![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f0/Pandava_Cave_Temple%252C_Mahabalipuram.jpg/640px-Pandava_Cave_Temple%252C_Mahabalipuram.jpg&w=640&q=50)
පංචපාණ්ඩව ලෙන් දේවාලය
From Wikipedia, the free encyclopedia
පංචපාණ්ඩව ලෙන් දේවාලය (හෙවත් පංච පාණ්ඩව දේවාල සහ පංචපාණ්ඩවයන්ගේ මණ්ඩපය) යනුවෙන් හඳුන්වන්නේ මහාබලිපුරම්හි පිහිටි ස්මාරකයකි. මෙය ඉන්දියාවේ තමිල් නාඩු ප්රාන්තයේ කාංචීපුරම් දිස්ත්රික්කය තුළ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ පිහිටා ඇත. මෙම මණ්ඩපය මහාබලිපුරම් ස්මාරක සමූහයට අයත් කොටසකි.[1] මෙහ මහාබලිපුරම්හි පිහිටි විශාලතම ලෙන් දේවාලය ද වේ.[තහවුරු කර නොමැත] මෙය පසුකාලීන 7වන සියවසට අයත් ඉන්දියානු ගලෙහි නෙළූ ගෘහනිර්මාණ ශිල්පය සඳහා විශිෂ්ට නිදසුනකි. මෙම දෙවොල පුරාතන විශ්වකර්ම ස්ථපතිවරුන්ගේ ශෛලමය ගෘහනිර්මාණ ශිල්පයේ අනර්ඝ නිමැවුමකි. මහාබලිපුරම් ස්මාරක සමූහය අතුරින් එකක් වන මෙය 1984දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස අභිලේඛනය කරන ලද්දේ නිර්ණායක i, ii, iii සහ iv අනුවයි.[2]
Quick Facts පංචපාණ්ඩව ලෙන් දේවාලය, මූලික තොරතුරු ...
පංචපාණ්ඩව ලෙන් දේවාලය | |
---|---|
![]() පංචපාණ්ඩව ලෙන් දේවාලය, 1860දී | |
මූලික තොරතුරු | |
පිහිටීම | මහාබලිපුරම් |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්රික්කය | කාංචිපුරම් දිස්ත්රික්කය |
ජනපදය | තමිල් නාඩු |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්රභේදය | ද්රවිඩියානු ගෘහනිර්මාණ ශිල්පය |
නිර්මාපක | නරසිංහවර්මන් I මාමල්ල, පල්ලව රාජවංශය |
අභිලේඛන | 1984 ලෝක උරුම අඩවියක් ලෙස මහාබලිපුරම් ස්මාරක සමූහයේ යුනෙස්කෝ අභිලේඛනය[1] |
Close