
මුල් ධාවනය | 18 දෙසැම්බර් 2013 (2013-12-18) – 27 පෙබරවාරි 2014 (2014-02-27) |
පූර්වගමනය වනුයේ | The Heirs |
අනුගමනය වනුයේ | Three Days |
වෙබ් අඩවිය |
Close