නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව
From Wikipedia, the free encyclopedia
නිල වශයෙන් ඕර්තඩොක්ස් කතෝලික සභාව [1][2][3][4][5] ලෙසින් මෙන්ම ඕර්තඩොක්ස් සභාව සහ ඕර්තඩොක්ස් ආගම ලෙසින්ද හැඳින්වෙන,, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව [6] [7] [8] යනු, ප්රාථමික වශයෙන් නැගෙනහිර සහ අග්නිදිග යුරෝපයෙහි සහ මැද පෙරදිග ප්රදේශ වල, ඇස්තමේන්තුගත 225–300 මිලියන සැදැහැවතුන් ගණනක් සමගින්, ලෝකයේ දෙවන විශාලතම ක්රිස්තියානි සභාව වෙයි. බෙලාරූස්, බල්ගේරියාව, සයිප්රසය, ජෝර්ජියාව, ග්රීසිය, මැසඩෝනියාව, මෝල්ඩෝවා, මොන්ටිනිග්රෝ, රුමේනියාව, රුසියාව, සර්බියාව, සහ යුක්රේනය යන රටවල ජනගහණයෙහි බහුතර ප්රමාණයක ආගමික ඇදහිල්ල එය වෙයි; සැලකිය යුතු සුළුතරයක් ජෝර්දානයේ, ඊශ්රායෙලයේ, ලෙබනනයේ සහ සිරියාවේ සිටිති.