බ්රාහ්මී අක්ෂර
මධ්‍යම සහ දකුණු ආසියාවේ භාවිතා වූ පුරාතන අක්ෂර ක්‍රමය / From Wikipedia, the free encyclopedia
බ්රාහ්මී (/ˈbrɑːmi/; IAST: Brāhmī) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන භාරතීය අක්ෂර ක්‍රමයක් හැඳින්වීම උදෙසා භාවිතා වන නූතන නාමයකි.[2][3] බ්රාහ්මී ලේඛන ක්‍රමය හෙවත් අක්ෂර මාලාව අවම වශයෙන් ක්‍රි.පූ. තෙවන සියවස පමණ වනවිට මනාව වර්ධනය වී දකුණු ආසියාව තුළ සාර්වත්‍ර ලේඛන ක්‍රමයක් ලෙසින් භාවිතා වන්නට ඇති බව පෙනේ.[3] ක්‍රි.පූ. තෙවන සහස්රකයේ භාවිතා වූ ඉන්දු නිම්න අක්ෂර, ක්‍රි.පූ. සතරවන හෝ පස්වන සියවසේ වයඹදිග පාකිස්තානයේ සම්භවය වූ ඛරෝෂ්ඨී අක්ෂර,[4] මධ්‍යකාලීන යුගයේ සිට භාවිතයට පැමිණි පාරසික-අරාබි අක්ෂර සහ නූතන යුගයේ ලතින් අක්ෂර හැරුණුවිට දකුණු ආසියාව තුළ භාවිතා වන සෙසු සියලු අක්ෂර මාලා සම්භවය වී ඇත්තේ මම පොදු පූර්වජ අක්ෂර ක්‍රමයෙනි.[3] මෙම අක්ෂර ක්‍රමයෙන් සම්භවය වූ බ්රාහ්මීය අක්ෂර පවුලට අයත් අක්ෂර මාලා, දකුණු ආසියාවේ පමණක් නොව වර්තමානයෙහි අග්නිදිග ආසියාව තුළ ද භාවිතා වේ.[5][6][7]
බ්රාහ්මී | |
---|---|
වර්ගය | |
භාෂා | ප්රාකෘත, සංස්කෘත, ශක, දෙමළ, කන්නඩ, Tocharian |
කාල වකවානුව | අවම වශයෙන් ක්‍රි.පූ. 3වන සියවස පමණ[1] සිට ක්‍රි.ව. 5වන සියවස දක්වා |
මාතෘ ක්‍රම | ප්‍රාක්-සිනායිතික අක්ෂර?
|
දූහිතෲ ක්‍රම | ගුප්ත සහ විවිධ දූහිතෲ අක්ෂර මාලා |
සහෝදර ක්‍රම | ඛරෝෂ්ඨී |
දිශානතිය | Left-to-right |
ISO 15924 | Brah, 300 |
යුනිකේත අන්වර්ථ | Brahmi |
යුනිකේත පරාසය | U+11000–U+1107F |