මැකූන්-රයිෂවර්
From Wikipedia, the free encyclopedia
මැකූන්-රයිෂවර් රෝමානුකරණය /məˈkuːn ˈraɪ.ʃaʊ.ər/ යනු වඩාත් පුළුල්ව භාවිතා වන කොරියානු භාෂා රෝමානුකරණ පද්ධති දෙක අතරින් එකකි. (අනෙක් රෝමානුකරණය වන්නේ ප්‍රතිශෝධිත රෝමානුකෘත කොරියානු භාෂාව යි) මෙම (වැඩිදියුණු කළ) මැකූන්-රයිෂවර් ක්‍රමය 2000දී දකුණු කොරියාවේ නිල රෝමානුකරණ පද්ධතිය ලෙස ප්‍රකාශ කරන ලදී. මැකූන්-රයිෂවර් පද්ධතියේ වෙනත් ප්‍රභේදයක් උතුරු කොරියාව සිය නිල පද්ධතිය ලෙස භාවිතා කරනු ලබයි.[තහවුරු කර නොමැත]
මෙම පද්ධතිය නිර්මාණය කරන ලද්දේ 1937දී ජෝර්ජ් එම්. මැකූන් සහ එඩ්වින් ඕ. රයිෂවර් විසිනි. මෙමගින් කොරියානු හංගුල් අක්ෂර පරිවර්තනයට උත්සාහ නොගැණුනු අතර, එමගින් ශබ්දමය උච්චාරණය නිරූපණයට උත්සාහ ගැනිණි. කොරියාවෙන් පිටත මැකූන්-රයිෂවර් පද්ධතිය බහුලය භාවිතා කෙරේ. 1984 සිට 2000 දක්වා දකුණු කොරියාව තුළ මෙහි ප්‍රභේදයක් නිල රෝමානුකරණ පද්ධතිය ලෙස භාවිතා කෙරිණි. මීට අමතරව යේල් රෝමානුකරණ පද්ධතිය නම් වූ තෙවන පද්ධතියක් ද ඇති අතර, එය භාවිතා වන්නේ ශාස්ත්රාලීය සාහිත්‍යමය කටයුතුවලදී පමණි. 20වන සියවසේ මුල්කාලයේ කොරියාව කෙරෙහි වූ රුසියානු ලැදියාව හේතුවෙන්, සිරිලික් වර්ණමාලාව තුළ කොරියානු නිරූපණයට ගත් උත්සාහයක් ලෙස කොන්ට්සෙවිච් පද්ධතිය බිහි විය.