අන්තරාසර්ග පද්ධතිය
From Wikipedia, the free encyclopedia
අන්තරාසර්ග පද්ධතිය (ඉංග්‍රීසි: Endocrine system) යනු හෝර්මෝන නැමැති බහිස්සෛලීය පණිවිඩකාරක අණු ශ්‍රාවය කිරීමට සහභාගී වන කුඩා ඉන්ද්රියයන් සංකලිත වූ පද්ධතියකි. අන්තරාසරග පද්ධතිය උපකාරී වන්නේ, පරිවෘත්තීය ක්‍රියා පාලනය , වර්ධනය සහ විකසනය, ලිංගික පරිනතිය, පටක ක්‍රියාකාරීත්වය යන ක්‍රියා සඳහාය. එමෙන්ම මනෝභාවයන් තීරණය කිරීමෙහිලා ද ක්‍රියාකාරී වෙයි. [1]අන්තරාසර්ග පද්ධතියේ ආබාධ සමඟ සම්බන්ධ වන වෛද්‍ය ක්ෂේත්රය අන්තරාසර්ග විද්‍යාව ලෙස හැඳින්වේ. මෙය අභ්‍යන්තර වෛද්‍ය (ශල්‍ය නොවන) ප්‍රතිකාර ක්‍රම ක්ෂේත්රයේ එක් අංශයකි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/d/da/Illu_endocrine_system.png)