ප්‍රතිශෝධිත රෝමානුකෘත කොරියන් භාෂාව
From Wikipedia, the free encyclopedia
ප්‍රතිශෝධිත රෝමානුකෘත කොරියන් භාෂාව (කොරියානු:국어의 로마자 표기법 ගුගොඋයි රොමජා ප්යොගිබොප්; සාහිත්‍යමය "ජාතික භාෂාවේ රෝමානු අක්ෂර අංකනය") යනු දකුණු කොරියාවේ නිල කොරියානු භාෂා රෝමානුකරණ පද්ධතිය වේ. මෙය සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද්දේ පැරණි මැකූන්-රයිෂවර් පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ය. මෙම නව පද්ධතිය තුළ අක්ෂරයක විවිධ ශබ්ද හැඳින්වීමට යොදන ලකුණු ඉවත් කොට ඇති අතර, තනි ශබ්ද හඟවන අක්ෂර ද්විත්වයන් භාවිත කොට තිබේ. එය කොරියානු ශබ්දවිද්‍යාව සමීපව අනුගමනය කරමින්, ස්වදේශික-නොවන පරිශිලකයිනට භාෂාව හැසිරවීම පහසුකොට ඇත.
මෙම ප්‍රතිශෝධිත රෝමානුකරණය ISO මූලික ලතින් හෝඩියට පමණක් සීමා වී ඇති අතර, නිතරම යා-ඉර (-) භාවිත කරනු දක්නට ලැබේ. මෙය 1995 සිට කොරියානු භාෂා ජාතික ඇකඩමිය මගින් සංවර්ධනය කරන ලද අතර, 2000 ජූලි 7වන දින සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය මගිනමෙහජනයාට මුදාහැරි අතර, ප්‍රකාශන අංක. 2000-8 මගින් නව පද්ධතිය භාවිතයට පහත හේතූන් දක්වා ඇත:[1]
- මෙමගින් ස්වදේශික කොරියානු පරිශීලකයිනට ස්ථාවර රෝමානුකරණයක් ලබා දෙමින්, වැදගත් භාෂා ලක්ෂණ පරිවර්තනය කරයි.
- මෙය තනි උඩුකොමාව සහ අක්ෂරයක විවිධ ශබ්ද හඟවන ලකුණු භාවිත නිසා ඇති වන පැටලිලි සහගත තත්ත්වයන් අවම කරයි.
- එය අන්තර්ජාල වසම් නාමයන්හි සරල ASCII පාඨ සමග කොරියානු භාෂාව පරිමේය කරයි.