![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f9/Muscle_Tissue_%25281%2529.svg/langsi-640px-Muscle_Tissue_%25281%2529.svg.png&w=640&q=50)
පේශි පටකය
From Wikipedia, the free encyclopedia
පේශි පටකය (ඉංග්‍රීසි: Muscle tissue) යනුවෙන් හඳුන්වන්නේ සත්ත්ව දේහ තුළ පිහිටන පේශිවලින් සමන්විත මෘදු පටකයකි. මෙය පේශිවල සංකෝචන හැකියාවට හේතු වේ. මෙය කණ්ඩරා හෝ පෙරිමයිසියම වැනි පේශියෙහි ඇති සෙසු අංග සහ පටකවලට විරුද්ධ අයුරින් ක්‍රියා කරයි. මෙය ඇතිවන්නේ කලල වර්ධනයේ දී පේශිජනනය නැමැති ක්‍රියාවලියක් ඔස්සේ ය.[1]
පේශි පටකය | |
---|---|
![]() මිනිස් සිරුර පේශි පටක ආකාර තුනකින් සමන්විත ය: (a) කංකාල පේශි, (b) සිනිඳු පේශි, සහ (c) හෘත් පේශි. (සමාන විශාලනයෙන් යුතුව දක්වා ඇත) | |
![]() විවිධ පේශි සෛල පෙන්වන දළ සටහනක් (ඉහළ දක්වා ඇති පිළිවෙලටම වේ). | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
පේශි පටකය එහි කෘත්‍යය සහ සිරුරේ පිහිටි ස්ථානය අනුව විවිධ වේ. ක්ෂීරපායීන් තුළ පේශි පටක තුන් ආකාරයක් හමු වේ: එනම් කංකාල හෙවත් විලිඛිත පේශි; සිනිඳු හෙවත් නිර්විලිඛිත පේශි සහ හෘත් පේශි (ඇතැම් අවස්ථාවල අර්ධ විලිඛිත පේශි යැයි හැඳින්වේ) වේ. සිනිඳු සහ හෘත් පේශි අනිච්ඡානුගව ක්‍රියා කරයි. එයට සචේතනික මැදිහත් වීමක් අවශ්‍ය නොවේ. මෙම පේශි වර්ග ඇතැම්විට මධ්‍ය ස්නායු පද්ධතියේ අන්තර් ක්‍රියාකාරීත්වයෙන් මෙන්ම පර්යන්ත ප්රතානවලින් ස්නායුතනයෙන් හෝ අන්තරාසර්ග (හෝර්මෝනමය) ක්‍රියාකාරීත්වය නිසා ද ක්‍රියාත්මක වේ. විලිඛිත හෙවත් කංකාල පෙශි පමණක් මධ්‍ය ස්නායු පද්ධතියේ බලපෑම අනුව ඉච්ඡානුගව සංකෝචනය වේ. ඉච්ඡානුග ක්‍රියාකාරීත්වයකින් තොරව කංකාල පේශිවල ප්රතීක ක්‍රියා ඇතිවන නමුත්, ඒවා ද මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සිදුවේ. එසේ වුව ද, සංකෝචනය සිදුවන තෙක් බාහික ව්‍යූහයන් මෙයට දායක නොවේ.[1]
ඇසිටයිල්-කෝලින්, නොරැඩ්‍රිනලින්, ඇඩ්රිනලින්, නයිට්‍රික් ඔක්සයිඩ් වැනි ස්නායු සම්ප්‍රේෂක සහ අන්තරාසර්ග ද්‍රව්‍යවලට වෙනස් පේශී ප්‍රභේද දක්වන ප්‍රතිචාර විවිධත්වයක් පෙන්වයි.මේවා පේශී වර්ගය සහ පේශියේ නිශ්චිත පිහිටීම අනුව රඳා පවතී.[1]
පේශි පටකය උප-ප්‍රවර්ගීකරණයට ද ලක් කළ හැක. මෙහි දී අන්තර්ගත මයෝග්ලොබින්, මයිටොකොන්ඩ්‍රියා, මයොසින් ATPase ප්‍රමාණය ආදිය සැලකිල්ලට ගත හැක.